“ආදරණීය සහෝදර සහෝදරියනි, අද මේ මංගල රැලිය මා අමතන්නේ මරණ වරෙන්තුව අතේ තබාගෙන. සුදු අධිරාජ්‍යවාදීන් අපගේ මාතෘ භූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමෙන් පසුව කන්ද උඩරට අඩි 5000ට වඩා උස භූමිය කපා විනාශකොට තේ වගා කළා. ඉන්පසුව කළු සුද්දෝ ඉතිරි වනාන්තර ටිකත් කපා මහා විනාශයක් සිදුකරමින් ඉන්නවා. මේ මහා විනාශය නැවැත්තුවේ නැතිනම් දශක තුනක් හතරක් ඉදිරියට […]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යනු හුදු විෂයයක් පමණක් නොවේ. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක සිසු සිසුවියන් බොහෝ දෙනෙකු ඉහළ ම ප්‍රතිඵල අපේක්ෂාවෙන් විභාගයේදී පිළිතුරු ලිවීම සඳහා සූදානම් වීම අහම්බයක් නොවුව ද මෙය එදිනෙදා ජීවිතයට සහසම්බන්ධ ප්‍රායෝගික විෂයකි. දවසේ ඕනෑ ම මොහොතක අප තීන්දු තීරණ ලබාගන්නා ක්‍රියාවලියට දායක වන වෙනත් විෂයක් නොමැති තරම් බැව් විමසුම් ඇසින් බලන්නෙකුට […]
දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස සැලකෙන සෙනෙට් සභික රොඩ්රිගෝ පාස් පෙරෙයිරා (Rodrigo Paz Pereira) 2025 අගෝස්තු මහ මැතිවරණයෙන් බොලීවියාවේ නව ජනාධිපතිවරයා ලෙස පත් වුණා. ඒ, මාස් (MAS) පක්ෂයේ (සමාජවාදය සඳහා වූ පක්ෂය) දශක දෙකකට ආසන්න පාලනය අවසන් කරමින්. මහ මැතිවරණයේ ජනාධිපති තෝරාපත් කර ගැනීමේ පළමු වටයේදී මුළු ඡන්ද ප්‍රමාණයෙන් 32.06%ක් ලබාගන්නා පාස් දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී ඡන්ද […]
ජපාන ජාතික ‘සනායේ තකායිචි’ (Sanae Takaichi) පසුගිය දිනවල ලෝක දේශපාලන කරළියේ වැඩි අවධානයක් දිනාගත් චරිතයක්. ඇය ජපාන ඉතිහාසයේ වෙන කිසිදු කාන්තාවකට කළ නොහැකි වූ දස්කමක් දැක්වීමට සමත් වුණා. 2025 ඔක්තෝබර් 21 දින ජපානයේ අගමැති ධුරයට සනායේ පත් වූයේ කාන්තාවක ජපානයේ අගමැති ධුරයට පත් වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින්.ජපානයේ පළමු වරට අගමැතිවරයකු පත් වූයේ 1885 වසරේ. […]
ජන හා නිවාස සංගණනය – 2024ට අනුව 21,781,800ක් වූ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 74.1%ක් සිංහල ජන වර්ගයට අයත්. 12.3%ක් ශ්‍රී ලංකා දෙමළ, 10.5%ක් ශ්‍රී ලංකා යෝනක/මුස්ලිම්, 2.7%ක් ඉන්දියානු දෙමළ/මලෛයහ දෙමළ සහ 3.0%ක් බර්ගර්, මැලේ, ශ්‍රී ලංකා චෙට්ටි, භාරත, වැදි යන ජනවර්ගවලට අයත්.ශ්‍රී ලංකාවේ ’මලෛයගම් ප්‍රජාවගේ සතුට‘ තේමා කරගනිමින් වතුකරයේ දෙමළ ප්‍රජාව වෙනුවෙන් නිවාස ලබාදීමේ ව්‍යාපෘතියේ […]
මීට වසර 108කට පෙර ඔක්තෝබර් මස 25 දින ලෝක ඉතිහාසයේ අතිශයින් ම වැදගත් ඓතිහාසික සංසිද්ධියක් ඇති වුණා. ඒ, මහාද්වීප දෙකක් පුරා පැතිරුණු ලෝකයේ විශාලතම රට වූ රුසියාවේ සිදු වූ ඔක්තෝබර් විප්ලවය. ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ එම ඓතිහාසික සිද්ධිය අඳුරුවන් කිරීමේ විවිධ ප්‍රයත්න පැවතුණේ හා පවතින්නේ වුව ද මේ වන විට ලෝකයේ පවත්නා සිදුවීම් දෙස […]