#සංවර්ධන

පුනරුදයේ දෙවසරක පිය සටහන්

පුනරුදයේ ඇරඹුම

පුනරුද යුගයක් ඇති කිරීම යනු දැවැන්ත සංස්කෘතික බුද්ධිමය හා කලාත්මක පුනර්ජීවනයක් ඇති කිරීම. 21 වැනි සියවසේ ශ්‍රී ලංකාව ලෙස අප අත්පත් කරගත යුතු ව තිබූ සංවර්ධන කරා සාමුහික ජනතා මැදිහත්වීමක් සහිත ව රට රැගෙන යාම. මෙහිදී පළමුකොට ම කළ යුතු වුණේ දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක්. ජනතාව ඊට මුල පුරමින් නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට දූෂිත ප්‍රභූ පවුල් කීපයක් අත තිබූ රාජ්‍ය පාලනය වෙනුවට ජනතා පාලනයක් බිහි කළා. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් අධික සැප සම්පත් භුක්ති විඳිමින් ප්‍රභූන් ලෙස සමාජයේ ජීවත් වන්නට උත්සාහ කළ ක්‍රමය වෙනස් කරමින් ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වා තමන්ට හිමි ව තිබූ විශේෂ වරදාන, වරප්‍රසාද සීමා කර ගත්තා.

ජනාධිපති මන්දිර, වෙඩි නොවදින රථ ප්‍රතික්ෂේප කළා. ආරක්ෂාව සීමා කිරීම, ඇමති නිල නිවාස ප්‍රතික්ෂේප කිරීම, ඉන්ධන දීමනා සීමා කිරීම, වාහන බලපත්‍ර අහෝසි කිරීම, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම, මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ආදියෙන් දේශපාලන සංස්කෘතියේ වෙනසකට මුල පිරුවා. ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සහ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත සම්මත කරමින් එය තහවුරු කළා. රාජ්‍ය අංශයේ උසස්වීම්, නව බඳවා ගැනීම් ද දේශපාලන හිතවත්කම් මත නොව සුදුසුකම් අනුව සිදු කරමින් එම සංස්කෘතිය ශක්තිමත් කළා.

දූෂණය පිටු දැකීම හා නීතියේ ආධිපත්‍යය සුරැකීම

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් හා ස්වාධීන කරමින් අල්ලසින් දූෂණයෙන් තොර සමාජයක් සඳහා මූලාරම්භයක් ගැනීම ජනතා අභිලාෂ ඉටු කිරීමට ආණ්ඩුව ගත් සාධනීය පියවරක්. වසර ගණනාවක් තිස්සේ අධිකරණවල සිර වී තිබෙන නඩු හා අපරාධකරුවන්ට දූෂිතයන්ට එරෙහි නඩු කඩිනම් ව අවසන් කර වරදකරුවන්ට දඬුවම් පැමිණවීමේ අපේක්ෂාව සහිත ව අධිකරණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදුකර තිබෙනවා. නඩු ගොඩගැසීම පාලනය සඳහා කොළඹ සිවිල් අභියාචන මහාධිකරණ, වාණිජ මහාධිකරණ වැඩි කළා.  හිටපු අමාත්‍ය නිල නිවාස කීපයක් ම යුක්තියේ මැදුරු ලෙස නම් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ, සුළු හිමිකම් අධිකරණයක් සහ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ නඩු විභාග සඳහා විශේෂ අධිකරණ ලෙස යොදා ගත්තා. ප්‍රාදේශීය වශයෙන් අධිකරණ පහසුකම් ව්‍යාප්ත කරමින් මහේස්ත්‍රාත් අධිකරණ 130ක්, මහාධිකරණ 47ක් සහ අධිකරණ වෛද්‍ය ඒකක 15ක් ස්ථාපිත කළා. අධිකරණවලට අවශ්‍ය ශ්‍රව්‍ය-දෘශ්‍ය තාක්ෂණික උපකරණ ලබා දුන්නා. විද්‍යාත්මක පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රසායන විද්‍යා උපාධිධාරින් 50ක් බඳවා ගත්තා. රසායනාගාර අවශ්‍යතාව වෙනුවෙන් නව ගොඩනැගිලි ඉදිකිරිමට යම් කාලයක් ගත වන බැවින් එතෙක් කන්ටේනර් බහාලුම් 4ක් යොදා ගනිමින් ජංගම රසායනාගාර පහසුකම් සැලසුවා. 2027 වසර වන විට සමස්ත අධිකරණ පද්ධතිය ම ඩිජිටල්කරණයෙන් සම්බන්ධ කිරීමටත් සැලසුම් කර අවසන්.

කාලීන අවශ්‍යතාවට ගැළපෙන පරිදි නීති යාවත්කාලීන කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නීති විශේෂඥයන්ගේ යුත් කමිටු 21ක් පත් කර තිබෙනවා. මහජන නියෝජිතයන්ට පමණක් සීමා වී තිබූ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම රාජ්‍ය නිලධාරින් දක්වා ම පුළුල් කරමින් දූෂණ විරෝධී පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නියෝග නිකුත් කළා. එම වත්කම් බැරකම් ප්‍රකාශ ඕනෑ ම පුද්ගලයෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වෙබ් අඩවියෙන් බලා ගත හැකියි.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා අධිකරණ හා පාලන පද්ධතිය කෙරෙහි ජාත්‍යන්තර පිළිගැනීම ඉහළ යමින් ලෝක යුක්ති ව්‍යාපෘතියේ (උන්‍ඡ ඍමකැ දf ඛ්අ ෂබාැං) නීතියේ ආධිපත්‍ය දර්ශකය 75 සිට 74 දක්වාත් දූෂණයෙන් තොර බව පිළිබඳ දර්ශකය 63 සිට 61 දක්වාත් විවෘත රාජ්‍ය දර්ශකය 63 සිට 59 දක්වාත් දූෂණ සංජානන දර්ශකයේ (ක්‍ඡෂ) 121 වැනි ස්ථානයේ සිට 107 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.

මහජන ආරක්ෂාව තහවුරු කිරිම

දේශපාලනය, පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම ඉතිහාසය පුරා ගසට පොත්ත සේ වෙළී රට රැගෙන ගියේ විනාශය කරා. එහෙත් ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ දේශපාලන අධිකාරියට තිබූ සම්බන්ධතාව බිඳ වැටුණා. පාතාලය මර්දනයට හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කළා. අපරාධයකින් උපයන කළු සල්ලි සුදු කරමින් දේපළ මිල දී ගැනීමේ ඉඩකඩ අසුරා සම්මත කර ගත්තේ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ඇතුළු ව මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය වෙනුවෙන් පනත් කෙටුම්පත් කිහිපයක්. 

විදෙස්ගත ව සිට මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිතර වූ ජාවාරම්කරුවන් හා විවිධ අපරාධ සිදු කළ ජාත්‍යන්තර වශයෙන් වරෙන්තු නිකුත් කළ පාතාලයන් 58ක් පමණ ජාත්‍යන්තර පොලිසියේ සහය ද ඇති ව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව සමත් වුණා. ඒ වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙරළිකාර හා සමාජයේ ආන්දෝලනාත්මක තීන්දු ගනිමින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ වන විට සේවය කළ හා විශ්‍රාම ගෙන සිටි දක්ෂ නිලධාරින්ට උසස් වීම් ලබාදෙමින්  වගකීම් පැවරුවා. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමේදී පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කර වැරදිකරුවන්ට දඩුවම් පැමිණවීම ද ජනතාවගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වුණා.  එම විමර්ශන පිළිබඳ අත්දැකීමක් ඇති නිලධාරියෙකු වන ශානි අබේසේකර පොලිස් සේවයට නැවත කැඳවා ප්‍රහාරය ඇතුළු අපරාධ  රැසක් පිළිබඳ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කළා. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙන් ම දූෂිතයන් හා අපරාධකරුවන්ට අදාළ විමර්ශන පිළිබඳ ව ජනතාව සතුටු වන බව නොරහසක්.

කලාපීය හා ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්ෂාව පවත්වාගෙන යාම රටක ආරක්ෂක අමාත්‍යාංශය සතු වගකීමක්. එහි  අදාළ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා නාවුක හමුදාවට. එහෙත් පසුගිය පාලන කාලවල එම වගකීම පවරා තිබුණේ පෞද්ගලික ආරක්ෂක සේවාවක් වෙත. වත්මන් පාලනයේදී එය නැවතත් නාවුක හමුදාව වෙත පවරා ගත්තා. එයින් ආරක්ෂක වගකීම මනාව ඉටු කිරීමට හැකි වන අතර ම රටට විදේශ විනිමය උපයා ගැනීමට ද ඉඩක් ලැබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා

ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසරය පිරිසිදු කරන ව්‍යාපෘතියක් ම නොවෙයි. පරිසරයේ පවිත්‍රතාව පවත්වාගෙන යමින් ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරිම, එයින් සංස්කෘතිකමය වෙනසක් ඇති කිරිම එහි අරමුණ වෙනවා. ආකල්පමය වෙනස්කම් සිදු කළ හැක්කේ දේශනවලින් නොව දේශපාලන අධිකාරියේ හා පරිපාලනයේ ඉහළ සිට දෙන ආදර්ශයෙන් සහ ජනතාවට උසස් සේවා හා භෞතික පහසුකම් සැපයීමෙන්. ඩිජිටල්කරණය වේගවත් ව රාජ්‍ය යාන්ත්‍රණය තුළ ප්‍රචලිත කිරීමේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ දූෂණය හා නාස්තිය පිටුදැකීම. කොළඹ පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළ නවීකරණයට ප්‍රවාහන අමාත්‍යාංශය සමග ක්ලීන් ශ්‍රී ලංකා එක් වන්නේත්  ජනතාවට වැඩි පහසුකම් සහිත මෙට්‍රෝ බස් සේවාව භුක්ති විදීමේ ඉඩකඩ පුළුල් කිරිම සඳහා මැදිහත් වන්නේත් උසස් සේවා සැපයීමෙන් ආකල්පමය වෙනසක් ඇති කිරීමට. අද වන විට මෙට්‍රෝ බස් සේවාව සංස්කෘතිකමය වෙනසක් දක්වා ගමන් කරමින් තිබෙන බව පෙනෙනවා.

ආර්ථික පුනරුදය

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට මෙරට ණය නොගෙවන බංකොලොත් රාජ්‍යයක් ලෙසයි ලෝක පිළිගැනීම තිබුණේ. ඒ නිසා විදෙස් ණය ලැබුණේ නැහැ. ආයෝජකයන් තුළ දක්නට ලැබුණේ විශ්වාසයේ බිඳ වැටීමක්. විදෙස් අයෝජන මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති මෙන් ම ඇතැම් පාලම්, මහාමාර්ග පමණක් නොව බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ නව ඉදිකිරිම්, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ වැනි විශේෂ ව්‍යාපෘති පවා ඇන හිට තිබුණා.

වත්මන් පාලනය යටතේ මේ සියල්ල පෙරළුණේ කණපිට. 2024 අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.9ක්. ඒ, වාහන ආනයනය ඇතුළු ආනයන කිහිපයක් සම්පූර්ණයෙන් ම නවත්වා හෝ සීමා පනවා හෝ තිබුණු වටපිටාවක. 2025 අගෝස්තු මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක් ලෙස වර්ධනය වුණා. 2026 ජූලි මාසය අවසාන වන විට එය වර්ධනය වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 6,59ක් දක්වා. මේ වර්ධනය පෙන්නුම් කරන්නේ 2025 වන තෙක් අත්හිටුවා තිබු වාහන ආනයනය යළි ආරම්භ කළ පසුබිමක, දිට්වා වැනි සුළි කුණාටුවක් නිසා ගංවතුරෙන් හා ගස් කඩාවැටීමෙන් දිස්ත්‍රික් 3-4ක් හැර රට බරපතළ ඛේදවාචකයට මුහුණ දී එය යථාතත්ත්වයට පත් කිරීමට රජය රුපියල් බිලියන 500ක් වෙන්කර ඇති පසුබිමක මෙන් ම මැද පෙරදිග යුද්ධය නිසා දිගින් දිගට ම සිදුවන ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාම ඇතුළු අර්බුද   රැසක් මැද මහ භාණ්ඩාගාරයෙන් මුදල් යොදවා ජනතාව මත බර පැටවීම උපරිම ලෙස සීමා කරමින් යන තත්ත්වයකදී වීම විශේෂයෙන් සලකා බැලිය යුතුයි. මෙහිදී ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින් එය රටට හිතකර ලෙස යොදා ගැනීමටත් ඔවුන්ගේ කොන්දේසිවලට සීමා නොවී ජනතාවට ලබා දිය යුතු සහන ලබා දිය හැකි පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ගත් ක්‍රියාමාර්ග ඊට පදනම දැමූ බව අප පිළිගත යුතුයි. වාහන ආනයන ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන පරිදි 2025 වසරේ පමණක් සමස්ත වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.04ක් වැය කර තිබෙනවා.

2024 ශ්‍රී ලංකා රජයේ සමස්ත අය වැය හිඟය රුපියල් බිලියන 2041ක්. ඒ අනුව යමින් 2025 අය වැය හිඟය රුපියල් බිලියන 2,200ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබුණ ද සත්‍ය  අය වැය හිඟය පහළ ගියේ  රුපියල් බිලියන 744.86ක් දක්වා. ආර්ථික වර්ධන වේගය 2025 වසරේදී 5%ක් වූ අතර එය 2026 පළමු වැනි කාර්තුවේදී 5.1%ක් බවට පත් වුණා.

2030 වසර වන විට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමයි රජයේ සැලැස්ම. 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 16.17ක් වූ අපනයන ආදායම 2025 වසරේදී ඩොලර් බිලියන 17.2 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකු වාර්තා අනුව 2026 වසරේ මුල් මාස 06හි පමණක් මෙරට සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා තිබීම සාධනීය තත්ත්වයක්. මේ ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ. ආයෝජකයන් කැඳවා ගැනීම සඳහා යටිතල පහසුකම් හා ආයෝජන පරිසරය පුළුල් කිරීමට උපායමාර්ගික පියවර රැසක් අමාත්‍යාංශය ගෙන තිබෙනවා. විශේෂිත කර්මාන්තපුර 10ක් සංවර්ධනය කරමින් අක්කර 470ක නව ආයෝජන කලාප ඇති කිරීම (පරන්තන්, ඉංගිරිය, මිල්ලනිය සහ කටුනායක ආදී), නව කර්මාන්ත ආරම්භ කිරීම පහසු කිරීම සඳහා රට පුරා අක්කර 50,000ක ඉඩම් බැංකුවක් ආරම්භ කිරීම එවැනි පියවර. ඩිජිටල්කරණය හඳුන්වා දී ආයෝජකයන්ට නව ව්‍යාපෘති අනුමත කරගැනීමට ගතවන කාලය අවම කිරීමට පියවර ගෙන ඇති අතර ව්‍යවසාකයන්ට තමන්ගේ කාර්ය වඩාත් පහසු කර ගැනීම සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හා කුඩා ව්‍යාපාර අංශය ඒකාබද්ධ කර නව ආයතනයක් ලෙස ව්‍යවසායකත්ව  සංවර්ධන පරිවර්තන ආයතනය නමින් නව ආයතනයක් ආරම්භ කර තිබෙනවා.

අවුරුදු 40කට පසු පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව නැවත ඉදි කිරීමට මුලපුරා ඇති අතර නිසි ප්‍රයෝජනයක් නොගත් එප්පාවල පොස්පේට් නිධිය යොදාගෙන මෙරට පොහොර අවශ්‍යතාව සපුරමින් අතිරික්තය අපනයනය කිරීමටත් යොමු වී තිබෙනවා. අමුද්‍රව්‍ය ලෙස අපනයනය කළ මිනිරන්, ඛනිජ වැලි ආදී ඛනිජ සම්පත් අපනයනය ඉලක්ක කර ගනිමින් අගය එකතු කර නිෂ්පාදනයට ද සැලසුම් කර තිබෙන්නේ ඒ වෙනුවෙන් ආයෝජකයන් කැඳවා ගනිමින්. නව ව්‍යවසායකයන් ලෙස උපාධිධාරින් 404 දෙනෙකු ඇතුළු 19,000කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී අවසන්. අපනයනකරුවන් මුහුණදෙන පරිපාලනමය බාධා ඉවත් කිරීම, රේගු ක්‍රියාවලිය වඩාත් සරල හා ඩිජිටල්කරණය කිරීම සහ තත්ත්ව සහතික ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමෙන් මෙරට නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි වඩාත් තරගකාරී තත්ත්වයකට පත් කිරීමට මග විවර කර දී තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කරනවා.

මානව ප්‍රාග්ධනයේ ගුණාත්මක සංවර්ධනය

2026 වසරේදී අය වැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 704ක් වෙන් කළා. ඒ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා  වැඩි බරක් දැරීමට සිදුවන බවට අවබෝධයෙන්. අද වන විට ලෝකයේ දැනුම වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර අධ්‍යාපන විශේෂඥයන්ගේ මතය වන්නේ වසර 10කට පමණ පෙර තිබූ දැනුම් මට්ටම දෙගුණයක් වීමට වසර සියයක් පමණ ගත වූ බව සහ දැනට පවතින දැනුම මට්ටම වසර 10ක් ඇතුළත දෙගුණ වන බව. මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කර තිබෙන්නේ මෙලෙස වේගයෙන් පිමි පනිමින් අලුත් වන තාක්ෂණික දැනුම සමග ඉදිරියට යා හැකි වන පරිදි. අධ්‍යාපනයට වෙන් කළ ප්‍රතිපාදනවලින් 2026 වසරේදී වෘත්තීය අධ්‍යාපනයට රුපියල් බිලියට 20ක් වෙන් කළ අතර 2027 වසරේදී ඒ සඳහා බිලියන 30ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය නූතන ලෝක වෙළෙඳපොළට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා වූ මානව හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා එම ප්‍රතිපාදන යොදා ගැනීමයි අපේක්ෂාව.

ඩිජිටල්කරණය

රාජ්‍ය සේවාව වෙළාගත් අකාර්යක්ෂමතාව, දූෂණය, නාස්තිය අවම කරමින් ජනතාවට වඩාත් විධිමත් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීම ආණ්ඩුවේ තවත් ඉලක්කයක්. ඩිජිටල්කරණය ඒ සඳහා එක් ප්‍රධාන විසඳුමක්. සියලු රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කරමින් තිබෙන අතර දැනටමත් රාජ්‍ය ආයතන රැසක් ඊට සම්බන්ධ වී තිබෙනවා. රාජ්‍ය ආයතනවල සියලු මූල්‍ය ගෙවීම් ඨදඩච්හ මගින් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කර තිබෙනවා. අධිකරණ පද්ධතිය සඳහා ැ-ක්‍දමරඑිල සේවක අර්ථසාධක අරමුදල සඳහා ෘසටසඒක ෑඡත්‍ සහ ගොවියන් සඳහා ත්‍්රපැර භැඑ පද්ධතිය ස්ථාපනය කර අවසන්. ඉදිරියේදී බස් සේවාව හා දුම්රිය සේවාව සඳහා ද ඩිජිටල් ටිකට් පත් හඳුන්වා දීම සැලසුම් කර තිබෙන්නක්. මේ හා සමගාමී ව රාජ්‍ය සේවකයා තුළ ආකල්පමය සංවර්ධනයක් සිදුකිරීමත් රජයේ අපේක්ෂාවක්. ඔවුන් සම්බන්ධයෙන් මහජනතාවට යම් ගැටලු වේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරිමට හා තොරතුරු වාර්තා කිරිමට සෑම රාජ්‍ය ආයතනයක ම පිහිටුවා තිබෙන්නේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්. එම ඒකක නියාමනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්.

සෞඛ්‍ය සම්පන්න ජනතාවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ගුණාත්මක උසස් ප්‍රතිකාර සඳහා හොඳම යන්ත්‍රෝපකරණ රෝහල්වලට ලබා දීමේ ඉලක්කය ඇති ව හෘද කැතීටකරණ යන්ත්‍ර, ගැබ් ගෙල පරික්ෂා කිරීමේ යන්ත්‍ර, පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ යන්ත්‍ර, නවීනතම ක්‍ඔ ිජ්බ යන්ත්‍ර ඇතුළු යන්ත්‍රෝපකරණ රැසක් 2026 වසරේදී මිල දී ගෙන තිබෙනවා. පවුලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය කණ්ඩායමක් සහිත ව ග්‍රාමීය මට්ටමෙන් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන ආරම්භ කළා. මේ සියල්ලෙන් අපේක්ෂා කරන්නේ  නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම.

සංචාරක කර්මාන්තයේ සංවර්ධනය

මෙරට  සංචාරක පැමිණීම ඉහළ නැංවීම විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන ඉලක්කයක්. ඊට ගැළපෙන පරිදි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනයට අතරමග නැවතී තිබූ ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘති විදේශ ආධාර සහ මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන යොදවා ආරම්භ කිරීමටයි රජයේ සූදානම. දැනටමත් ැ-ඨ්එැි සහ ඊෂ් ඵදඉසකැ ්චච හඳුන්වා දී අවසන්. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු ද ක්‍රියාත්මයි. යටිතල පහසුකම් සහිත ව වනෝද්‍යාන අභයභූමි සංවර්ධනය කෙරෙන අතර ඒවාටත් ඊ ටිකට් හඳුන්වාදීම පිළිබඳ ව ද අවධානය යොමු ව තිබෙනවා.

නවීන තාක්ෂණයෙන් පිබිදෙන කෘෂි ආර්ථිකයක්

අක්කරයකින් වී බුසල් 200ක අස්වැන්නක් ලබා ගැනීමේ නවීන තාක්ෂණය ගොවියන් වෙත ගෙන ඒමටයි සැලසුම් කර තිබෙන්නේ. කෘෂිකාර්මික නිෂ්පාදන අගය එකතු කර විදේශ වෙළෙඳපොළට යැවීම සඳහා ගොවි ජනතාව දැනුවත් කිරීමේ භඪූ4 පාඨමාලා සහ තාක්ෂණික උපකරණ සැපයීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක ව තිබෙනවා. තේ අපනයන ගම්මාන 500ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන්නේ තේ අපනයනය ඉහළ නැංවීමට.

ජව සම්පන්න තරුණ පරපුරක්

දේශපාලනීකරණයට ලක් ව පහත වැටී තිබූ ක්‍රීඩා ක්ෂේත්‍රය මේ වන විට නව ජවයකින් ඉදිරියට යමින් පවතින බව දක්නට පුළුවන්. ක්‍රීඩා අමාත්‍යාංශය පවසන පරිදි දැඩි අර්බුද මතු ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් අමාත්‍යාංශයට පවරාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කර අවසන්. ඒවා ජයග්‍රහණ අත්පත් කර ගනිමින් සක්‍රිය ව ක්‍රියාත්මකයි. ඵසිසදබ ධකහපචසජි යටතේ ක්‍රීඩකයෙකුට මාසික ව රුපියල් 210,000ක් සහ පුහුණුකරුවෙකුට රුපියල් 100,000ක් ද ලබාදෙමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 144ක සංචිතයක් පවත්වාගෙන යනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව හා අලුතින් හඳුනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුව පුහුණු කටයුතු සහ පෝෂණ දීමනා ලෙස අමාත්‍යංශය මූල්‍ය ආධාරයක් ලබා දෙන්නේ මාසික ව.

බලශක්ති සුරක්ෂිතතාව

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් සුළං, සූර්ය වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා රජය වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ව්‍යාපෘතිවලින් විදුලි පරිභෝජනයෙන් වැඩි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි පියවරක් ලෙසයි සූර්ය බලශක්තිය ගබඩා කළ හැකි බැටරි ආනයනය ආරම්භ කළේ.

මෙලෙස ආර්ථිකයේ යම් ස්ථාවරයක් ගොඩ නගා ගත් ආණ්ඩුවේ සැලැස්ම වන්නේ 2027 වසර සංවර්ධනයේ වසරක් බවට පත් කිරීමට.