#සාහිත්‍ය

මරණීය කලාවේ පන්හිඳ අසිපත

  • නුවන් කුමාර කටුගම්පල

සාහිත්‍යය සහ කලාව ඔස්සේ සමාජ දේශපාලනික වාතාවරණය සාකච්ඡාවට බඳුන් කරමින් නිර්මාණකරණයේ යෙදෙන සාහිත්‍යකරුවන්ට සහ කලාකරුවන්ට සිය පැවැත්ම සම්බන්ධයෙන් ගැටලු මතුවීම ලෝක ප්‍රවණතාවක්. ධන, නිල සහ සමාජ දේශපාලනික බලපුළුවන්කාරකම් ඔස්සේ සාහිත්‍යයේ සහ කලාවේ නියැළෙන්නේ නම් පැවැත්ම තහවුරු කර ගත හැකි වීමත් එහි ස්වභාවයක්. මෙහි පළමු වැනි හැඳින්වීමට අදාළ ව ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකා කොදෙව්වේ ද අකල්හි පැවැත්ම බිඳවැටුණු බහුතරයක් සිටිනවා. ඒ අතරතුර සිය කීර්තිනාමය, අභිමානය සහ ගෞරවය ද රැකගෙන මහත් දුෂ්කර ජීවිත ගත කරමින් අපහසුතා මධ්‍යයේ පැවැත්ම තහවුරු කරගෙන ජන සම්මානයට පාත්‍ර වූ සුපිරි නිර්මාණකරුවන් ද නැත්තේ නැහැ. සිටින්නේ අතළොස්සක්.

සාහිත්‍යය සහ කලාව ඔස්සේ සමාජ දේශපාලනික වාතාවරණය සාකච්ඡාවට බඳුන් කරමින් නිර්මාණකරණයේ යෙදෙන සාහිත්‍යකරුවන්ට සහ කලාකරුවන්ට සිය පැවැත්ම සම්බන්ධයෙන් ගැටලු මතුවීම ලෝක ප්‍රවණතාවක්. ධන, නිල සහ සමාජ දේශපාලනික බලපුළුවන්කාරකම් ඔස්සේ සාහිත්‍යයේ සහ කලාවේ නියැළෙන්නේ නම් පැවැත්ම තහවුරු කර ගත හැකි වීමත් එහි ස්වභාවයක්. මෙහි පළමු වැනි හැඳින්වීමට අදාළ ව ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකා කොදෙව්වේ ද අකල්හි පැවැත්ම බිඳවැටුණු බහුතරයක් සිටිනවා. ඒ අතරතුර සිය කීර්තිනාමය, අභිමානය සහ ගෞරවය ද රැකගෙන මහත් දුෂ්කර ජීවිත ගත කරමින් අපහසුතා මධ්‍යයේ පැවැත්ම තහවුරු කරගෙන ජන සම්මානයට පාත්‍ර වූ සුපිරි නිර්මාණකරුවන් ද නැත්තේ නැහැ. සිටින්නේ අතළොස්සක්.

මෙවැනි වාතාවරණයක නිර්මාණ ජීවිතයේ අංකුර අවධියේ හෝ මැදි වකවානුවේ ජීවිතයෙන් වන්දි ගෙවූ හෝ විදේශගත ව දිවි බේරා ගත් හෝ නිර්මාණකරණයෙන් සහ සමාජ දේශපාලන ධාරාව ප්‍රශ්න කිරීමෙන් සදහට ම ඉවත්වී කිසියම් අර්ථපතියකු යටතේ කුලියක්මලියක් කරගෙන හෝ ජීවිත මහලු කර ගත් නිර්මාණකරුවන් සිටින්නේ අසීමිත ව. එවැන්නන් සිය දේශජ ගතිලක්ෂණ, මානව හිතවාදී සාධාරණ සමාජයක දැක්ම, ජාතික අරමුණු යනාදිය බලහත්කාරයෙන් යටපත් කරගෙන ගත කර ඇත්තේ නිර්වින්දනය වූ ජීවිත. 1964 ජුනි මස 5 දින අහංගමදී උපන් මුතුමාලගේ ශ්‍රියන්ත රූපචන්ද්‍රකුමාර වික්‍රමරත්න යනු එසේ දේශපාලන, ආර්ථීක සහ සමාජ පරිසරයක පැවැත්ම ප්‍රශ්නගතව  අකල්හි අතුරුදන් වූ කලාවේ චරිතයක්.

කවිය, කෙටිකතාව, විශේෂාංග ලේඛනය, නාට්‍ය, වේදිකාව සහ ජනමාධ්‍ය ඔස්සේ සිය සමාජ දේශපාලන මතවාදය ප්‍රබල ලෙස සමාජගත කරන්නට වෙහෙස වූ තරුණයෙක් ඔහු. නිර්මාණකරණයේ අංකුර පියවර පසුකර රසික, පාඨක ජන සමූහයා මතවාදී ව වෙනස් කළ හැකි තත්ත්වයේ නිර්මාණකරුවකු බවට ස්ථාවර වෙමින් සිටියදී හිටිවන ම අතුරුදන් වූ නිර්මාණකරුවෙක්. පීඩිත ජීවිතයක් සහිත උපතක් හිමි ව, වරප්‍රසාද අහිමි ව ජීවත්වූවකුගේ නිර්මාණාත්මක චින්තනය ප්‍රබල වීම නිසා සමාජයේ පිළිගැනීමට ලක්වීම ඇතැම් සමාජ කණ්ඩායම්වලට නුරුස්නා           පළිගැනීමට පවා බලපාන සාධකයක්. එහි ප්‍රතිඵලය නිර්මාණකරු මරා දැමීම හෝ අතුරුදන් කරවීම හෝ අකර්මන්‍ය කර දැමීම හෝ දක්වා අන්ධකාරයට ළඟා කරවිය හැක්කක්. එවැනි වාතාවරණයක චන්ද්‍රකුමාරට අත්වූ ඉරණම මරණය යන්න අනුමානයක්. ඒ අනුමානයට මගපාදන්නේ 1991 වර්ෂයේ මැද භාගයේ පටන් එනම් අවුරුදු 33කින් ඔහු හමු වූ කිසිවකු නොසිටීම සහ ඒ වන විට ඔහු පසුපස ඝාතන කල්ලි සැරිසැරීම මිතුරන් අතර ප්‍රසිද්ධ රහසක් ව පැවතීම.

‘මෙරට දේශපාලන සමාජ ඉතිහාසයේ එක් වකවානුවක් පිළිබඳ පැහැදිලි සිතුවමක් අඳින්නට ඔහුගේ ලේඛන ඇසුරු කිරීමෙන් හැකි ය’ යන්න කලක පටන් වැඩිපුර කතාබහට ලක්වන කරුණක්. ඒ කතාබහේ නියමු කාර්යභාරයක් ඉටු කරන චන්ද්‍රකුමාරගේ සමකාලීන ප්‍රවීන නිර්මාණකරුවන් දෙදෙනකුගේ ලේඛන ඇසුරින් මෙවර ජීවිතයක පියසටහන් සැරසෙනවා.

චන්ද්‍රකුමාරගේ නිර්මාණ සංගෘහිත සමාජවාදී කලා සංගමය ප්‍රකාශයට පත් කළ ‘භූගත කවිසිත’ කෘතියත් ඔහුගේ ජීවිතයේ සුවිශේෂ කඩඉම් අළලා අනුර දහනායක ලියූ ‘කොම්රේඩ්’ නවකතාව සහ එනමින් ම වූ චිත්‍රපට තිරපිටපතත් ඔහු පෙනී සිටින තැපැල් හැඳුනුම්පතේ ඡායාරූපය ඇතුළු ඉතා අතළොස්සක් වූ ඡායාරූපත් පමණක් චන්ද්‍රකුමාර වික්‍රමරත්න චරිතය අධ්‍යයනය කිරීමට නොසෑහෙන බවයි ඔහු පිළිබඳ තතු දත් අය පවසන්නේ. එකල ඔහු වැඩිපුර සිය නිර්මාණ පුවත්පත්වල පළ කළේ අන්වර්ථනාමවලින් බවයි ඔවුන් පවසන්නේ. ඒ, එවක පැවැති ජීවිත අවදානමට මුහුණදීමේ උපක්‍රමයක් ලෙස. එයින් සිදු ව ඇත්තේ ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ වූ වික්‍රමරත්නගේ බොහෝ නිර්මාණ ඔහුගේ ම යැයි නිශ්චිත ව හඳුනාගත නොහැකි වීම නිසා අස්ථානගත වීම.

ස්ථිර පදිංචි ස්ථානයකට හිමිකම් නොකී චන්ද්‍රකුමාරට තිබුණේ ලිපිනයක් නැති පදිංචියක්. නිදහසේ ජීවිතය ගත කිරීමට සහ නිර්මාණ කිරීමට ඔහුට ඇති අයිතිය අහිමි වීමත් ඔහුගේ නිර්මාණ රසවිඳීමේ අයිතිය සමාජයට අහිමි වීමත් යන අභාග්‍යසම්පන්න තත්ත්වයයි පසු පරපුරට අත්විඳිින්නට තිබෙන්නේ.

වර්තමාන දේශපාලන, ආර්ථික සහ සමාජීය වාතාවරණයට මුහුණදෙමින් දිවි ගෙවන පාලක-පාලිත දෙපාර්ශ්වයේ ම වගකීම වන්නේ නිර්මාණකරුවන්ගේ ස්වාධීනත්වයට බාධා නොකර සිටීම බව පැහැදිළි කර ගන්නට චන්ද්‍රකුමාර වික්‍රමරත්න නිර්මාණකරුවාගේ ජීවිත පුවත හොඳ නිදසුනක්. ඔහු අද දක්වා නිර්මාණකරණයේ සිටියානම් සම්මානිත සාහිත්‍යධරයෙක්, නාට්‍යකරුවෙක්, ප්‍රධාන ධාරාවේ දේශපාලන හෝ සමාජ ක්‍රියාධරයෙක් වන්නට අවකාශ නොතිබුණේයැයි කාට හෝ කිව හැකි ද? අනුර දහනායක සහ කුමාර ලියනගේ යන චන්ද්‍රකුමාරගේ සමකාලීන නිර්මාණකරුවන් දෙපළ පිළිවෙළින් ලංකාවේ ගෝර්කි මැයෙන් සහ නිහඬ විප්ලවවාදියා මැයෙන් සාකච්ඡාවට බඳුන් කරන්නේ ඒ පිළිබඳ.

මරණීය කලාවේ පන්හිඳ අසිපත

ලංකාවේ ගෝර්කි