පිබිදෙන රග්බි

- වර්නන් ගුණසේකර
රග්බි ලෝක කුසලානය – 2027 සඳහා ආසියාවේ ගමන ආරම්භ වන්නේ 2025 ජුනි මාසයේ. ඒ, 2025 ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලියට තියුණු මුහුණුවරක් ගෙන එමින්.
2014 වසරෙන් පසුව වඩාත් ම අතිශය වැදගත් තරගාවලිය බවට මේ වසරේ තරගාවලිය පත් ව තිබෙනවා. 2014 වසරේදී ජපානය ලැබූ ජයග්රහණයෙන් ඔවුන්ට 2015 ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා මං විවර වුණේ ආසියාවේ රග්බි ක්‍රීඩාවේ තත්ත්වය ඉහළට ඔසවා තැබූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.
ජපානය දැනටමත් 2027 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා සිටියදී, කීර්තියට පත්වීමේ අභිලාෂයෙන් යුත්තවත් ජාතික කණ්ඩායම් හතරක් එනම් ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ දකුණු කොරියාව දැන් සිටින්නේ ඕස්ටේ්රලියාවේ පැවැත්වීමට නියමිත ගෝලීය රග්බි වේදිකාවේ ආසියාවේ අංක 1 ස්ථානය තහවුරු
කරගැනීමට තරග තුනක පමණක් දුරකින්. ආසියානු රග්බි තරග බිමේ මේ ඉහළ ම ස්ථරයට උසස් වීමක් ලැබූ අලු ත් ම කණ්ඩායමයි ශ්‍රී ලංකාව.
මේ තරගාවලියේ අනුශූරයන් වන කණ්ඩායමත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ දඩයමේ තවදුරටත් රැඳී සිටිනු ඇත්තේ ඔවුන් අවසාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්ථානයක් වෙනුවෙන් අප්‍රිකාවේ අංක 2 කණ්ඩායමට එරෙහි තරගයක් සඳහා උසස් වීමක් ලබන බැවින්. මේ තීරණාත්මක තරගාවලිය පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ 2025 වසරේ නොවැම්බර් 8 සිට 18 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ‘ද සෙවන්ස්’ ක්‍රීඩාංගණයේ.
ආසියානු රග්බි ශූරතාවලියෙන් ප්‍රදර්ශනය වන්නේ ආසියානු රග්බි ක්‍රීඩාවේ සිත්ගන්නා වර්ධනය සහ ගැඹුර. රග්බි ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් තුනක් ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා මේ දියුණුව වඩාත් වැදගත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව ආසියානු රග්බි තරග බිමේ ඉහළ ම ස්ථරයට නැවත පැමිණියේ මැලේසියාව ලකුණු 59-19කින් අප්‍රේල් මාසයේ කොළඹදී පරාජය කරමින්. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම එම තරගයේදී වේගවත්, ආක්‍රමණශීලී ක්‍රීඩාවකින් ලාංකේය රග්බි ලෝලීන් පිනවීමට සමත් වුණා.
මැලේසියාවට එරෙහි ව වාර්තා කළ මේ දැවැන්ත ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව නවතම ලෝක ශ්‍රේණිගත කිරීමේ එක් පියවරක් ඉහළට තබමින් අංක 39 ස්ථානයට පිවිසියා. මේ අනුව ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ශ්‍රේණිගත ව සිටින්නේ අංක 04ට. ඒ, ජපානය, හොංකොං හා දකුණු කොරියාවට පමණක් පසුපසින් සිටිමින්. ආසියාවේ ඉහළ ම රග්බි කණ්ඩායම් හතර අතරේ සිටින එක ම දකුණු ආසියානු කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකාව.
ජපානය ලකුණු 72.95ක් ලබාගෙන ආසියාවේ පෙරමුණේ සිටින අතර හොංකොං ලකුණු 59.49ක් රැස් කරගෙන දෙවැනි ස්ථානයේත් දකුණු කොරියාව ලකුණු 50.77ක් ලබාගෙන තෙවැනි ස්ථානයේත් පසුවනවා. ආසන්නතම ජයග්රහණයෙන් පසුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත ලකුණු 48.03ක් ලබාගෙන සිව් වැනි ස්ථානයේ පසුවන්නේ අනෙක් දකුණු ආසියානු රග්බි කණ්ඩායම්වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටිමින්. මැලේසියාව පරාජය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීමේ ලකුණු වැඩිවීමක් ලැබුණා පමණක් නොව එය ඔවුන්ට ආසියානු රග්බි ශූරතාවලියේදී ආසියාවේ හොඳම කණ්ඩායම් වන හොංකොං, දකුණු කොරියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් සමග තරග කිරීමේ අවස්ථාව ද ලබා දුන්නා.
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ මේ දියුණුව සිදු ව තිබෙන්නේ පසුගිය දෙවසර තිස්සේ අඛණ්ඩ ව පවත්වාගෙන පැමිණි දක්ෂතා
හේතුවෙන්. පසුගිය වසරේ කොළඹදී පැවති ආසියානු රග්බි 1 කොටසේ ශූරයන් වීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා. එහිදී ඔවුන්
අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහි ව ලකුණු 45-10ක් සහ අවසාන තරගයේදී කසකස්තානයට එරෙහි ව ලකුණු 45-7ක් වශයෙන් ඉතා පහසු ජයග්‍රහණ වාර්තා කළා