ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා විවිධ කාලවකවානුවල පැවති ආණ්ඩු නොයෙකුත් ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අතර ආර්ථිකය සම්බන්ධ නීතිමය විධිවිධාන ගෙන ඒම ද සුවිශේෂ ය. ඒ අනුව වඩාත් තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් නොබෝදා (මැයි 22) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එලෙස ඉදිරිපත් වූයේ යළි ආර්ථික බිඳ වැටීමක් සිදු නොවීමට අදාළ ව ‘ආර්ථික […]
රටට ව්‍යවසායකත්ව සංස්කෘතියක් (Entrepreneurial Culture) හඳුන්වා දීම, කර්මාන්ත සාක්ෂරතාව (Industrial Literacy) දියුණු කිරීම, කර්මාන්ත මානසිකත්වයක් (Industrial Mentality) ඇතිකිරීම, කර්මාන්ත හිතකර පරිසරයක් (Entrepreneurial Echo system/Conductive Environment) නිර්මාණය කිරීම, ව්‍යවසායකත්වය සහ කර්මාන්ත ප්‍රවර්ධනය කර නිෂ්පාදනය වැඩිකිරීම සහ වැඩිවන නිෂ්පාදන සඳහා දේශීය-විදේශීය වෙළෙඳපොළ පුළුල් කිරීමෙන් ආර්ථික ස්ථාවරත්වයට දායක වීම කර්මාන්ත අමාත්‍යාංශයේ අපේක්ෂා සහ ඉලක්ක අතර ප්‍රධාන වේ. කුඩා, […]
මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවති ෆිෆා සිව්කොන් පාපන්දු සුහද තරගාවලියේදී 2-0ක් ලෙස භූතානය පරාජය කරමින් දිගු කලකට පසු තරගාවලිය ජය ගැනීමට මෙරට පාපන්දු ක්‍රීඩකයෝ සමත් වුහ. 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් අහිමි වූ කණ්ඩායම් අතර කලාපීය මට්ටමින් ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරෙන ෆිෆා ජාත්‍යන්තර සුහද තරගාවලිය පැවැත්වූයේ මධ්‍යම අප්‍රිකාව, පැපුවා නිව්ගිනියාව, භූතානය හා ශ්‍රී ලංකාව […]
ගෙවුණු සියවසේ සිදු වූ බිහිසුණු ම මිනිස් ක්‍රියාකාරකම කුමක්දැයි යන පැනයට ලැබෙන සුලබ ම පිළිතුරක් වන්නේ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි යන නගර ද්විත්වය ඉලක්ක කරගෙන ඇමරිකානු ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද පරමාණු බෝම්බ ප්‍රහාරයයි. කුප්‍රකට දෙවන ලෝක සංග්‍රාමයට තිත තැබීම සංකේතවත් කෙරෙන මේ අමිහිරි සිදුවීම වාර්තා වන්නේ අදින් වසර 79කට පෙරාතුව ය. 1945 වසරේ […]
උගත්, බුද්ධිමත් මානව සම්පතක් යනු රටක සංවර්ධන ක්‍රියාවලියෙහි තීරණාත්මක සාධකයකි. මානව ප්‍රාග්ධන දර්ශකය ඉහළ නැංවීමේදී රටක පුරවැසියන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉතා වැදගත් වේ. ඒ අනුව නොබෝදා (මාර්තු 25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී සමාරම්භය සනිටුහන් වූ ‘නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්’ තේමාව යටතේ වන ‘පාසල් ළමයින් […]
ලෝකයට ම ඉතා දරුණු ලෙස බලපෑ හැකි ලෝක යුද්ධයක ගිනිපුපුරු අළු යට දලුලමින් තිබේ. ලෝක නායකයෝ තුන් වැනි ලෝක යුද්ධයක් ඇවිළ යාමට හේතු විය හැකි භූ දේශපාලනික ගිනි පුපුරු නිවා දමන්නට හැකි සෑම පියවරක් ම ගනිමින් සිටිති. එහෙත් ලෝකය ම න්‍යෂ්ටික අනතුරක ගොදුර බවට පත්විමේ දරුණු අවදානම දිනෙන් දින ම ඉහළ යමින් පවති. මේ දරුණු […]
ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වී තිබේ. ඒ, ඉන්දියාවේ මහා මැතිවරණයයි. 2024 අප්‍රේල් 19 දින ආරම්භ වූ මේ අපූරු මැතිවරණය සති 06ක කාලයක් පැවැත්වෙන්නේ අදියර 7ක් යටතේයි. ඡන්ද විමසීම අවසන් වීමට නියමිත ව තිබෙන්නේ ජුනි 01 දිනයි. ජුනි 04 දින ප්‍රතිඵල නිකුත් වීමට නියමිත ව ඇති මේ මැතිවරණයේ අදියර 07න් කිහිපයක් මේ වනවිට අවසන් ව […]
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාලය මර්දනය කරමින් මහජනතාවට අපරාධ පිළිබඳ බියෙන් හා සැකයකින් තොර ව නිදහස් ව හා සාමකාමී ව ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා ආරම්භ කළ මෙහෙයුම ‘යුක්තිය’ මෙහෙයුමයි. එහි තවත් එක් අංගයක් ලෙස පොලිස්පතිගේ අංක 2766/2024 චක්‍රලේඛය අනුව මත්ද්‍රව්‍ය හේතුවෙන් පාසල් මට්ටමින් උද්ගත ව ඇති ගැටලු සහ ව්‍යසන නිවාරණය හා පාලනය කිරීමේ […]
ගොඩබිම විශාලතම සත්ත්වයා වන, අලියාට ප්‍රමාණවත් භූමියක් හා ආහාරපාන යනාදී වශයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කෙරෙනවා යනු සෙසු සියලු සතුන්ට ඊට සමගාමී ව නිරායාසයෙන් ම පහසුකම් සැපයෙනවා හා සමාන බව වනජීවී සංරක්ෂණයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි. මානව ඉදිකිරීම් නිසා අලියාට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය භූමිය අඩු වී යාමත් තමන්ගේ එදිනෙදා චර්යාව නිදහසේ […]