මානව ප්‍රාග්ධනයේ හැරවුම
සමාජ සංවර්ධනයට අනුගත ශික්ෂණය මානව සමාජය ඉදිරියට ගමන් කරන්නේ නිෂ්පාදනයේ වර්ධනය සමඟ. නිෂ්පාදනය වර්ධනය සඳහා නිෂ්පාදන බලවේග නම් ද්‍රව්‍යමය සාධකය අත්‍යවශ්‍ය වෙනවා. දියුණු කරන ලද මානව ශ්‍රමය, අමුද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර, බලශක්තිය වැනි දේ මෙයට අයත්. මෙහි ජීවමය මූලධාතුව මිනිසා. මෙතැනින් මිනිසා ඉවත් කළ පසු නිෂ්පාදනයක් නැහැ. නිෂ්පාදනය යන්නෙහි අවශ්‍යතාවක් ද නැහැ. එසේනම් තවදුරටත් සමාජය යන්න ද […]




