නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්

උගත්, බුද්ධිමත් මානව සම්පතක් යනු රටක සංවර්ධන ක්‍රියාවලියෙහි තීරණාත්මක සාධකයකි. මානව ප්‍රාග්ධන දර්ශකය ඉහළ නැංවීමේදී රටක පුරවැසියන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉතා වැදගත් වේ. ඒ අනුව නොබෝදා (මාර්තු 25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී සමාරම්භය සනිටුහන් වූ ‘නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්’ තේමාව යටතේ වන ‘පාසල් ළමයින් […]

තුන් වැනි ලෝක යුද්ධයක් ?

ලෝකයට ම ඉතා දරුණු ලෙස බලපෑ හැකි ලෝක යුද්ධයක ගිනිපුපුරු අළු යට දලුලමින් තිබේ. ලෝක නායකයෝ තුන් වැනි ලෝක යුද්ධයක් ඇවිළ යාමට හේතු විය හැකි භූ දේශපාලනික ගිනි පුපුරු නිවා දමන්නට හැකි සෑම පියවරක් ම ගනිමින් සිටිති. එහෙත් ලෝකය ම න්‍යෂ්ටික අනතුරක ගොදුර බවට පත්විමේ දරුණු අවදානම දිනෙන් දින ම ඉහළ යමින් පවති. මේ දරුණු […]

භාරත ඡන්ද සටන

ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වී තිබේ. ඒ, ඉන්දියාවේ මහා මැතිවරණයයි. 2024 අප්‍රේල් 19 දින ආරම්භ වූ මේ අපූරු මැතිවරණය සති 06ක කාලයක් පැවැත්වෙන්නේ අදියර 7ක් යටතේයි. ඡන්ද විමසීම අවසන් වීමට නියමිත ව තිබෙන්නේ ජුනි 01 දිනයි. ජුනි 04 දින ප්‍රතිඵල නිකුත් වීමට නියමිත ව ඇති මේ මැතිවරණයේ අදියර 07න් කිහිපයක් මේ වනවිට අවසන් ව […]

හෙට දවස

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාලය මර්දනය කරමින් මහජනතාවට අපරාධ පිළිබඳ බියෙන් හා සැකයකින් තොර ව නිදහස් ව හා සාමකාමී ව ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා ආරම්භ කළ මෙහෙයුම ‘යුක්තිය’ මෙහෙයුමයි. එහි තවත් එක් අංගයක් ලෙස පොලිස්පතිගේ අංක 2766/2024 චක්‍රලේඛය අනුව මත්ද්‍රව්‍ය හේතුවෙන් පාසල් මට්ටමින් උද්ගත ව ඇති ගැටලු‍ සහ ව්‍යසන නිවාරණය හා පාලනය කිරීමේ […]

අලි යනඅලුත්මග

ගොඩබිම විශාලතම සත්ත්වයා වන, අලියාට ප්‍රමාණවත් භූමියක් හා ආහාරපාන යනාදී වශයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කෙරෙනවා යනු සෙසු සියලු‍ සතුන්ට ඊට සමගාමී ව නිරායාසයෙන් ම පහසුකම් සැපයෙනවා හා සමාන බව වනජීවී සංරක්ෂණයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි. මානව ඉදිකිරීම් නිසා අලියාට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය භූමිය අඩු වී යාමත් තමන්ගේ එදිනෙදා චර්යාව නිදහසේ […]

කම්කරු පන්තියේ පරිණාමය පුළුල් ව අධ්‍යයනයට ලක්වී නැහැ

‘ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය’ සඳහා පුළුල් වශයෙන් ‘මැයි දිනය’ භාවිත වනවා. මෙවැනි දිනයක් නම් කෙරුණේ සාම්ප්‍රදායික සමාජ ක්‍රමය බිඳ වැටී නූතන සමාජයේ බිහිවීම ආරම්භ වීම නිසා. එය මූලික ලෙස යුරෝපය කේන්ද්‍ර කරගෙන සිදු වූවක්. ජනගහනය වර්ධනය වීම මෙන් ම කාර්මික විප්ලවය, යුරෝපා රටවල සමාජ විප්ලව ඇතිවීමත් සමග අලු‍ත් පන්තියක් කරළියට පැමිණියා. ඔවුන් හැඳින්වූයේ නාගරිකයා නැතහොත් […]

ප්‍රතිපත්තිකරණය විද්‍යාත්මක විය යුතුයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයකදී ඇතැම් දේශපාලන පක්ෂ රටේ ඉදිරි සංවර්ධනය පිළිබඳ විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාව හමුවට ගෙනෙනු දැකිය හැකි ය. ඇතැම් ප්‍රතිපත්ති ප්‍රකාශ දේශපාලන වේදිකාවේ පොරොන්දු ලෙස ඉදිරිපත් වේ. මහජනතාව ද පොරොන්දු ඉටු කරගනු වස් තමන් සතු බලය ඔවුන්ට ලබා දෙති. යම් වර්ධනයක් අත්පත් කරගත්ත ද ශ්‍රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. මේ නිසා […]

සහනාධාර අවශ්‍යනොවනසමාජයක් අවශ්‍යයි

රජයක් වශයෙන් අපට මූලික ව ම අඩු ආදායම්ලාභීන් ශක්තිමත් කළ හැක්කේ සහනාධාරවලින්. මීට දෙවසරකට පෙර මෙරට සහනාධාර ලැබිය යුත්තන් වෙනුවෙන් සමෘද්ධිය ඇතුළු සහනාධාර වැඩසටහන්වලින් රුපියල් බිලියන 65ක් ලබාදුන්නා. එහෙත් 2024දී එලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 205ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ‘සමෘද්ධි’ වැඩසටහන යටතේ එක් අයකු ලැබූ වැඩි ම ප්‍රතිලාභය වූයේ මාසික ව රුපියල් 4500ක්. එහෙත් […]

ආසියා සියවසේ බල සංක්‍රමණය

ගෝලීය වශයෙන් මෙන් ම කලාපීය එකමුතුවෙන් ද ගොඩනැගෙන සම්මුති, එකඟතා, සන්ධාන බහුල වශයෙන් දක්නට ලැබේ. මේ ඔස්සේ තම තම රටවලට අනන්‍ය වූ ගැටලු, අභියෝග, ඉලක්ක මුල්කර ගනිමින් ඒ සඳහා සාධනීය විසඳුම් සොයා යාම අපේක්ෂිත අරමුණකි. එවැනි එකමුතුවක් වන ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානය (IORA) නොබෝදා (මාර්තු 10) තම සංවිධානයේ 27 වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේදී සැමරුවේ […]