මෙරට දේශපාලන ඉතිහාසයේ රටේ නායකයා, එනම් ජනාධිපතිවරයා පත් වන්නේ ජනතා ඡන්දයෙන්. එනම් ව්‍යවස්ථනුකූල ව ජනතා පරමාධිපත්‍ය බලයෙන්. එම බලය දේශපාලන නායකයන් වෙත ලබා දීමටත් නැවත ඔවුන්ගෙන් එම බලය ලබා ගැනීමටත් හැකි බව ඉතිහාසය ඔප්පු කර අවසන්. 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත් වන්නේ සැබවින් […]
ඇමරිකාවේ ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් උත්සන්න වෙමින් පවතින අතර මේ ජනාධිපතිවරණය ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දුව දක්වන කාගේත් විශාල අවධානයක් දිනා ගන්නක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 2024 නොවැම්බර් 05 දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී ඓතිහාසික සිදුවීමක් සිදු වනු ඇත් ද යන කුතුහලය බොහෝ දෙනා තුළ පවතින්නක්. ඇතැම් විට මෙහිදී ඇමරිකානු ඉතිහාසයේ පළමු වතාවට […]
යුද්ධය විෂය කොටගත් අරුත්බර කියමන් රැසක් මානව සාහිත්‍යයේ දක්නට පුළුවන්. “යුද්ධය මිනිසාගේ පැරණිතම අත්දැකීමයි” යන්න එක් කියමනක්. එයින් අදහස් වන්නේ මිනිසා පෘථිවිය මත පහළ වූ දා සිට යුද්ධ කළ බව. මේ කියමන සත්‍යයක්. මනුෂ්‍යයා වනාන්තරයේ ජීවත් වන විටත් ඉන් එළියට පැමිණි විටත් එකිනෙකා සමග, ජාතීන් සමග සටන් කළා. යුද්ධ කළා. ක්‍රිස්තු පූර්ව 04 වැනි සියවසේ […]
ශ්‍රී ලංකාව ඇතුළු ලොව බිලියන 04ක ජනතාවක් මේ වසරේ මැතිවරණවලට මුහුණදීමට නියමිත ව ඇති හෙයින් මැතිවරණ ක්‍රියාවලිය සහ එය වටා ඇති තාක්‍ෂණ වර්ධන පසුබිමේ සයිබර් අපරාධකරුවන්ගේ බලපෑම වැඩිවෙමින් තිබේ. ගෝලීය දේශපාලන අවශ්‍යතා මෙන් ම ඒ ඒ රටවල බල ව්‍යාපෘතිවල අවශ්‍යතා සඳහා මෙම තාක්ෂණික පෙළහර මහත් රුකුලක් වී ඇත. ඉන් වඩාත් තර්ජනයට ලක්වන්නේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලිය බව […]
වසරක් පාසා ලෝකයේ මිලියන ගණනකගේ පණ නසන රෝගයකට එරෙහි ව ප්‍රතිකාර කරන්නට ලොව පළමු වරට ‘පණ ගැහෙන ඖෂධයක්’ යොදා ගැනිමට ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන් අවසර ලබා දුන්නේ ය. 2022 වසරේදී පමණක් ලොව මිලියන 20කට ආසන්න ජනතාවක් ගොදුරු කරගත් බව වාර්තා වන මෙම භයානක රෝගය පිළිකාවයි. මෙම අභ්‍යවකාශතරණ යුගයේත් මිනිසා දැඩි ව අසරණ කර ඇති පිළිකාව නසන්නට […]
ශ්‍රී ලංකාවේ 2022 වසරේ හටගත් උග්‍ර ආර්ථික අර්බුදය සමයේ, අපට ආදර්ශයට ගත හැකි, අර්බුදයෙන් තොර රටක් ලෙස ඇතැම් විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබුවේ දකුණු ආසියානු රාජ්‍යයක් වන බංග්ලාදේශය. එයට සාධාරණ හේතු කිහිපයක් තිබුණා. අතීතයේදී බංග්ලාදේශය බෙහෙවින් දිළිඳු රටක්. කෙතරම් දිළිඳු ද කියනවානම් 1970 දශකයේදී එක්සත් ජාතීන් හඳුන්වා දුන් සංවර්ධන මට්ටම මනින නිර්ණායක අතර, අඩුවෙන් ම […]
මැතිවරණ කාලසීමාවකි. සාහිත්‍ය මාසයේ දේශපාලනය කරළියට පැමිණීම සාහිත්‍යයට බලපෑමක් ඇතිකරයි ද? යන කසුකුසුව සාහිත්‍ය ක්ෂේත්‍රයේ මතු වෙමින් තිබේ. එබැවින් දේශපාලනය යන පුළුල් අර්ථයත් මැතිවරණය, පක්ෂ දේශපාලනය වැනි සංකල්පත් සාහිත්‍යයත් පිළිබඳ තතු බිඳක් මතු කර ගනු රිසියෙන් ප්‍රවීණ සාහිත්‍යධරයකු සමග මෙම කතාබහ සිදු වේ. ප්‍රශ්නය; සාහිත්‍ය සහ දේශපාලනය අතර තිබෙන්නේ සහසම්බන්ධයක් ද? ප්‍රතිවිරෝධතාවක් ද?පිළිතුර; සෑම දෙයක් […]
අඟහරු ග්‍රහයා සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතරින් විද්‍යාඥයන්ගේ වැඩි ම අවධානයක් යොමුවන ග්‍රහලෝකයකි. එම ග්‍රහලෝකය මත ඈත අතීතයේ ජීවීන් සිටියා ද වැනි ප්‍රශ්න ද නිතර සංවාදයට ලක් වන බව රහසක් නොවේ. බොහෝ විද්‍යා ප්‍රබන්ධවලට පවා අඟහරු ග්‍රහයා පසුබිම් වී ඇත. එච්. ජී. වෙල්ස් නැමැති සුප්‍රකට ඇමරිකානු ලේඛකයා විසින් 1895-1897 අතර කාලයේ ලියන ලද The […]