සාමුහිකත්වයේ ජය ටැඹ

මෙවර ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය තනි තරුවක් වෙත විශ්වාසය නොතබමින්, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළා. ඒ සමඟ ආජන්ටිනාව Lionel Messi මත රඳවා තිබූ බලාපොරොත්තු සීමා කිරීමට ස්පාඤ්ඤයට හැකි වුණා. එහිදී ආජන්ටිනාවේ ප්‍රහාරක රිද්මය බිඳ දමමින් පෙර, මැද සහ පසු ලෙස ස්පාඤ්ඤය රඳවාගෙන ගිය කණ්ඩායම් රිද්මයේ ඒකීයත්වය කැපී පෙනුණා. අවසාන ප්‍රතිඵලය ලෙස ස්පාඤ්ඤය 1:0ක් […]

සංවර්ධිත රාජ්‍යයක පෙර නිමිති

ශ්‍රී ලංකාව 2022 වසරේ ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක් බවට පත් වුණා. විදේශ විනිමය හිඟය, ණය පැහැර හැරීම, ඉන්ධන හා ඖෂධ හිඟය, ඉහළ උද්ධමනය සහ ආර්ථික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් පාහේ බිඳවැටීම එම අර්බුදයේ ප්‍රධාන ලක්ෂණ. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දේශපාලන ව්‍යුහය කඩා වැටී දැඩි අසන්නකාරී තත්ත්වයකට පත් වුණා. […]

දල්ලෙන් දලුලන්න ඉඩ දෙන්න

රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන තේ කර්මාන්තයේ ඉදිරි ප්‍රවර්ධනය වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නව පියවරක් ගෙන තිබෙනවා. ඒ, කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගනිමින් පොකුරු තේ ගම්මාන 500ක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් අරඹමින්. ශ්‍රී ලංකාවේ තේ වගා කරන දිස්ත්‍රික්ක 14ක් තිබෙනවා. ඒ යටතේ ඇති තේ පරීක්ෂක කොට්ඨාස ගණන 144ක්. ඒ අනුව පළමු […]

බකිංහැම් මාලිගය එපාලු!

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටා තිබෙන බකිංහැම් මාලිගය එරට සුප්‍රකට ම සහ වැදගත් ම ස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. බ්‍රිතාන්‍යයේ කිරුළ දරන රජුගේ හෝ රැජිනගේ හෝ ප්‍රධාන නිල වාසස්ථානය ලෙස සැලකෙන්නේ බකිංහැම් මාලිගය. එය රජුගේ/රැජිනගේ පරිපාලන මූලස්ථානය හැටියටත් ක්‍රියා කරනවා. ගෙවී ගිය වසර 190කට ආසන්න කාලය පුරා ම රජුගේ හෝ රැජිනගේ හෝ ප්‍රධාන වාසස්ථානය ලෙස […]

එල්නිනෝ…. ළඟ එනො

එල්නිනෝ යනු අප කිසිවෙකුටත් කිසිලෙසකින් හෝ මඟ හැරිය නොහැකි පාරිසරික තත්ත්වයක්. රටින් රටට, කලාපයෙන් කලාපයට අඩු වැඩි වශයෙන් බලපෑම් සිදු කරන එල්නිනෝ හමුවේ එයට මුහුණදීමට අප සූදානම් විය යුත්තේ කෙසේ ද? යන්න විමසා බැලීම කාලීන ව වැදගත්. එල්නිනෝ සංසිද්ධිය ඇති වන්නේ මධ්‍යම නැගෙනහිර සමක පැසෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයකට වඩා ඉහළ යාම හේතුවෙන්. […]

වංගු නැති ඩෙංගු 

ඩෙංගු යනු ලෝකයේ රටවල් 100කට අධික සංඛ්‍යාවක් පීඩා විඳින වෛරසයක්. 1960න් පසු ඩෙංගු රෝගයේ පැතීරිම ඉතා ශිීඝ්‍රයෙන් වර්ධනය වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට වර්තමානයේ වසරකට මිලියන 100-400 දක්වා අතර වන පිරිසක් ඩෙංගු රෝගයෙන් පීඩා විඳිනවා. ඩෙංගු වෛරසය පතුරුවන්නේ Aedes aegypti සහ Aedes albopictus යන ගැහැනු මදුරුවන්. බිත්තර, කීට, පිළවා සහ වැඩුණු මදුරුවා ලෙස […]

1953 ජනතා බලයේ හැරවුම් ලක්ෂ්‍යයක්

ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලයේ මෙරට රාජ්‍ය පාලකයන්ට එරෙහි ව ඇති වූ දැවැන්ත ම මහජන නැඟිටීම සිදු වූයේ 1953 අගෝස්තු මස 12 දින. එය සිදු වී වසර 73ක් ගත ව ඇතත් අදටත් අප මේ ‘ජනතා නැගිටීම’ සිහිපත් කරන්නේ මහත් ආශ්වාදයෙන්. ‘හර්තාලය’ ලෙස නම් කෙරුණු මේ මහා ජනතා නැගිටීම හුදෙක් හුදෙකලා සිදුවීමක් නොව මෙයට […]

යුක්තියට නව පණක්

යම් රටක දියුණුව මැන බැලෙන්නේ එහි ගොඩනැගිලිවල උසින් හෝ ආර්ථික සංඛ්‍යා ලේඛනවලින් හෝ පමණක් නොව එම රටේ ජනතාවට යුක්තිය කෙතරම් ඉක්මනින්, සාධාරණ ව හා විශ්වාසයෙන් ලබාදිය හැකි ද? යන්න මත. නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වූ සමාජයක ආයෝජකයාට විශ්වාසයක්, ව්‍යාපාරිකයාට ආරක්ෂාවක්, සාමාන්‍ය පුරවැසියාට තම අයිතිවාසිකම් සුරක්ෂිත බවට සහතිකයක් තිබෙනවා. මේ නිසා 2025 සහ 2026 වසරවල යුක්තිය පසිඳලීමේ […]

බලශක්තියට තිර ශක්තියක්

වසර 2050 වනවිට කාබන් භාවිතය ශූන්‍ය රටක් බවට පත් කිරීමේ ඉලක්කය වෙත ළඟා වීමටත් එහි එක් පියවරක් ලෙස වසර 2030 වනවිට විදුලි උත්පාදන ක්‍රියාවලියෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් සපුරා ගැනීමේ ඉලක්කය වෙත ගමන් කිරීමටත් ශ්‍රී ලංකාව උත්සාහ දරමින් සිටින්නේ ඒ සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවමින්. මේ පිළිබඳ විමසුමට ලක් කරමින් මෙවර දෙසතිය කවරයේ […]

සැබෑ වන මධ්‍යම අධිවේගී  සිහිනය

රටක සංවර්ධනයේදී යටිතල පහසුකම් සංවර්ධනය අනිවාර්ය වූවක්. එහිදී විශේෂයෙන් ප්‍රවාහන පද්ධතිය දියුණු වීම ඉතා වැදගත්. ඒ අතරිනුත් අධිවේගී මාර්ග පද්ධතිය සුවිශේෂ වන්නේ අනෙකුත් මාර්ගවලට වඩා එහි පවතින සුවිශේෂතා කිහිපයක් හේතුවෙන්. අධිවේගී මාර්ග හරහා ඉතා කෙටි කාලයකින් දිගු දුරක් ගමන් කළ හැකි වීම, මාර්ග තදබදයකදී වාහන නතර කර තැබීමෙන් අපතේ යන ඉන්ධන අධිවේගී මාර්ගවල නොනවත්වා ධාවනය […]