CkDu නවතම පර්යේෂණය


ජ්‍යේෂ්ඨ මහාචාර්ය
ආර්.එම්. ගාමිධෑ රාජපක්ෂ
රසායනික විද්‍යා අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
- බිනූ දිලාරා ගමගේ
ශ්‍රී ලංකාවේ උතුරු මැද සහ උතුරු පළාත් ගම්මානවලින් 90 දශකයේ පටන් වාර්තා වන හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය (CKDu (Chronic Kidney Disease Unknown etiology) දියවැඩියාව, රුධිර පීඩනය වැනි වකුගඩු රෝගය සඳහා අවදානම් සාධක නොමැති පුද්ගලයන් අතර පවා ව්‍යාප්ත විය හැකි වකුගඩු රෝග ප්‍රභේදයක්. විශේෂයෙන් ගොවි ජනතාව අතර වැඩි වශයෙන් දක්නට පුළුවන් මේ තත්ත්වය රෝගයේ පිළිබඳ මුල් අනාවරණයවීම්වලදී ම නිරීක්ෂණය කෙරුණු කාරණාවක්.

CKDu රෝගය පිළිබඳ මූලික පර්යේෂණවලදී වකුගඩු රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ජලයේ ආසෙනික් සහ කැඩ්මියම් වැනි උත්සර්ජිත ද්‍රව්‍ය හා වගාවට ඉසින විවිධ රසායනික පොහොර සංයෝගවලින් වකුගඩුවලට සිදු කළ හැකි හානිය පිළිබඳ වැඩි අවධානයක් යොමු වුණා. 2000-2010 වසර පමණ වනවිට ක්‍රමයෙන් වර්ධනය වුණේ මේ රෝගය පිළිබඳ ජාත්‍යන්තර අවධානය. ජාත්‍යන්තර සහය සහ විවිධ පර්යේෂණ කණ්ඩායම් ශ්‍රී ලංකාවේ මේ රෝගය පිළිබඳ අධ්‍යයන සඳහා සම්බන්ධ වීමත් දක්නට ලැබුණා. එහිදී වැඩි අවධානයක් ලබා දුන්නේ රෝගය වැළඳීමට ඇති හැකියාව සහ ඊට බලපාන වෘත්තීයමය, සමාජීය සාධක පිළිබඳ ව. පසුව ජාතික විද්‍යා පදනම (NSF) සහ ජාත්‍යන්තර ආයතන සමග එක් ව CKDu රෝගය සම්බන්ධයෙන් වඩාත් විධිමත් ව වැඩිදියුණු කරන ලද පර්යේෂණවලදී ග්ලයිෆොසේට් වකුගඩු සෛලවලට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කෙරුණා. නව තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් CKDu රෝගයට වැළඳීමට හේතුවන ජෛව රසායනික විපර්යාස, පාරිසරික වශයෙන් ජල සංයුතියේ ඇතිවන ගුණාංග සහ ජීව විද්‍යා පද්ධති විග්‍රහය පිළිබඳ පර්යේෂණ වර්තමානයේ පවා සිදු වනවා.
CKDu රෝගය ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන්නක් නොවෙයි. විශේෂයෙන් එය ශ්‍රී ලංකාවට සමාන අක්ෂාංශික කලාපයේ පිහිටා තිබෙන මධ්‍යම ඇමරිකානු කලාපයේ එල් සල්වදෝර් (EL Salvador), නිකරගුවා (Nicaragua) වැනි රටවල, ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කලාපීය ඇතැම් ප්‍රදේශවලින් සහ චීනයේත් ඇතැම් පළාත්වල ජීවත්වන ගොවි ජනතාව අතරත් වාර්තා වී තිබෙනවා. එම නිසා මෙය රටවල් සමූහයකට ම මුහුණදෙන්නට සිදු වී තිබෙන රෝගී තත්ත්වයක්.
පසුගිය දශක කිහිපයේ සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට CKDu රෝගයේ මූලබීජ හඳුනා ගැනීමට, රෝගය වැළැක්වීමේ උපාය මාර්ග විශ්ලේෂණය කිරීමට මෙන් ම රෝගය පාලනයට අවශ්‍ය නිසි විසඳුම් සකස් කිරීමට වුවමනා අවකාශය නිර්මාණය වීම සැබෑ ජයග්‍රහණයක්. ඒ අනුව දිගුකාලීන නියැදි පරීක්ෂාවකින් පසුව මා කලින් සඳහන් කළ කරුණු අධ්‍යයනය කිරීමෙන් 2024 දෙසැම්බර් 14 දින CKDu රෝගය සම්බන්ධයෙන් නවතම පර්යේෂණ දත්ත එළි දැක්වීමක් බත්තරමුල්ලෙදී සිදු වුණා. මේ පර්යේෂණය සඳහා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික වකුගඩු රෝග අධ්‍යයන ඒකකය, පේකින් විශ්වලය, චීන විද්‍යා ඇකඩමිය (CAS) සහ ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ මෙන් ම ජාතික සහ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමත් සිදු වුණා.

මෙම පර්යේෂණයේදී උතුරු මැද පළාතේ CKDu ව්‍යාප්ත ප්‍රදේශවලින් (උදාහරණයක් ලෙස අනුරාධපුර, පොළොන්නරුව) සහ CKDu රෝගය ව්‍යාප්ත නොවූ ප්‍රදේශවලින් ලබා ගන්නා ලද ජල නියැදිවල අඩංගු සෝඩියම්, ෆ්ලූරයිඩ් සහ කැල්සියම් රසායනික සංයෝග ප්‍රමාණ අධ්‍යයනය කිරීමටත් රෝගය ආසාදිත පුද්ගලයන් නිරීක්ෂණය කිරීමටත් රෝග පාලන උපායමාර්ග සම්පාදනයටත් අවධානය යොමු කළා. සාමාන්‍ය ජලයේ අඩංගු බැර ලෝහ මට්ටම CKDu රෝගය සඳහා ප්‍රමාණවත් නැහැ. මේ රෝගය සාමාන්‍යයෙන් ළිං ජලය පානය කරන ගොවි ජනතාව අතර වැඩිපුර පැවතුණත් පෘෂ්ඨීය තලයේ (Surface Level) ජල මූලාශ්‍රවලින් ලබා ගන්නා ජලය පානය කරන අය අතර රෝගය වාර්තා වීමක් දක්නට නැහැ. ඒ අනුව එතෙක් පර්යේෂණවලින් හඳුනා ගැනීමට නොහැකි වූ ළිං ජලයේ අධික ෆ්ලූරයිඩ් (F⁻), සෝඩියම් (Na⁺) සහ කැල්සියම් (Ca²⁺) මට්ටම්වලින් වකුගඩුවලට යම්කිසි බලපෑමක් සිදුකළ හැකි බව හඳුනා ගැනුණා. මේ සෑම අයන සංඝටකයක් ම රෝගයට හේතුකාරක බවට නිශ්චිත පැවසීමට නොහැකි වුවත් ෆ්ලූරයිඩ්, සෝඩියම් සහ කැල්සියම් අයන ප්‍රතික්‍රියා කිරීමෙන් වකුගඩුවලට වක්‍ර බලපෑමක් ඇති කළ හැකි බවට මිනිස් කාය සෛල අධ්‍යයන ඔස්සේ හඳුනාගෙන තිබෙනවා. මීට හේතුව වන්නේ කැල්සියම් ෆ්ලූරොයිඩ් (CaF₂), මැග්නීසියම් ෆ්ලූරොයිඩ් (MgF₂) සංයෝග වකුගඩුවල තැන්පත් වීමෙන් මේ රෝගය වැළඳෙන බවට සිද්ධාන්තයක් මතු ව තිබීම.
මේ පර්යේෂණයේදී අනාවරණය කරගත් කරුණු අනුව යෝජනා කිහිපයක් ඉදිරිපත් කෙරුණා. රෝගය පාලනය වෙනුවෙන් ජලය පිරිසිදු කිරීමේ electrodialysis හා nanofiltration නව්‍ය තාක්ෂණික උපක්‍රම රෝගීන් සහ රෝගයේ බලපෑමට ලක්වන ප්‍රදේශවල ජනතාව සඳහා හඳුන්වා දීම එක් යෝජනාවක්. එසේ ම ළිං ජලය පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය පියවර සහ ළිං ජලය භාවිතය වෙනුවට ආරක්ෂිත ජල මාර්ග භාවිතය උදෙසා මග පෙන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන් ම ජලයේ ෆ්ලූරොයිඩ්, සෝඩියම් සහ කැල්සියම් සංයෝග අඩංගු ප්‍රතිශත පාලනය කිරීමටත් රෝගය මුල් අවධියේදී ම හඳුනා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමටත් රෝගයෙන් පීඩා විඳින පවුල් සඳහා අවශ්‍ය සහන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත් යෝජනා කෙරුණා. චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකා පර්යේෂණ මධ්‍යස්ථාන සමග සහයෝගිතාව වැඩිදියුණු කර ගැනීමට යෝජනා වීමත් මෙහි තවත් වැදගත් කාරණාවක්. ඉදිරියේදී මේ පර්යේෂණ යෝජනා ඔස්සේ මහජනයාගේ සුභ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට හා මගපෙන්වීම් හා අවශ්‍ය අනුබලය ලබා දීමටත් අපේක්ෂා කරනවා.