#ආර්ථික

රජයට ගෙවන්න GovPay

  • රංගිකා අබේසේකර

ලෝකය අදියරෙන් අදියර ඉදිරියට පැමිණියේ තාක්ෂණික ජයග්‍රහණ හේතුවෙන්.විද්‍යාව හා තාක්ෂණයේ නව සොයාගැනීම් මානව ශිෂ්ටාචාරය එක්අ දියරක සිට තවත් තලයකට ඔසවා තබනවා. රටක් නව තලයකට ඔසවා තැබිය හැකි එක ම ක්ෂේත්‍රය වන්නේ ඩිජිටල්කරණය. ශ්‍රී ලංකාවේ ඩිජිටල්සා ක්ෂරතාව 66%ක්.

ඩිජිටල් ආර්ථිකයක් කරා අපට යා හැකි අවකාශය ඉතා පුළුල් වූවක්. එහි පියවරක් වශයෙන් රජය නව ඩිජිටල් ප්‍රවේශ 03ක් නොබෝදා (පෙබරවාරි 07) හඳුන්වා දුන්නා. එම ප්‍රවේශ වන්නේ සියලු ම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ Govpay පහසුකම දියත් කිරීම, 1978 වසරේ සිට මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදුවූ ජනාධිපති අරමුදලේ සේවා දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 දක්වා ව්‍යාප්ත කිරීම සහ E-BMD පහසුකම යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධවෙමින් මාර්ගගත ව විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලවලින් උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල පිටපත් ලබාගැනීමට අවස්ථාව සලසා දීම.

ඩිජිටල්කරණය පිළිබඳ ලෝකයේ පර්යේෂණ හා අධ්‍යයනය කරන ආයතනවලට අනුව ඩිජිටල්කරණයකට යාම ම රටක ආර්ථිකය 1-5% දක්වා වර්ධනයකට යාමේ හැකියාවක්

පෙන්වන බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංජය කරුණාසේන ප්‍රකාශ කරන්නේ.

ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ සයිබර් ආරක්ෂණ පනත (නව), ඩිජිටල් ආර්ථික අධිකාරී පනත (නව), කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ව ජාතික සභාව (National Council on A) හෝ සමාන ආයතනයක් පිහිටුවීමට අදාළ පනත්, 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ

පනත සඳහා යෝජිත පනත් හා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අනන්‍ය ඩිජිටල් හැඳුනු  (SLUD) හා e-NIC ව්‍යාපෘතිය, රජයේ මධ්‍යගත දත්ත හුවමාරුව (NDx), සයිබර් ආරක්ෂණ මධ්‍යගත ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය  (NOC), රජයේ ගෙවීම් පද්ධතිය (Govpay) මධ්‍යගත ඩිජිටල් සේවාව (LGC, LGN, Gov Email)  අංකිත සේවා යටතේ මෙරට රූපවාහිනි පද්ධතිය යථාවත් කිරීම  (Digital TV)  තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ධාරිතා සංවර්ධනය  (ICT Industry Capacity Building) ලෙස ප්‍රධාන ව්‍යාපෘති ඒකාබද්ධ කරමින් ඩිජිටල්කරණ ක්‍රියාවලිය සැලසුම්ගත ව ක්‍රියාත්මක වන බවයි සංජය කරුණාසේන ප්‍රකාශ කරන්නේ. 2025 වසරේ සමස්ත ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 13ක්.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ඩිජිටල්කරණ ව්‍යාපෘති අතර රජයේ ගෙවීම් පද්ධතිය (Govpay) ප්‍රමුඛ වන්නක්. ගනුදෙනු සඳහා නෝට්ටු හා කාසි ලෙස මුදල් භාවිත කිරීමට වාර්ෂික ව දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් 1.5%ක් වැය වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. නෝට්ටු හා කාසි ලෙස මුදල් ගෙවීමේදී සිදු වන වංචා සහ දූෂණ, ගෙවීම් ක්‍රියාවලියෙහි අකාර්යක්ෂමතාව වැඩි කිරීමට හේතු වනවා. රාජ්‍ය අංශයේ සිදු වන මෙවැනි ගැටලු විසඳීම සඳහා රජයේ ආයතන වෙත කෙරෙන සියලු ම ගෙවීම් සඳහා රාජ්‍ය පද්ධතියේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් ලෙස Govpay පහසුකම හඳුන්වා දී තිබෙනවා.

රජය වෙනුවෙන් සිදු කරන මාර්ගගත ගෙවීම් ද නිත්‍යානුකූල බව 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන අනුව පෙනී යන්නක්. ඨදඩච්හ යනු ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් බිහිකිරීමේ රජයේ උත්සාහයේ මූලික පියවරක්. ඉන් බිහි වන්නේ මුදල් භාවිත නොකරන සමාජයක්. පුරවැසියන්ට විවිධ රාජ්‍ය සේවා සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගෙවීම් කිරීමට හැකියාව සලසා දීමයි මේ ඔස්සේ අපේක්ෂා කරන්නේ. ඒ, නාගරික සහ ග්‍රාමීය ජනතාවට සමාන ව ප්‍රතිලාභ ලබාදෙන අයුරින් රාජ්‍ය අංශයේ ආයතනවල කාර්යසාධන හැකියාව වැඩිදියුණු කිරීම, පරිපාලන පියවර අඩු කිරීම සහ රාජ්‍ය සේවා පුළුල් කිරීමෙන් ජනතාවට පහසුකම් සැලසීමේ රජයේ ප්‍රධාන උපායමාර්ගවලට අනුකූල වීම මෙහි විශේෂත්වයක්.

Govpay ඔස්සේ සම්ප්‍රදායික ගෙවීම් ක්‍රමවලට වඩා පහසු, ඵලදායී ඩිජිටල් විකල්පයක් ලබාදීමෙන් රජයේ සේවා ලබා ගැනීම පහසු වනවා. මෙරට වැඩිහිටි පුරවැසියන්ගෙන් 80%ට වැඩි පිරිසක් බැංකු ගිණුම් සහිත බැවින් විවිධ මාර්ගගත හා දුරස්ථ ක්‍රමවලින් නිවසේ හෝ සේවා ස්ථානයේ සිට හෝ ගෙවීම් කළ හැකියි. දිගු පෝලිම් සහ විශාල වශයෙන් ලියකියවිලි භාවිතයෙන් මතු වන අපහසුතා රැසක්

වැළැක්වීමට එහිදී අවකාශ ලැබෙනවා. මෙය රජයේ ගනුදෙනුවල විනිවිදභාවය වැඩි කිරීමටත් මූල්‍ය අන්තර්ගතභාවය (financial inclusion) ප්‍රවර්ධනය කරමින්, ග්‍රාමීය ජනතාව ද ඇතුළත් වන පරිදි සමස්ත ජනගහනයෙන් වැඩි පිරිසකට ඩිජිටල් ගෙවීම් පහසුකම් ලබා දීමේත් මූලික පියවරක්.

මේ වැඩසටහනේ පළමු අදියර යටතේ මූලික ව රජයේ ආයතන 20ක සේවා සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගෙවීමට පහසුකම් ලබා දෙනවා. ආයතන 60කට සහ මේ වසරේ අප්‍රේල් මාසය වනවිට තවත් ආයතන 30කට මෙය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් (වැ.බ) වරුණ ශ්‍රී ධනපාල සඳහන් කරන්නක්. මේ ක්‍රියාවලියේ අනෙක් පාර්ශ්වකරුවන් වන්නේ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සහ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුයුක්ත LankaPay ආයතනය. මේ ක්‍රමවේදයෙන් රජයේ විවිධ ස්ථරවල රාජ්‍ය ආදායම් තත්‍යකාලීන ව ගිණුම්ගතවීමෙන් (Realtime accounting) රාජ්‍ය මූල්‍ය පාලනය හා භාණ්ඩාගාර මෙහෙයුම් වඩාත් පහසු වනු ඇති.

අදහස් දක්වන සංජය කරුණාසේන; GovPay අමතර ව රජය  Lanka QR නම් QR කේතයක් මත පදනම් වූ ගෙවීම් පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාර සිදු කිරීමටත් ගනුදෙනු ගාස්තු ක්‍රමයෙන් අඩු කිරීම සහ මුදලින් ගෙවීමට වඩා ඩිජිටල් ගෙවීම් සඳහා අමතර ප්‍රතිලාභ ලබා දීමටත් අපේක්ෂා කරනවා. මේ සියල්ලේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සඳහා වඩාත් විනිවිදභාවය සහිත, ඵලදායී මූල්‍ය පද්ධතියක් හා විශ්වසනීය ඩිජිටල් මාධ්‍ය ගනුදෙනු පරිසරයක් සකස් කිරීම.”

මේ වැඩසටහනට සමගාමී ව රජයට සිදු කරන ගෙවීම් සනාථ කිරීමක් ලෙස කෙටි පණිවිඩ සේවාවක් (SMS) ක්‍රියාත්මක කිරීමටත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සූදානම්. ඉ රාජ්‍යයෙහි ප්‍රධාන අවශ්‍යතාව වන කඩදාසි භාවිතයෙන් තොරවීම (Paperless) මුදල් නෝට්ටු භාවිතයෙන් තොරවීම (Cashless) හා පුද්ගලයන් පෙනී සිටීමේ අවශ්‍යතාව බැහැර කිරීම (Presenceless) යන ඉලක්ක එයින් සපුරා ගන්නට පුළුවන්. පෝලිම් ක්‍රම අවම කර ජනතාවගේ කාලය ඉතිරි කිරීමෙන් ආර්ථික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් මේ වැඩසටහනේ අරමුණක්. මේ පිළිබඳ අදහස් දක්වන ඩිජිටල්

ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් (වැ.බ) වරුණ ශ්‍රී ධනපාල; “ වර්තමානයේ ජනතාව අදාළ ආයතන වෙත ගොස් ගෙවීම් සිදු කළ යුතුයි. එහිදී ඇතැම් ආයතන අංක ක්‍රමයක් යටතේ පෝලිම් ක්‍රමයට එම සේවා ක්‍රියාත්මක කරනවා. ඇතැම් ආයතන පෝලිම් ක්‍රමය පමණක් ඊට යොදා ගන්නවා. රජයේ ගෙවීම් ක්‍රම සිදු කරන ආකාරය රට අනුව වෙනස්. එහෙත් ඒවාට සාමාන්‍යයෙන් සුභ සාධන ප්‍රතිලාභ, විශ්‍රාම වැටුප්, වැටුප්, බදු ආපසු ගෙවීම් සහ වෙනත් පොදු අරමුදල් බෙදාහැරීමේ ක්‍රම ඇතුළත් වනවා.”

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ අන්තර්ජාල භාවිතය පහළ මට්ටමක පැවතීම, ඇතැම් ජනතාව ගෙවීම්ස ඳහා රිසිට්පත් බලාපොරොත්තු වීම, අන්තර්ජාල ගෙවීම් පද්ධති පිළිබඳ ඇති වැරදි ආකල්ප හා අවිශ්වාසය, කාඩ්පත් ගනුදෙනුවලදී වන මූල්‍ය වංචාවලට ඇති බිය යනාදී ප්‍රායෝගික ගැටලු ගණනාවක් ශ්‍රී ලංකාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී පැන

නගින බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙනවා. ඩිජිටල්කරණයට සමස්ත පද්ධතියේ ම කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරන හෙයින් ඉන් රජයට අත්වනු ඇත්තේ ඉතා ඉහළ ප්‍රතිලාභ. එසේ ම ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමෙන් ශ්‍රමයෙහි අකාර්යක්ෂමතාව සහ ඇතැම් දූෂිත භාවිත ඉවත් කිරීම මෙන් ම ඉදිරියේදී මහජනතාවට වඩාත්ප හසු සේවා සැපයීමක් ද සිදු කරනු ඇති.