ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බරය

පංති සමාජය යනු මිනිසා සුළුතරයක පීඩනයට ගොදුරු කළ දුෂ්ට ආකාරවල පෙළක්. එයට එරෙහි ව ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බරය, මානව විමුක්තිය පිළිබඳ සිහිනය යථාර්ථයක් කළා. ලෙනින්ලා බිහි කළ සෝවියට් රුසියාව නම් දැවැන්ත සාමුහික සමාජය අද නැහැ. එහෙත් එයින් මානව විමුක්තියට දුන් ආදර්ශය හා ධෛර්යය අදත් එලෙස ම පවතිනවා. නව සමාජ ක්‍රමයක් බාහිර කුමන්ත්‍රණ හා අභ්‍යන්තර දියාරුවීම් හේතුවෙන් ඇදවට්ටවන්නට […]

ලූලා ද? ෆ්ලාවියෝ ද?

ලතින් ඇමරිකාවේ මේ වසරේ පැවැත්වෙන වැදගත් දේශපාලන තරගයක් ලෙස 2026 බ්‍රසීල ජනාධිපතිවරණය හඳුන්වන්න පුළුවන්. මේ සඳහා අපේක්ෂකයන් 13 දෙනෙකු ඉදිරිපත් වී සිටියත් ප්‍රධාන තරගය පවතින්නේ වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) හා එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෙයාර් බොල්සොනාරෝගේ (Jair Bolsonaro) පුත්‍රයා වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flavio Bolsonaro) අතර. ජනාධිපතිවරණයේ පළමු […]

ගරිල්ලා සටනේ සංකේතයක්

ලෝක ඉතිහාසයේ ගරිල්ලා සටන්කරුවන් අතරේ අර්නෙස්ටෝ චේ ගුවේරාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. වෛද්‍යවරයකු, ලේඛකයකු, ගරිල්ලා සටන්කරුවකු, ආර්ථික හා දේශපාලන චින්තකයකු වූ ඔහු ලොව ප්‍රසිද්ධියට පත්වූයේ කියුබානු විප්ලවයේ නායකයකු ලෙස. අදත් ඔහුගේ රුව සහිත පින්තූර, පෝස්ටර් හා ටී-ෂර්ට් විවිධ රටවල දක්නට ලැබෙන අතර එම රුව පිටුපස සිටි මිනිසාගේ දේශපාලන අදහස් සහ ඔහු ජීවත් වූ යුගයේ සමාජ […]

නොකියවීම කියවීම

නොකියවීම නිසා බිහි වන්නේ අසම්පූර්ණ, අසංස්කෘතික, අඥාන, ප්‍රඥා විරහිත සමාජයක්. කියවීම වුව ද ඉගෙනුමට ම සීමා වූ තැන (Read to Learn) බිහි වන්නේ යාන්ත්‍රික, වෘත්තීයමය සමාජයක්. ඊට මානවීය ගුණ සහ රසය මුසු වන්නට නම් කියවීමට උගත් (Learn to Read) කියවීම හුරු අය (Readers) සිටිය යුතුයි. කෙසේ වෙතත් නොකියවීමට වඩා ඉගෙනුමට කියවීම හෝ කියවීමට ඉගෙනීම හෝ […]

සිනමා සියවස අභිමුව අනාගත සිනමාව

ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස සැමරීම (1925-2025) අභිමානවත් අයුරින් සිදු කර, 101 වැනි වස ගෙවමින් සිටින මොහොතේ සිංහල සිනමාවේ අනාගතය දෙස විමසුම් ඇසින් බැලීම කාලෝචිත යැයි සිතෙන්නක්. ගෙවුණු සියවසේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක් වූ සිනමාපට, සිනමාකරුවන්, ග්‍රන්ථ, ලිපි, සිනමා විචාරකයන්, නිෂ්පාදන හා තාක්ෂණික ශිල්පීන් සහ අනෙකුත් ආනුෂංගික විෂයට අදාළ අංශ සහ ශිල්පීන් පිළිබඳ ප්‍රමාණාත්මක […]

මනසින් සවිමත් – දරුවන් පොහොසත්

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අනුව ළමයකු යනු උපතේ සිට වයස අවුරුදු 18 දක්වා වයස් සීමාවේ පසුවන ඕනෑ ම අයෙක්. ශාරීරික ව සහ මානසික ව නොමේරූ අවධියක සිටීම හේතුවෙන් ළමයෙකුට උපතට පෙර මෙන් ම උපතින් පසුව ද යෝග්‍ය නෛතික රැකවරණය ඇතුළු ව විශේෂ ආරක්ෂාව සහ රැකවරණය අවශ්‍ය බව සැලකෙනවා. ජිනීවා නගරයේ පැවති ලෝක සමුළුවකදී […]

මොකක් ද? මේ Sepsis

ලෝක සෙප්සිස් දිනය (World Sepsis Day) සෑම වසරක ම සැප්තැම්බර් 13 දිනට යෙදී තිබෙනවා. 2012 වසරේ නම් කෙරුණු එම දිනයත් සමඟ ගෝලීය සෙප්සිස් සන්ධානය (Global Sepsis Alliance) සැප්තැම්බර් මාසය හඳුන්වන්නේ සෙප්සිස් රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස. මෙවර එහි තේමාව වන්නේ ‘ Invest In sepsis -Save lives’ යන්න. ඉහළ ආදායම් ලබන රටවල සෙප්සිස් රෝගියෙකු […]

පුනරුදයේ දෙවසරක පිය සටහන්

පුනරුදයේ ඇරඹුම පුනරුද යුගයක් ඇති කිරීම යනු දැවැන්ත සංස්කෘතික බුද්ධිමය හා කලාත්මක පුනර්ජීවනයක් ඇති කිරීම. 21 වැනි සියවසේ ශ්‍රී ලංකාව ලෙස අප අත්පත් කරගත යුතු ව තිබූ සංවර්ධන කරා සාමුහික ජනතා මැදිහත්වීමක් සහිත ව රට රැගෙන යාම. මෙහිදී පළමුකොට ම කළ යුතු වුණේ දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක්. ජනතාව ඊට මුල පුරමින් නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු […]

ජීවිත විසල් කරන සුයාමය

සාහිත්‍ය කෘතියක් දෑතට ගත්විට විස්තර කළ නොහැකි යම් සතුටුදායක හැඟීමක් අපට දැනෙනවා. යම් විටෙක එය අප කුඩා අවදියේ කතන්දර පොතක් ඉතා ආසාවකින් රැගෙන සිටි විට දැනුණ හැඟීමේ, පොතේ සුවඳේ මතකය සමඟ මුසු වුවක් විය හැකියි. සාහිත්‍ය කෘතියක් යනු එය නිම වී  තිබෙන ද්‍රව්‍යාත්මක දෙයට වඩා වෙනත් වටිනාකමක් තිබෙන බව අපට හැඟෙනවා. සාහිත්‍ය කෘතියක් සමඟ පාඨකයෙකුට […]

ගෝලීය සිසිලනය

වායුගෝලයේ ස්ථර ගෝලයේ ඕසෝන් සාන්ද්‍රණය ඉතාමත් වැඩි වායු කලාපය ඕසෝන් ස්ථරය ලෙස හඳුන්වනවා. මෙය පිහිටා තිබෙන්නේ සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට වායුගෝලයට විහිදෙන 15km – 35km කලාපයේ. සූර්යාගේ සිට පැමිණෙන අහිතකර පාරජම්බුල කිරණ ඒවායේ ශක්ති මට්ටම හා තරංග ආයාමය අනුව UV-A, UV-Biy UV-C ලෙස වර්ග තුනකට අයිති වෙනවා. ඉන් වැඩි හානියක් ඇති කරන UVC කිරණ පූර්ණ […]