පුරවැසි අයිතිය

-නිරෝෂි දොඹගහගේ- (සැප්තැම්බර් මස 28 දිනට යෙදී තිබුණු ‘තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර දිනය’ නිමිත්තෙන්.) ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම තොරතුරු අයිතිය වන අතර සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට එය අත්‍යාවශ්‍ය සාධකයක්. තොරතුරු සඳහා ප්‍රවේශවිමේ අයිතිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් බව පිළිගන්නා ලද්දේ මෙරට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව. 2016 අංක 12 දරන තොරතුරු ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත” […]

සයිබර් අවකාශයේ මානව ආක්‍රමණය

-චන්දන මාරසිංහ- අන්තර්ජාලය ඔස්සේ සිදු වන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම්වලින් වන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රජය විසින් සකස් කරනු ලැබූ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත’ මේ වන විට දැඩි කතාබහකට මුලපුරා තිබෙනවා. ඊට පක්ෂ ව හා විපක්ෂ ව මත ඉදිරිපත් වන පසුබිමක මෙවර දෙසතිය කතාබහ සිදු වන්නේ සමාජ මාධ්‍ය […]

මංගල සුදුසුකම

උගන්ඩාවේ සිංහයන්ගේ මොකක්දෝ විශේෂත්වයක් තිබෙනවා. ඈතින් පය තබමින් උදාර ගතියෙන් යුතු ව උන්ගේ වනාන්තරවල සැරිසරනවා පමණක් නොව මේ සිංහයන් ගස් නැගීමට දක්වන්නේ පුදුමාකාර හපන්කමක්. ලොව වටා අනෙකුත් කැලෑවල සිටින සිංහයන්ට වඩා උගන්ඩා සිංහයන් වෙනස් වන්නේ මේ අසමසම දක්ෂතාව නිසා. 2023 වසරේ නොවැම්බර් 30 බ්‍රහස්පතින්දා උගන්ඩාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන්ගේ සිංහයන්ටත් එහා ගිය දක්ෂතාවක් ලොවට ප්‍රදර්ශනය කරමින් […]

පාරිසරික භාරකාරත්වයේ උරුමය සහතික කළ යුත්තක්

දේශගුණික විපර්යාසවල බලපෑම නිසා ගෝලීය උණුසුම ඉහළ යාම, කාලගුණ රටා වෙනස් වීම, පරිසර පද්ධතිවලට සහ කෘෂිකර්මාන්තයට වන බලපෑම, අයිස් දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම වැනි කාරණා ප්‍රමුඛ වනවා. දශක ගණනාවක් ඇන්ටාක්ටික් මුහුදු පතුලේ තැන්පත් ව තිබූ ලොව විශාලතම අයිස් කුට්ටිය (බි්‍රතාන්‍යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා වැඩි විශාලත්වයක්) චලනය වීම ආරම්භ වී ඇති බව නොබෝදා […]

නමක් දන්නැති මලක්

ප්‍රංශ ලේඛක ආන්ද්‍රේ ගයිඩ් පවසන්නේ ‘එබැවින්‘ යන වදන කවියා නොදැන සිටිය යුතු වදනක් බව. එහි විසල් අරුතක් තිබෙනවා. කිසියම් අත්දැකීමක් කවියක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේදී එයින් බැහැර නරඹන්නකු ලෙස සිටීමෙන් සාර්ථක කවියක් නිර්මාණය කළ නොහැකිවාක් මෙන් ම එය මෙසේ වියයුතුයැයි ද කවියාට ජීවිතයට නිර්දේශ නිකුත් කරන්නට බැහැ. කවිය සාර්ථක නිර්මාණ ගමනාන්තයක් කරා නිරුපද්‍රිත ව ළඟාවන්නට නම් […]

මහජන නියෝජනයේ නාඹර ආගමනය

පළාත් පාලන ආයතනවල සහ පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය වර්ධනය රටේ ජවසම්පන්න ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට පිටිවහලක්. එය රටක සංවර්ධනයටත් අදාළ කර ගත හැකි බව සමාජගත ව බොහෝ කාලයක් ගත වුවත් ඊට ස්ථාවරභාවයක් ලබා දීමට කල්පසු වුණා. යම් ක්‍රියාදාමයක් උත්තරීතර ම තැනින් ආරම්භ නොවී බිම් මට්ටමේ සිට වර්ධනය වී භාවිතයට පැමිණෙන්නේ නම් ඉන් […]

අඩසියවසක රූපණ පෙළහර

සිය දශක හතහමාරක දිවි සැරියෙන් දශක පහමාරක් පමණ සිරිලක කලාව පොහොසත් කරනු පිණිස රූපණයෙන් දායක වූ සුමින්ද සිරිසේන නොබෝදා (2023 දෙසැම්බර් 04) ගැඹුරු නිහඬතාවක ගිලී යන්නේ ජීවිතය හා කලාව පිළිබඳ සංවේදී හා හැඟීම්බර සංකථනයකට අවකාශ සලසමින්. එහෙයින් ම මේ සටහන ඔහුගේ අභාවය අළලා කෙරෙන වේදනාබර ප්‍රකාශයක් සේ ලඝු නොකිරීමට උත්සුක විය යුතු වනවා. ඔහු සිරිලක […]

අර්බුදය මතින් ඉදිරි ගමන

දීප්ත කුමාර බටගොඩ (ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ 2023.12.15 දින ‘ආර්ථික අර්බුදය මතින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන’ මැයෙන් මහ බැංකු ශ්‍රවණාගාරයේදී පවත්වන ලද දේශනය ඇසුරින්) පහළ ආදායම් තත්ත්වයේ සිට ශ්‍රී ලංකාව මැදි ආදායම් කලාපයේ රටක් බවට පත් වීමෙන් සහන පොලියට ණය ලබා ගැනීමේ හැකියාව ද අවම වුණා. 2005-06 කාලයේදී සහනදායී ණය 95%ක් වන […]