යුක්තියට අලුත් හුස්මක්

ප්‍රභූ දේශපාලනයේ ‘යුක්තිය’ 2001 පරිවාස ආණ්ඩුවේදී පොදුජන එක්සත් පෙරමුණට ජවිපෙ බොහෝ කොන්දේසි දැම්මා. එවක ජනාධිපති චන්ද්‍රිකා ඉන් වැඩිමනත් කොන්දේසි ඉටු කළේ ජවිපෙ මන්ත්‍රී ධුර දහයේ බලවත්කම සලකමින්. එම කොන්දේසි අතර වඩාත් වැදගත් කොන්දේසිය වූයේ ස්වාධීන කොමිසම් සභා පිහිටුවීම. එය ඉටු කරමින් විධායක බලතලවලට යටත් නොවන කොමිසම් සභා ගොඩනැඟෙන 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. එහෙත් […]

සෙල්ලම් නැති හැපීම

සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන ලෝක ජලභීතිකා දිනයේ (world Rabies Day ) මෙවර තේමාව වන්නේ ‘සුවය සපිරි දැයක්’ යන්න. මේ දිනය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ 2007 වසරේ ලෝක ජලභීතිකා පාලන සන්ධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් එක් ව 2026 වසරේ ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඉලක්කයක් […]

දශක හයක මානව අයිතිය

සාක්ෂරතාව මූලික මානව අයිතියක්. එය අනෙකුත් සියලු මානව අයිතීන් මෙන් ම ගෝලීය නිදහස භුක්ති විඳීම සඳහා ද මග විවර කරනවා. නීතියේ ආධිපත්‍යය, සහයෝගිතාව, යුක්තිය, විවිධත්වය, ඉවසීම මෙන් ම දැනුම, කුසලතා, වටිනාකම්, ආකල්ප, හැසිරීම් සඳහා ද සාක්ෂරතාවට පදනමක් සපයනවා. යුනෙස්කෝ සංවිධානයට අනුව සාක්ෂරතාව යනු විවිධ සන්දර්භ තුළ මුද්‍රිත හා ලිඛිත ශ්‍රව්‍ය භාවිත හඳුනා ගැනීමට, තේරුම් ගැනීමට, […]

කෘත්‍රිම හිරු

හරිතාගාර වායු නිකුත් වීම හේතුවෙන් පෘථිවිය උණුසුම් වීම සහ සාම්ප්‍රදායික ෆොසිල ඉන්ධන (ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු) වේගයෙන් ක්ෂය වී යාම වත්මන් මානව වර්ගයා මුහුණ දී තිබෙන දරුණුතම අභියෝගයක්. මේ බලශක්ති අර්බුදයට සහ පාරිසරික අර්බුදයට ඇති එක ම සහ ස්ථිරසාර විසඳුම ලෙස විද්‍යාඥයන් දැන් දකින්නේ න්‍යෂ්ටික බලශක්තිය යොදා ගැනීම. ඒ අතරිනුත්  ඔවුන්  වඩාත් විශ්වාසය […]

සාමුහිකත්වයේ ජය ටැඹ

මෙවර ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය තනි තරුවක් වෙත විශ්වාසය නොතබමින්, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළා. ඒ සමඟ ආජන්ටිනාව Lionel Messi මත රඳවා තිබූ බලාපොරොත්තු සීමා කිරීමට ස්පාඤ්ඤයට හැකි වුණා. එහිදී ආජන්ටිනාවේ ප්‍රහාරක රිද්මය බිඳ දමමින් පෙර, මැද සහ පසු ලෙස ස්පාඤ්ඤය රඳවාගෙන ගිය කණ්ඩායම් රිද්මයේ ඒකීයත්වය කැපී පෙනුණා. අවසාන ප්‍රතිඵලය ලෙස ස්පාඤ්ඤය 1:0ක් […]

සංවර්ධිත රාජ්‍යයක පෙර නිමිති

ශ්‍රී ලංකාව 2022 වසරේ ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක් බවට පත් වුණා. විදේශ විනිමය හිඟය, ණය පැහැර හැරීම, ඉන්ධන හා ඖෂධ හිඟය, ඉහළ උද්ධමනය සහ ආර්ථික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් පාහේ බිඳවැටීම එම අර්බුදයේ ප්‍රධාන ලක්ෂණ. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දේශපාලන ව්‍යුහය කඩා වැටී දැඩි අසන්නකාරී තත්ත්වයකට පත් වුණා. […]

දල්ලෙන් දලුලන්න ඉඩ දෙන්න

රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන තේ කර්මාන්තයේ ඉදිරි ප්‍රවර්ධනය වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නව පියවරක් ගෙන තිබෙනවා. ඒ, කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගනිමින් පොකුරු තේ ගම්මාන 500ක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් අරඹමින්. ශ්‍රී ලංකාවේ තේ වගා කරන දිස්ත්‍රික්ක 14ක් තිබෙනවා. ඒ යටතේ ඇති තේ පරීක්ෂක කොට්ඨාස ගණන 144ක්. ඒ අනුව පළමු […]

බකිංහැම් මාලිගය එපාලු!

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටා තිබෙන බකිංහැම් මාලිගය එරට සුප්‍රකට ම සහ වැදගත් ම ස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. බ්‍රිතාන්‍යයේ කිරුළ දරන රජුගේ හෝ රැජිනගේ හෝ ප්‍රධාන නිල වාසස්ථානය ලෙස සැලකෙන්නේ බකිංහැම් මාලිගය. එය රජුගේ/රැජිනගේ පරිපාලන මූලස්ථානය හැටියටත් ක්‍රියා කරනවා. ගෙවී ගිය වසර 190කට ආසන්න කාලය පුරා ම රජුගේ හෝ රැජිනගේ හෝ ප්‍රධාන වාසස්ථානය ලෙස […]

එල්නිනෝ…. ළඟ එනො

එල්නිනෝ යනු අප කිසිවෙකුටත් කිසිලෙසකින් හෝ මඟ හැරිය නොහැකි පාරිසරික තත්ත්වයක්. රටින් රටට, කලාපයෙන් කලාපයට අඩු වැඩි වශයෙන් බලපෑම් සිදු කරන එල්නිනෝ හමුවේ එයට මුහුණදීමට අප සූදානම් විය යුත්තේ කෙසේ ද? යන්න විමසා බැලීම කාලීන ව වැදගත්. එල්නිනෝ සංසිද්ධිය ඇති වන්නේ මධ්‍යම නැගෙනහිර සමක පැසෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයකට වඩා ඉහළ යාම හේතුවෙන්. […]

වංගු නැති ඩෙංගු 

ඩෙංගු යනු ලෝකයේ රටවල් 100කට අධික සංඛ්‍යාවක් පීඩා විඳින වෛරසයක්. 1960න් පසු ඩෙංගු රෝගයේ පැතීරිම ඉතා ශිීඝ්‍රයෙන් වර්ධනය වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට වර්තමානයේ වසරකට මිලියන 100-400 දක්වා අතර වන පිරිසක් ඩෙංගු රෝගයෙන් පීඩා විඳිනවා. ඩෙංගු වෛරසය පතුරුවන්නේ Aedes aegypti සහ Aedes albopictus යන ගැහැනු මදුරුවන්. බිත්තර, කීට, පිළවා සහ වැඩුණු මදුරුවා ලෙස […]