ආර්ථික පරිවර්තනයේ හැරවුම් ලක්ෂ්‍යය
- චන්දන මාරසිංහ
ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා විවිධ කාලවකවානුවල පැවති ආණ්ඩු නොයෙකුත් ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අතර ආර්ථිකය සම්බන්ධ නීතිමය විධිවිධාන ගෙන ඒම ද සුවිශේෂ ය. ඒ අනුව වඩාත් තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් නොබෝදා (මැයි 22) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එලෙස ඉදිරිපත් වූයේ යළි ආර්ථික බිඳ වැටීමක් සිදු නොවීමට අදාළ ව ‘ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත‘ (ෑජදබදපසජ ඔර්ිදෙප්එසදබ ඊසකක) සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත’ (ඡමඉකසජ Ғසබ්බජස්ක ඵ්බ්ටපැබඑ ඊසකක)යි. මෙවර දෙසතිය කවරයේ කතාවේ කතාබහ සිදු වන්නේ ‘ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත’ ඉදිරිපත් කිරීම කෙතරම්දුරට සාධනීය වන්නේ ද? යන්න විමසා බැලීම යි.
වත්මන් ආර්ථිකයේ පිළිබිඹුව
නිදහසින් පසු වාර්තා වූ දරුණුතම ආර්ථික පසුබෑම පසු කරමින් 2023 වසර වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පැමිණීමක් පෙන්නුම් කර තිබේ. තීරණාත්මක ප්‍රතිපත්ති ගැළපුම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ද ඊට ඉවහල් විය. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන ආකාරයට ආර්ථික අර්බුදයෙහි මූලය වූ දිගු කාලයක සිට පවතින සමස්ත රාජ්‍ය අයවැය හිඟය සහ විදේශීය ජංගම ගිණුමේ හිඟය නිවැරදි වීමේ ලක්ෂණ පෙන්වා දී තිබේ.
මෙරට ආර්ථිකය 2023 වසරේදී 2.3%ක අඩු සංකෝචනයක් ලෙස සටහන් විය. දළ දේශීය නිෂ්පාදිතයේ ධනාත්මක වර්ධනයක් ද වාර්තා වී තිබේ. උද්ධමනය පහත වැටීම හා විදේශීය අංශයේ අවහිරතා ලිහිල් වීම ද සාර්ව ආර්ථික ස්ථාවරත්වයට හේතු විය. 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය 14.8%කින් වර්ධනය වී ඇත.
ජන ලේඛන හා සංඛ්‍යාලෛ්ඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙන ආකාරයට 2022 වසරේදී මිලියන 8.547ක් වූ ආර්ථික වශයෙන් සක්‍රිය නැතහොත් ශ්‍රම බලකාය 2023 වසරේදී මිලියන 8.408ක් දක්වා පහත වැටී ඇත. සේවා වියුක්ත ජනගහනය හා ශ්‍රම බලකාය පහත වැටීම හේතුවෙන් සේවා වියුක්ති අනුපාතය 2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ 4.7%ක අගයක් ලෙස වෙනස් වී ඇත. සේවා නියුක්ති ජනගහනය 2022 වසරේදී මිලියන 8.148කි. 2023 වසරේදී එය මිලියන 8.010ක් ලෙස පහත වැටී ඇත. විදේශ රැකියා සඳහා පිටත් ව යාමත් 2022 වසරට සාපේක්ෂ ව 2023 වසරේදී 4.5%කින් අඩු වී තිබේ. එම වසරේදී විදෙස්ගත වූ පිරිමින්ගේ ප්‍රතිශතය 55.3%ක් වන අතර කාන්තාවන්ගේ එම ප්‍රතිශතය 44.7%ක් විය. 2023 වසර අවසන් වන විට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 5969.6ක් ලෙස සටහන් විය. 2023 වසරේ අවසන් කාර්තුවේදී වැඩි ම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙනි. 2023 වසරේ ශ්‍රමිකයන් 297,656ක් විදේශ රැකියා සඳහා පිටත් ව ගොස් ඇති බව ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
මෙරට විදේශ අංශය ද පසුගිය කාලයේ ශක්තිමත් ලෙස වර්ධනය විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ආරම්භ කිරීම හා එය සාර්ථක ලෙස පවත්වාගෙන යාම ද ඊට ඉවහල් වී ඇත. විදේශීය ජංගම ගිණුම ද පසුගිය වසරේදී අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩුවීම, සේවා අපනයනය සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ලැබීම ද ඊට හේතු ලෙස පෙන්වා දිය හැකි ය. 2023 වසරේදී අපනයන ආදායම වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 11.9ක් ලෙස ය. එය 2022 වසරට සාපේක්ෂ ව 9.1%ක අඩුවීමකි. ඊට හේතු වූයේ ශ්‍රී ලංකාවේ අපනයන මිලදී ගන්නා රටවල ජීවන වියදම ඉහළ යාම හා ආර්ථික අවපාත ඇතිවීමයි. භූ දේශපාලන ගැටලු ද ඊට ඉවහල් විය. රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම පහළ යාම සඳහා ප්‍රධාන ලෙස බලපා තිබුණේ එම කාරණයයි. 2023 වසරේදී ආනයන වියදම්වල ද කැපී පෙනෙන පහළ යාමක් දක්නට ලැබිණ. අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම සහ ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා වීම ද ඊට හේතු වී තිබේ. ඒ අනුව 2023 වසරේදී ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 16.81ක් දක්වා අඩු විය. එය ප්‍රතිශතයක් ලෙස 8.1%කින් අඩුවීමකි.
දැඩි ආර්ථික පසුබෑමෙන් අනතුරු ව 2024 වන විට මෙරට ආර්ථිකය 2.2%ක වර්ධනයක් අත්කර ගන්නා බව ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ. එහෙත් රට තවමත් ඉහළ දරිද්‍රතා මට්ටමක පවතින අතර ආදායම් අසමානතාව දක්නට ලැබේ. 2023 වසරේ ශ්‍රී ලාංකිකයන්ගෙන් 25.9%ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබේ. නාගරික ප්‍රදේශවල කාන්තා ශ්‍රම බලකායේ පහත වැටීමක් ද තිබේ. ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් ඉහළ යාම ද මෙරට ජනතාව ණය ගැනීමට යොමුවීමට ප්‍රබල හේතුවක් බව ලෝක බැංකුව අවධාරණය කර සිටි. දකුණු ආසියාව ලොව ආර්ථික වර්ධනය වේගයෙන් ම සිදු වන කලාපයක් වන අතර 2024 වසරේදී එය 6.0ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබේ
ආර්ථික අපහසුතා හේතුවෙන් අවදානමට ලක්වන පුද්ගලයන්ගෙන් 82%ක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ය. වතුකර ප්‍රජාව ද එවැනි පීඩාවලට ලක් වී ඇති බව ආසියා සංවර්ධන බැංකුව පෙන්වා දී ඇත. මාතෘ සහ ළමා මන්දපෝෂණය මානව ප්‍රාග්ධන සංවර්ධනයට ප්‍රබල තර්ජනයකි. ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේදී මූලික අවධානය යොමු කළ යුතු වන්නේ සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා ආයතනික හා ව්‍යුහාත්මක රාමුවක් සැකසීමට ය. ‘අස්වැසුම’ වැනි වැඩසටහන්වලින් ඊට අවශ්‍ය පහසුකම් සැලසිය හැකි ය. මූල්‍ය සාක්ෂරතාව සහ අධ්‍යාපනික මට්ටම වැඩිදියුණු කිරීමෙන් යහපත් ආර්ථික ක්‍රියාවලියක් අත්පත් කර ගැනීමට පහසුකම් සැලසේ. ස්ත්‍රී පුරුෂ අසමානතාව ආමන්ත්‍රණය කිරීම ප්‍රමුඛතාවකි.
ආර්ථිකයේ නව හැරවුම
ආර්ථිකයේ දෘශ්‍යමාන වන මේ කාරණා සලකා බලමින් වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන ‘ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත’ ආර්ථිකයේ නව හැරවුමක් ලෙස ඇතැම් විද්වත්හු පෙන්වා දෙති. බිඳ වැටුණු ආර්ථිකය ස්ථාවර කර යහපත් මට්ටමින් පවත්වාගෙන යාම එහි අරමුණකි.
‘ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත’ ඉදිරිපත් කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද? යන්න 2024-05-14 දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි පළ කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වේ. එයට අනුව “ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම සඳහා ද; ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි”.
මෙය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන්නේ විශේෂයෙන් රාජ්‍ය ණය, ජාතික ආර්ථිකය විවිධාංගීකරණය, කෘෂිකර්මය නවීකරණය, දරිද්‍රතාව, විරැකියාව, කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය, භාණ්ඩ හා සේවා අපනයනය, විදේශ ආයෝජන, අපනයනය වැනි ක්ෂේත්‍රවලට විශේෂිත ඉලක්ක ඔස්සේ ය.
දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 2027 වර්ෂය වන විට වාර්ෂික ව 5%ක් දක්වා ළඟා වීම ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඉලක්කයක් ලෙස දක්වා තිබේ. 2048 වසර වන විට උසස් ආර්ථික තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා 2030 වසරට පසුව මූලික වර්ධනය 5%කට වඩා ඉහළ මට්ටමක් දක්වා වේගවත් කිරීම මෙහි අවශ්‍යතාවකි.
භාණ්ඩ හා සේවා අපනයනය 2040 වසර වන විට වර්ධනය කිරීම ද ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ මූලික සැලසුම්වලට ඇතුළත් ය. ඒ අනුව 2040 වසර වන විට එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක මට්ටමට ළඟා විය යුතු ය. අභ්‍යන්තරය කෙරෙහි යොමු වූ ආර්ථිකයක සිට බාහිරට යොමු වූ ආර්ථිකයක් දක්වා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම එහි අරමුණ ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරු ලෙස අඛණ්ඩ ව ක්‍රියා කළේ ඉන්දියාවයි. ඉන් පසු චීනය හා ඇමරිකාව අනෙකුත් ප්‍රධාන හවුල්කරුවන් විය. 2023 වසරේදී මේ රටවල් ත්‍රිත්වය ශ්‍රි ලංකාවේ සමස්ත වෙළෙඳ ගනුදෙනු ප්‍රමාණයට 37%කින් පමණ දායක විය. මීට අමතර ව බි්‍රතාන්‍යය, ඉතාලිය හා ජර්මනිය වැනි රටවල් සමග ද ශ්‍රී ලංකාව ගනුදෙනු කර තිබේ. නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීම ද ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පතේ ඉලක්කයකි. ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම, ඉන්දියාව සමග ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම මෙන් ම පාකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ද ඊට අයත් ය. ගෝලීය ආර්ථිකය සමග ඒකාබද්ධ ව කටයුතු කිරීමට ද ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පතෙන් අවධානය යොමු කර තිබේ.
2022 වසරේ මිලියන 8.5ක ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය 32.1%ක් පමණ විය. එය ආර්ථික අර්බුදයට පෙර 2018 වසරේදී 33.6%ක මට්ටමක පැවතිණි. ආසියා සංවර්ධන බැංකුව පෙන්වාදෙන ආකාරයට ඊට ප්‍රධාන ලෙස හේතු වී තිබෙන්නේ ආරක්ෂිත හා දැරිය හැකි ළමා ආරක්ෂණ පහසුකම් නොමැතිවීම, නම්‍යශීලී වැඩ කරන වේලාව සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම, කාන්තාවන්ට පවරා ඇති භාරදූර ගෘහස්ථ වගකීම් සහ කාන්තාවන් වෙනුවෙන් පොදු ප්‍රවාහන පහසුකම් දුර්වල වීම ආදියයි. මේ ගැටලුවලට විසඳුම් ලබාදීමෙන් කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නංවා ගැනීමට හැකියාව පවතී. ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත ක්‍රියාත්මක වීමේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය. 2025 වසරේ සිට විරැකියාව ශ්‍රම බලකායෙන් 5%කට වඩා අඩු මට්ටමකට ළඟා වීම ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පතේ අපේක්ෂිත කරුණකි. කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය 2030 වසර වන විට 40%කට නොඅඩු මට්ටමක් වෙත ළඟා වීමට සැලසුම් කර ඇත. ශ්‍රම ඵලදායිතාව සහ ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කර ගැනීමට ඉන් හැකියාව පවතී.
අවිධිමත් රැකියා විධිමත් කිරීම හා කම්කරුවන් සූරා කෑමෙන් ආරක්ෂා කිරීමට කම්කරු නීති ප්‍රතිසංස්කරණය ද මූලික අවශ්‍යතාවකි. එහිදී මහජන සේවා සඳහා වන ප්‍රවේශය වැඩි කිරීමට ද රජයේ අවධානය යොමු කළ හැකි ය. ගුරු පුහුණුව, නවීකරණය කළ විෂය මාලා සහ ඩිජිටල්කරණය ද ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව පවතී.
කෘෂිකර්මාන්තයේ ශ්‍රම බලකායේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම, ගොවියන් සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් ඵලදායිතාව වර්ධනයට ආයෝජනය කිරීම සහ කෘෂිකාර්මික අපනයනවලට වැඩි අගයක් එකතු කිරීම සහ විවිධාංගීකරණය ප්‍රවර්ධනය ඔස්සේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ හැකි ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙන ආකාරයට මෙරට ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙමින් පවතී. ආර්ථික ප්‍රතිසංස්කරණය පිළිබඳ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකා බලධාරීන් සමග එකඟතාවකට පැමිණ තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ප්‍රකෘතිමත් වීමේ මාවතකට අවතීර්ණ වී ඇති බව ඞසබයම් ප්‍රවෘත්ති සේවය වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ආර්ථිකයේ බලපෑම අවම කිරීම සඳහා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එම වාර්තාවේ සඳහන් ය.
වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයන්ගෙන් ශ්‍රී ලංකාවේ ඕනෑ ම ගිණුමක් හිමි පුද්ගල ප්‍රතිශතය 89%කි. එය දකුණු ආසියාවේ 60%ක් වන අතර පහළ මැදි ආදායම් ලබන රටවල 62%ක් ලෙස දැක්වෙන බව මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශ වාර්තාව සඳහන් කර ඇත. එසේම 65.8%ක් වූ දකුණු ආසියාතික ගිණුම් හිමි කාන්තාවන්ගේ සාමාන්‍යය සමග සසඳන විට මෙරට ගිණුම් හිමි කාන්තාවන්ගේ ප්‍රතිශතය 89.3%කි. මෙරට කාන්තාවන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් වසරක් ඇතුළත ඩිජිටල් ගනුදෙනු සිදුකර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර මට්ටමින් සසඳන විට ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය දැනුම ධනාත්මක මූල්‍ය හැසිරීම් බවට පරිවර්තනය කිරීමේ ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත.
ආර්ථිකයේ වර්ධනය ඇතුළු මේ කාරණා සමගින් ව්‍යවසායකයන්ට මෙන් ම පොදු සමාජයට ද මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අවබෝධය තිබීම වැදගත් වේ. එහිදී සිදුවන්නේ ඉතා අපහසුවෙන් හෝ උපයන මුදල නිසි පරිදි පරිහරණය කිරීම සම්බන්ධයෙන් දැනුම හා කුසලතා අත්පත් කර ගැනීම ය. ඒ අනුව මුදල් ඉපයීම, වියදම් කිරීම, ඉතිරි කිරීම, ණය ගැනීම හා මුදල් ආයෝජනය නිවැරදි ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතු ය. ඊට පහසුකම් සලසා ගත හැක්කේ ප්‍රධාන ආදායම් මාර්ගය මෙන් ම අතිරේක ආදායම් මාර්ග ඇතිකර ගැනීමෙනි. අනවශ්‍ය වියදම් කපා හැරීමත් මූලික අවශ්‍යතාවකි. ආර්ථික අර්බුදයක් පැවතියත් නොපැවතියත් පුද්ගල හෝ නිවාස මට්ටමින් ආදායම් නිසි කළමනාකරණයකින් පවත්වාගෙන යෑම සෑම පුද්ගලයකු ම අවධානය යොමු කළ යුතු කරුණකි.