MOVING FORWARD FROM THE ECONOMIC CRISIS AFTER DEBT RESTRUCTURING

The government declared on April 12, 2022 that it was not in a position to repay the outstanding foreign debt taken before that date. It can be said that it is a declaration of kind of bankruptcy of a country because many of the financial transactions with Sri Lanka would have stopped due to this […]

එතෙරින් ආ ආදිවාසී නෑකම

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනාවාසකරණය වසර 48000ටත් වඩා ඇතට දිව යන බව පුරාවිද්‍යාවෙන් තහවුරු කර ඇත. විශේෂයෙන් පාහියංගල බලංගොඩ අවට ස්ථාන ආදිය ඒ සඳහා කදිම සාක්ෂ්‍ය සපයයි. ආදී මානව පරපුරට අයත් මෙරට ආදිවාසී ජනතාව ද ස්වකීය ඓතිහාසික ජන උරුමය ලොවට කියාපාන නූතන සජීවී නිදර්ශන වේ. ඔවුන් පිළිබඳ ව මෑතකදී වඩාත් අවධානයට ලක් වූ කරුණක් වූයේ 19 […]

ක්ලෝඩියාගේ අභියෝගය

මෙක්සිකෝවේ නව ජනාධිපතිවරයා ලෙස Claudia Sheinbaum (ක්ලෝඩියා ෂයින්බොම්) තේරී පත්වී සිටි. එරට ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව ලෙස ඇය මෙක්සිකෝ ඉතිහාසයට එක්වන්නේ 60%කට ආසන්න වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි. මෙය මෙක්සිකෝ ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයකු ලබාගත් ඉහළ ම ඡන්ද ප්‍රතිශතය ලෙස සැලකේ. මෙවර ජනාධිපතිවරණයේදී ඇයගේ ආසන්නම ප්‍රතිවාදියා වූ National Action පක්ෂයේ අපේක්ෂිකාව වන Xochitl Galvez ලබාගැනීමට හැකිවූයේ […]

සඳ මෙහෙයුම

කලකට පෙර අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටියේ ඇමරිකාව සහ රුසියාව යන රටවල් වුවත් චීනය ද මේ ක්‍ෂේත්‍රයේ වේගවත් ඉදිරි ගමනක නිරත ව සිටින බව නොරහසකි. අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ මෙයට පෙර කිසිවකුත් නොකළ තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට පසුගිය දිනවල චීනය සමත් විය. ඔවුන් මේ දස්කම කළේ සඳ ගවේෂණ ක්‍ෂේත්‍රයට අදාළවයි. සඳෙහි කිසි විටෙක පෘථිවියට නොපෙනෙන […]

මෝදි සහ ශ්‍රී ලංකාව

භූගෝලීය වශයෙන් මෙන් ම නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ ඉතා වැදගත් ස්ථානයක. ලෝකයේ තෙල් නැව්වලින් 2/3ක් පමණ මෙන් ම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් හරි අඩක් පමණ හම්බන්තොට වරාය පසු කරමින් ගමන් කරනවා. මේ සාධකය ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් දේශපාලනික, ආර්ථික, සාමාජීය වශයෙන් ඉතා වැදගත්. ගැඹුරු සහ විශාල වරායක් වන කොළඹ වරාය අපේ ශ්‍රම […]

පල දරන ජනතා අපේක්ෂා

උරුමයඅයවැය යෝජනා 2024 යටතේ ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව පවුල් ලක්ෂ 20කට ඉඩම් හා ගොවි බිම්වල පූර්ණ පෞද්ගලික අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන ‘උරුමය’ නම් වේ. 1947 රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාර ව දැනටමත් මහජනතාව භුක්ති විඳින ඉඩම් කොටස් සඳහා 1982 වසරේ සිට ලබාදුන් දීමනා පත්‍ර ලක්ෂ 20 සහ බලපත්‍ර ලක්ෂ 06 වසර කිහිපයක් ඇතුළත නිදහස් […]

දකුණු ආසියාවේ දෙවැනි තිරසර සංචාරක ගමනාන්තය

සංචාරක කර්මාන්තය යනු විදේශ විනිමය උපයන ප්‍රධාන මූලාශ්‍රයකි. 2022 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක් පමණ වූ ආදායම 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.1 දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශාධිපති මහාචාර්ය එස්. කේ නාරද්ද ගමගේ පවසන්නේ 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලීයන 04ක් පමණ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව ඉපයීමට අපේක්ෂා කරන බවයි. […]

ස්ට්‍රෝබෙරි ගම්මානය

නුවරඑළිය ප්‍රදේශයේ ඉදි වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගා ගම්මානය එම ප්‍රදේශයේ ගොවියන්ට ලැබුණු අනගි අවස්ථාවකි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සුහුරු කෘෂිකර්මාන්ත (SMART Agriculture) වැඩසටහන යටතේ මේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් මත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මිලියන 55ක ප්‍රතිපාදන මත සිදුකරන මේ ව්‍යාපෘතියේ අරමුණු වන්නේ තරුණ ගොවි ප්‍රජාව සවිබලගැන්වීම, තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය කෙරෙහි දක්වන […]

ආර්ථිකයේ නව දිශානතිය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( International Monetary Fund -IMF) සහයෝගය ලබා ගත්තේ ඇති වූ ආර්ථීක අර්බුදයත් සමග ඊට විකල්ප විසඳුමක් නොමැති වූ අවස්ථාවකයි. ශ්‍රී ලංකාව ඔවුන් සමග ඇතිකර ගත් එකඟතාව අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත විය. ඒ, අත්පත් කරගන්නා ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව වාරික හතරකින් එම මුදල ලබා දීමේ […]

ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ ආර්ථික අර්බුදය

2022 අප්‍රේල් මස 12 වෙනි දින ශ්‍රී ලංකා රජය විසින් එදිනට පෙර ගන්නා ලද නොපියවා ඇති විදේශ ණය ආපසු ගෙවීමට හැකියාවක් නැති බව ප්‍රකාශයට පත් කරන ලදි. එය රටක් බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමක් යැයි කිව හැක්කේ ශ්‍රී ලංකාව සමග කෙරෙන ජාත්‍යන්තර මූල්‍ය ගණුදෙනු බොහොමයක් ඒ හේතුවෙන් නැවතීමට ඉඩ තිබූ බැවිනි. ණය නොගෙවීම පිළිබඳ ප්‍රකාශය නිසා විදේශ […]