කෙළි බිම විස්කම්

ක්‍රීඩා 43කින් සමන්විත ව සැප්තැම්බර් 19 දින සිට ඔක්තෝබර් 04 දින දක්වා 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ මීට වසර 05කට ඉහත කොවිඩ් 19 වසංගතය හේතුවෙන් හිස් වූ, එහෙත් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පවත්වා තිබූ ක්‍රීඩාංගණවලදී. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිනිය වන Kirsty Coventry පසෙකින් සිටියදී නරුහිතෝ අධිරාජයා ක්‍රීඩා උළෙල විවෘත කළ අතර හිටපු ආසියානු ක්‍රීඩා […]

නිමාවක් නැති මැද පෙරදිග හටන

ඇමරිකා-ඊශ්‍රායල හා ඉරාන යුද්ධය යනු මැද පෙරදිගට හෝ ඇමරිකාවට හෝ පමණක් බලපාන යුද්ධයක් නොවෙයි. අප වැනි  රටවලට ද මෙහි වක්‍ර බලපෑමක් තිබෙන බව කවුරුත් දන්නා කාරණයක්. ඊට ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත්තේ මේ යුද ගැටුම නිසා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාම. තෙල් මිල ඉහළ යාමට වැඩි වශයෙන් ම බලපෑවේ ඉරානය ආසන්නයේ ඇති […]

ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බරය

පංති සමාජය යනු මිනිසා සුළුතරයක පීඩනයට ගොදුරු කළ දුෂ්ට ආකාරවල පෙළක්. එයට එරෙහි ව ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බරය, මානව විමුක්තිය පිළිබඳ සිහිනය යථාර්ථයක් කළා. ලෙනින්ලා බිහි කළ සෝවියට් රුසියාව නම් දැවැන්ත සාමුහික සමාජය අද නැහැ. එහෙත් එයින් මානව විමුක්තියට දුන් ආදර්ශය හා ධෛර්යය අදත් එලෙස ම පවතිනවා. නව සමාජ ක්‍රමයක් බාහිර කුමන්ත්‍රණ හා අභ්‍යන්තර දියාරුවීම් හේතුවෙන් ඇදවට්ටවන්නට […]

ලූලා ද? ෆ්ලාවියෝ ද?

ලතින් ඇමරිකාවේ මේ වසරේ පැවැත්වෙන වැදගත් දේශපාලන තරගයක් ලෙස 2026 බ්‍රසීල ජනාධිපතිවරණය හඳුන්වන්න පුළුවන්. මේ සඳහා අපේක්ෂකයන් 13 දෙනෙකු ඉදිරිපත් වී සිටියත් ප්‍රධාන තරගය පවතින්නේ වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) හා එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෙයාර් බොල්සොනාරෝගේ (Jair Bolsonaro) පුත්‍රයා වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flavio Bolsonaro) අතර. ජනාධිපතිවරණයේ පළමු […]

ගරිල්ලා සටනේ සංකේතයක්

ලෝක ඉතිහාසයේ ගරිල්ලා සටන්කරුවන් අතරේ අර්නෙස්ටෝ චේ ගුවේරාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. වෛද්‍යවරයකු, ලේඛකයකු, ගරිල්ලා සටන්කරුවකු, ආර්ථික හා දේශපාලන චින්තකයකු වූ ඔහු ලොව ප්‍රසිද්ධියට පත්වූයේ කියුබානු විප්ලවයේ නායකයකු ලෙස. අදත් ඔහුගේ රුව සහිත පින්තූර, පෝස්ටර් හා ටී-ෂර්ට් විවිධ රටවල දක්නට ලැබෙන අතර එම රුව පිටුපස සිටි මිනිසාගේ දේශපාලන අදහස් සහ ඔහු ජීවත් වූ යුගයේ සමාජ […]

නොකියවීම කියවීම

නොකියවීම නිසා බිහි වන්නේ අසම්පූර්ණ, අසංස්කෘතික, අඥාන, ප්‍රඥා විරහිත සමාජයක්. කියවීම වුව ද ඉගෙනුමට ම සීමා වූ තැන (Read to Learn) බිහි වන්නේ යාන්ත්‍රික, වෘත්තීයමය සමාජයක්. ඊට මානවීය ගුණ සහ රසය මුසු වන්නට නම් කියවීමට උගත් (Learn to Read) කියවීම හුරු අය (Readers) සිටිය යුතුයි. කෙසේ වෙතත් නොකියවීමට වඩා ඉගෙනුමට කියවීම හෝ කියවීමට ඉගෙනීම හෝ […]

සිනමා සියවස අභිමුව අනාගත සිනමාව

ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස සැමරීම (1925-2025) අභිමානවත් අයුරින් සිදු කර, 101 වැනි වස ගෙවමින් සිටින මොහොතේ සිංහල සිනමාවේ අනාගතය දෙස විමසුම් ඇසින් බැලීම කාලෝචිත යැයි සිතෙන්නක්. ගෙවුණු සියවසේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක් වූ සිනමාපට, සිනමාකරුවන්, ග්‍රන්ථ, ලිපි, සිනමා විචාරකයන්, නිෂ්පාදන හා තාක්ෂණික ශිල්පීන් සහ අනෙකුත් ආනුෂංගික විෂයට අදාළ අංශ සහ ශිල්පීන් පිළිබඳ ප්‍රමාණාත්මක […]

මනසින් සවිමත් – දරුවන් පොහොසත්

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අනුව ළමයකු යනු උපතේ සිට වයස අවුරුදු 18 දක්වා වයස් සීමාවේ පසුවන ඕනෑ ම අයෙක්. ශාරීරික ව සහ මානසික ව නොමේරූ අවධියක සිටීම හේතුවෙන් ළමයෙකුට උපතට පෙර මෙන් ම උපතින් පසුව ද යෝග්‍ය නෛතික රැකවරණය ඇතුළු ව විශේෂ ආරක්ෂාව සහ රැකවරණය අවශ්‍ය බව සැලකෙනවා. ජිනීවා නගරයේ පැවති ලෝක සමුළුවකදී […]

මොකක් ද? මේ Sepsis

ලෝක සෙප්සිස් දිනය (World Sepsis Day) සෑම වසරක ම සැප්තැම්බර් 13 දිනට යෙදී තිබෙනවා. 2012 වසරේ නම් කෙරුණු එම දිනයත් සමඟ ගෝලීය සෙප්සිස් සන්ධානය (Global Sepsis Alliance) සැප්තැම්බර් මාසය හඳුන්වන්නේ සෙප්සිස් රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස. මෙවර එහි තේමාව වන්නේ ‘ Invest In sepsis -Save lives’ යන්න. ඉහළ ආදායම් ලබන රටවල සෙප්සිස් රෝගියෙකු […]