සෙරින් රිවර් පාර්ක්
- රංගිකා අබේසේකර
නාගරික සංවර්ධන වැවිලි සහ පාරිසරික ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කළ ගාල්ල හෝලුවාගොඩ ‘සෙරින් රිවර් පාර්ක්’ පාරිසරික උද්‍යානය මාර්තු මස 13 දින ජනතා අයිතියට පත් කෙරිණි. මෙලෙස පුරන් කුඹුරක් පාරිසරික උද්‍යානයක් බවට පත් කිරීම ආරම්භ කර තිබෙන්නේ 2021 වසරේදී ය. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 440කි. අක්කර 14කින් යුක්ත වන මෙහි ළමා උද්‍යානයක්, වෙළෙඳ සංකීර්ණයක්, ශරීර සුවතා මං තීරු, ජල ක්‍රීඩා සහ බෝට්ටු සවාරි, දෙස් විදෙස් සන්නාම සහිත ආහාර වර්ග අඩංගු අලෙවිසැල්, කුළුබඩු සහ වැවිලි නිෂ්පාදන වර්ග ඇතුළු ව දේශීය නිමැවුම් රැසක් දෙස් විදෙස් සංචාරකයන්ට මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මේ උද්‍යානය ඉදිවීමෙන් ඕලුවාගොඩ, ඕපාත ආදී ප්‍රදේශවල දශක ගණනාවක සිට පැවැති ගංවතුර තර්ජනය පාලනයකට ලක් කිරීමට හැකිවීම විශේෂත්වයකි. ඉදිරියේදී සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් ‘සෙරින් රිවර් පාර්ක්’ සිට වක්වැල්ල, වටරැක හා ගාල්ල දක්වා සංචාරක බෝට්ටු ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.