සිනේ, ටෙලි, වේදිකාවේ පරාක්‍රමය
පරාක්‍රම නිරිඇල්ල යනු මෙරට සිනේ ටෙලි වේදිකාවේ අවියෝජනීය පෞරුෂයකි. ඔහුගේ කලා, සමාජ, සංස්කෘතික දායකත්වය පිළිබඳ අක්මුල් සොයායාම දුෂ්කර වන්නේ ඔහු නිසඟයෙන් ම උරුම කරගත් මුනිවර චර්යාව නිසයි. ඔහු නිහඬ ය, නිර්මාණාවේශයෙන් යුක්ත ය. පසු නොබසියි. බොහෝ දෑවලදී පුර්වගාමියා වේ. උසස් මානව අපේක්ෂාවලින් යුක්ත ය. කලාවේ බොහෝ නව ඇරඹුම්වල මෙන් ම බෝහෝ චරිතාංග නළුවන් පසුපස සිටි […]