GFU රූපමය පෙළහර

ගෙවුණු වසරේ (2023) සමරන්නට යෙදුණු රජයේ චිත්‍රපට අංශයේ 75 වැනි සංවත්සරයට සමගාමී ව ජාතික වැදගත්කමක් දරන චිත්‍රපට නව පරපුර වෙත සමීප කරවීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනා ගත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෙසතිය පුවත් සඟරාවේ ඉදිරි කලාපවලින් එම චිත්‍රපට පිළිබඳ පසුබිම් කතා ඇතුළත් කෙටි විමසුමක් ගෙන ඒමට සූදානම් බවට පසුගිය කලාපයෙන් දැනුවත් කළෙමු. රජයේ චිත්‍රපට අංශයේ යූටියුබ් […]

යොවුන් ක්‍රිකට් කිරුළ කැන්ගරුවන්ට

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණත් පසුව දකුණු අප්‍රිකාවේ පැවත් වූ වයස අවුරුදු 19න් පහළ 2023-24 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ජයගැනීමට හග් වෙයිබ්ජන්ගේ නායකත්වයෙන් යුතු ඕස්ටේ්‍රලියාව සමත් වුණා. ඒ, පෙබරවාරි 11 දින පැවති අවසන් තරගයෙන් ඉන්දියාව පරදවමිනි. ඕස්ටේ්‍රලියාව මෙම තරගය ජයගත් සිව් වැනි අවස්ථාව වන අතර මෙවර ඔවුන් එය ජය ගත්තේ 2009-10 තරගාවලියෙන් […]

මාක්ස්වාදයේදාර්ශනික පදනම ඔස්සේඅනාගතයට මංපෙත්

“ඇරිස්ටෝටල් පැරණි භෞතිකවාදීන්ට නින්දා කළේ ස්වර්ගයට ඇට්ලස්ගේ (Atlas) සහය අවශ්‍ය බවට ඔහුගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා ය. ඇට්ලස් නමැති යෝධයා අවකාශයේ සිටගෙන, පොළොව තම උරහිසෙන් ඔසවාගෙන ස්වර්ගයට ආධාර කරන නිසා ය.‘ (A caracter in Greek mythology). අනෙක් අතට මිනිසාට ස්වර්ගය අවශ්‍ය යැයි විශ්වාස කරන අයට එපිකියුරස් දොස් පවරයි. මිනිස් මෝඩකම සහ මිථ්‍යා විශ්වාස තුළ ස්වර්ගයට […]

රේල්ලුවෙන් උතුරට

මහව සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ගල්ගමුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී 2024 ජනවාරි 08 දින ඇරඹිණි. ඉංජිනේරු කාර්ය පිළිබඳ මධ්‍යම […]

පාසලට ආ සිව් වැනි ආණ්ඩුව

පාසල් මාධ්‍ය සමාජ (School Media Clubs) යනු පාසල් පද්ධතියේ බහු ව්‍යාප්තිය සහිත විෂය සමගාමී ක්‍රියාකාරකමකි. මෙය ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යාපෘතියක් වශයෙන් අරඹන ලද්දේ වර්ෂ 2000දී ය. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී අංශය සමග ඒකාබද්ධ ව ය. ආරම්භයේදී ජනමාධ්‍ය සමාජය වශයෙන් හැඳින් වූ මේ ශිෂ්‍ය සංගමය පසුව මාධ්‍ය සමාජය ලෙස නම් කරන ලද්දේ 2006 අධ්‍යයන වර්ෂයේදී […]

වගා බිමේ තාක්ෂණික පිම්ම

කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණ භාවිතය බොහෝ කලක සිට කතිකා වන්නකි. එහි එක් පියවරක් ලෙස මෙවර යල කන්නයේදී වී වගාව සඳහා ඩ්‍රෝන යන්ත්‍ර උපයෝගි කරගැනීමේ වැඩසටහන පළමුවරට ආරම්භ කිරීමට නියමිත ය.අධ්‍යාපන අමාත්‍යාංශයේ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කෘෂි ආංශික නිපුණතා සභාවේ සභාපති කවින්ද දිසානායක සඳහන් කරන්නේ කෘෂිකර්මාන්ත අංශයෙන් ලෝකය සමග ඉදිරියට යාමට නම් කෘෂිකර්මාන්තයේ තිබෙන […]

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ අභියෝගය

මහාචාර්යප්‍රියංග දුනුසිංහආර්ථික විද්‍යා අධ්‍යයනාංශයකොළඹ විශ්වවිද්‍යාලය හිඟ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩ ව පවත්වාගෙන යාමට සිදු වීම ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ප්‍රධානතම අභියෝගයකි. රාජ්‍ය ආදායම අභිභවා යන රාජ්‍ය වියදම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට වේදනාකාරී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සිදු ව තිබේ. 2023 වර්ෂයේ විගණනය නොකළ වාර්තා අනුව සමස්ත රාජ්‍ය ආදායම ටි්‍රලියන 3කි. සමස්ත රාජ්‍ය වියදම ටි්‍රලියන 13කි. […]

විශාලතම එක්දින සංකීර්ණ මැතිවරණය

ලෝකයේ මැතිවරණ අතර විශේෂත්වයක් ගන්නා මැතිවරණයක් 2024 පෙබරවාරි මාසයේ පැවැත්විණි. ඒ, අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාවේ මැතිවරණයයි. ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ මහා මැතිවරණය වුවත් එය එක් දිනක අවසන් වන්නක් නොවේ. දින ගණනක්, අදියර කිහිපයක් යටතේ පැවැත්වෙන්නකි. මේ නිසා ඉන්දුනීසියාවේ මැතිවරණය ලොව විශාලතම එක් දින මැතිවරණය ලෙස සැලකේ. ඊට එක් හේතුවක් වන්නේ එහිදී ඡන්දය […]

හුස්ම පිඹින කඳු

කඳුකර පද්ධතිවල වැදගත්කම සලකා බලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය සෑම වසරක ම දෙසැම්බර් 11 දිනය ‘ජාත්‍යන්තර කඳුකර දිනය’ ලෙස නම් කර තිබෙනවා. 2002 වසරේ දෙසැම්බර් 20 දින ප්‍රකාශයට පත් වන එය සැමරෙන්නේ 2003 වසරේ සිට. ‘ජාත්‍යන්තර කඳුකර දිනය’ වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ එක ම රට වන්නේ ජපානය. 2016 වසරේ සිට එය […]

ලොව උණුසුම් නැත ගැලවුම්

නොබෝදා එළිදරව් වූ විද්‍යාත්මක දත්ත රැසකට අනුව අප ජිවත් ව සිටින්නේ රත් වී දැවෙන ලෝකුඹු නිරයක් බවට පත්වෙමින් ඇති පොළෝ තලයක් මත. Climate Central, නමැති ලාභ නොලබන විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් අනාවරණය කරන මේ දත්ත 2023 වසර හඳුන්වා දී තිබෙන්නේ, බොහෝ විට වසර 125,000ක කාලයක් තුළ ලෝකය මුහුණ පෑ උණුසුම් ම කාල සීමාව හැටියට. එයට අනුව […]