කලාපීය යුද්ධයේ ගෝලීය අර්බුදය

ඇමරිකාව- ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය යම් ආකාරයකට සමථයකට පත් වී තිබුණත් එය නිශ්චිත විසඳුමකට මෙතෙක් එළැඹී නැහැ. යුද්ධය සෘජු ව ම නොපැවතියත් එහි වක්‍රාකාර බලපෑම් තිබෙනවා. මේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඇමරිකාව සහ ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා පාකිස්තානයේදී පැවතුණා. එහිදී නිශ්චිත එකඟතාවකට පැමිණියේ නැහැ. පැවැත්වීමට නියමිත ව තිබූ ඇමරිකා-ඉරාන දෙවැනි වටයේ සාකච්ඡා අවලංගු […]

ලාංකික සමාජයේ හෘදය සාක්ෂිය

සාමාන්‍ය ජන ජීවිතය ගැඹුරු දේශපාලන න්‍යාය මත වෙහෙසෙන්නේ නැහැ. ජන ජීවිතය වෙහෙසෙන්නේ භාවිතය සහ අත්දැකීම් මත. ශ්‍රී ලංකාවේ පැවති වසර 133ක ඉංග්‍රීසි පාලන සමයේ අපේ මුතුන් මිත්තන්ගේ දේශපාලන විඥානය යටත්විජිත පාලන අත්දැකීම් මත සැකසුණක්. ඔවුන් අත්දුටුවේ වී හා හේන් ගොවිතැනට එරෙහි ව කෝපි, තේ, රබර්, පොල් වැනි ආර්ථික බෝග වගාවල ආක්‍රමණය සිදු වන ආකාරය. මංමාවත් […]

71 නැගිටීම

1971 අප්‍රේල් නැගිටීම යනු මෙරට සිදු වූ සන්නද්ධ අරගලයක පළමු වැනි සංසිද්ධිය. විශාල තරුණ සහභාගිත්වයක් සහිත ව සිදු වූ මේ අරගලය මෙරට පශ්චාත් යටත්විජිත දේශපාලන තන්ත්‍රය පුරාවට කම්පන තරංග යැවීමෙහිලා සමත් වුණා. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන බලවේගයක් ලෙස මෙරට දේශපාලනයේ ස්ථාපිත කළ සන්ධිස්ථානාත්මක අවස්ථාව ලෙස ද 1971 අප්‍රේල් නැගිටීම හැඳින්විය හැකියි. 1971 පිළිබඳ තිබෙන ප්‍රකට […]

මැදපෙරදිග AI භීෂණය

ඊශ්‍රායලය හා ඇමරිකාව ඒකාබද්ධ ව 2026 පෙබරවාරි 28 දින ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවත් සමඟ උත්සන්න වූ මැදපෙරදිග යුද ගැටුම් මේ වන විට දරුණු වී තිබෙනවා. එදින පැවති ප්‍රහාරවලින් ඉරානයේ ආධ්‍යාත්මික නායක Ayatollah Ali Khameneiඇතුළු පිරිසක් මිය ගියා. මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති මේ යුද්ධයට සෘජු ව මැදිහත් වී සිටින ඉරානය, ඊශ්‍රායලය හා ඇමරිකාව යන රටවල් […]

ධර්ම යුද්ධය 2

කතා කීමේ කලාව ආරම්භ වන්නේ කොතැනින් ද යන්න පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. විශේෂයෙන් සිනමාව යන විෂය පරිණාමය වන්නේ වේදිකා නාට්‍ය කලාව ආශ්‍රයෙන්. ලෝකයේ මුල් ම සිනමාව ආරම්භය පිළිබඳ සොයාගෙන යන ගමනේදී අපට හමුවන්නේ නාට්‍ය කලාව ආශ්‍රයෙන් සිනමාව ගොඩනැඟුණු ආකාරය. පසුව සිනමාව කර්මාන්තයක් වශයෙන් හා කලාවක් සේ සංවර්ධනය වීමෙන් යට කී අදහස අතික්‍රමණය කරමින් සිනමාවේ කාර්යභාරය […]

ගොඩනගමු ‘අධිෂ්ඨානයේ සංහිඳ’

අතිශය වේදනාකාරී මතක රැසක් මෙරට ජන මනසේ ඉතිරි කළ දිට්වා සුළි කුණාටුවේ කනගාටු සටහන් තවමත් ඉතිරි ව පවතිනවා. අලුත්වැඩියාව, ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිපූරණය කළ හැකි තත්ත්වයේ බොහෝ දේපළ හානි මේ වන විට යථා තත්ත්වයට පත් කර අවසන්. ඉතිරි ප්‍රමාණය යථා තත්ත්වයට පත් කෙරෙමින් හෝ ඒ සඳහා සැලසුම් සැකසෙමින් හෝ පවතිනවා. කුණාටුවේ බලපෑමෙන් හානියට පත් වූ ආගමික […]

සූර්ය මංගල්‍යයේ සංක්‍රාන්තිය

අලුත් අවුරුදු මංගල්‍යය නැමති සමාජ අවස්ථාව සංස්කෘතිය නැමති පෘථුල විෂය ක්ෂේත්‍රයෙහි අස්පර්ශ සංස්කෘතියට (Intangible Culture) අයත් වන්නක්. සංස්කෘතික උරුමය නමැති දැනුම ප්‍රදේශයේදී එය අස්පර්ශ සංස්කෘතික උරුම (ICH – Intangible Cultural  Heritage) යටතට ගැනෙනවා. ජනයා ඒකාබද්ධ කරවන සාමුහික උත්සවකාරී අවස්ථා මානව සමාජයට අවශ්‍ය වන්නක්. මානව ඉතිහාසයේ ආදිතම අවධිවල සිට ම මේ ක්‍රියාකාරී, ක්‍රීඩාශීලි, උත්සවකාරී මානව ප්‍රවේශවල […]

මිනිසාට ඇස තියන රුසියානු ලිවිසැරිය

“කිසියම් ලේඛකයකු හදවත් සසල කිරීමට පිළිසන් දෙන්නේනම්, ඔහු සත්‍ය වන්දනා කළ යුතු ය. මිනිස් චින්තනයේ බුද්ධිය විශ්වාස කළ යුතු ය. ජීවිතය කෙරෙහි බැඳුණු ප්‍රේමයෙන් යුක්ත විය යුතුය.”  ‘රුසියාව’ ත්‍රෛමාසික සඟරාවේ පස් වැනි වෙළුමේ පනස් අට වැනි කලාපයෙන් මේ කියමන උපුටා ගැනුණේ ලාභ ඉපැයීම නොව මිනිසා ඥානනය කරවීම පරමාර්ථය කරගත් රුසියානු සාහිත්‍යයේ අදට ඔබින ගෝලීය ගැළපුම […]