සැබෑ වන මධ්‍යම අධිවේගී  සිහිනය

රටක සංවර්ධනයේදී යටිතල පහසුකම් සංවර්ධනය අනිවාර්ය වූවක්. එහිදී විශේෂයෙන් ප්‍රවාහන පද්ධතිය දියුණු වීම ඉතා වැදගත්. ඒ අතරිනුත් අධිවේගී මාර්ග පද්ධතිය සුවිශේෂ වන්නේ අනෙකුත් මාර්ගවලට වඩා එහි පවතින සුවිශේෂතා කිහිපයක් හේතුවෙන්. අධිවේගී මාර්ග හරහා ඉතා කෙටි කාලයකින් දිගු දුරක් ගමන් කළ හැකි වීම, මාර්ග තදබදයකදී වාහන නතර කර තැබීමෙන් අපතේ යන ඉන්ධන අධිවේගී මාර්ගවල නොනවත්වා ධාවනය […]

ප්‍රංශ විප්ලවයේ ගිනි පුපුර

1789 ජූලි 14 දින සිදු වූ බැස්ටිලයට පහර දීම ලෝක ඉතිහාසයේ වැදගත් ම දේශපාලන සිදුවීමක් ලෙස සැලකෙනවා. එය ප්‍රංශ විප්ලවයේ ආරම්භය සංකේතවත් කළ අවස්ථාවක් පමණක් නොව ජනතාවගේ බලය රාජාණ්ඩු බලයට එරෙහි ව ප්‍රකාශ වූ සුවිශේෂ මොහොතක් වුණා. අදත් ජුලි 14 දින ප්‍රංශයේ ජාතික දිනය (බැස්ටිලයේ දිනය) සමරන්නේ මේ සිදුවීම සිහිපත් කරමින්. 18 වැනි සියවසේ අගභාගයේ […]

80 වැරුමේ කතාව

ලංකාවේ දේශපාලන ඉතිහාසය උද්ඝෝෂණ, වෘත්තීය ක්‍රියාමාර්ග හා වැඩ වර්ජනවලින් ලියැවුණක්. ඒ තරමට තීරණාත්මක වැඩ වර්ජන ඉතිහාසයේ හමුවෙනවා. වැඩ වර්ජන පිළිබඳ ඉතිහාසය ගැන කතා කරන විට 1980 ජූලි වර්ජනය අමතක කරන්නට බැහැ. එය සිදු වී වසර 46ක් ගත වී තිබෙනවා. 1977 වසරේදී පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් සහිත ව බිහි වූ එජාප පාලන කාලය ලාංකික සමාජය උඩු යටිකුරු […]

ආයු කෙටි කරන කෑම

පෝෂණය මූලික මිනිස් අවශ්‍යතාවක්. දකුණු ආසියානු අනෙක් රටවලට සාපේක්ෂ ව ශ්‍රී ලංකාව සෞඛ්‍ය දර්ශකවල ඉතා ඉහළ තත්ත්වයක සිටිනවා. එහෙත් පෝෂණය සම්බන්ධ දර්ශක සමඟ සංසන්දනයේදී ඒ පිළිබඳ සතුටු විය නොහැකි බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ. මේ නිසා රජයක් ලෙස සෑම පාර්ශ්වයක් ම එක් ව බහු පාර්ශ්වීය ප්‍රවේශයකින් සාර්ව ක්‍රියාකාරී […]

පැසිෆික් උණුසුම

එල්නිනෝ (El Niño) ලෙස සැලකෙන්නේ පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා වැඩිවීම හේතුවෙන් ලෝකයේ කාලගුණ රටාවට බලපෑම් ඇති කරන දේශගුණික සංසිද්ධියක්. එනම් මේ කලාපයේ නිර්මාණය වන දක්ෂිණ දෝලනය ලෙසින් හඳුන්වන වායුගෝලීය සංසිද්ධියේ එක් අවස්ථාවක්. නිවර්තන පැසිපික් සාගර කලාපයේ උණුසුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩිවීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වන අතර එහි බලපෑම නිසා සුළං රටාව වෙනසකට […]

රෝම වික්‍රමය

එක් සුවදායී රෝම සැඳෑවක ‘2026 රෝම ඩයමන්ඩ් ලීග්’ තරග බිමේ ශ්‍රී ලංකා කොඩිය ලෙලවමින් රුමේෂ් තරංග පතිරගේ ඔහුගේ හෙල්ල මීටර් 92.62ක් දුරට විසි කළේ ඉතිහාසගත වෙමින්. ඒ හපන්කමත් සමඟ ඔහු ලෝක විශිෂ්ටයන්ගේ ඉහළ පෙළැන්තියට ප්‍රවිෂ්ටයක් ලබා ගත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 3 දක්වා ඉහළට පිවිසෙමින්. රෝම ඩයමන්ඩ් ලීගය විමතියට පත් කරමින් රුමේෂ් සටහන් කළ මේ […]

බුද්ධිමය කතිකාවකට එළඹුමක්

පොසොන් පොහොය’ නමැති සංසිද්ධිය මෙරට ජන සමාජයේ, සංස්කෘතික ලෝකයේ වඩාත් බලපෑම්සහගත වූවක්. කිසියම් ජන සමාජයක එම සමාජ සංස්කෘතිය සතු වංශකතා සාහිත්‍යයේ එන ඓතිහාසික මොහොතක් සමඟ එම සමාජය අඛණ්ඩ ව සම්බන්ධ වීම මෙන් ම එම ඉතිහාසමය මොහොත ජීව අවකාශමය ලෙස වර්තමානයට ගළපා ගැනීමේ අවස්ථාවක් ලෙසටත් එය දැකිය හැකියි. මිහින්තලා පව්ව නමැති භූමි සලකුණ, ඵල පිරි අඹ […]

බලය පරයන ජවය

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට නියමිත ව ඇත්තේ 2016 ජූනි 11 දින සැලසුම් කර තිබෙන සමාරම්භක උත්සවයෙන්. එහෙත් තරගාවලිය සම්බන්ධයෙන් ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයක්. ලෝක කුසලානය පැවැත්වෙන රටක් වන ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය සමඟ යුදමය ගැටුමකට මැදි ව සිටීම එම රටවල් දෙකට සිමා නොවුණු ලෝකයට ම බලපාන ගැටලුවක්. මැදපෙරදිග ගැටුම් සහ ගුවන් ගමන් සීමා කිරීම […]