#අධ්‍යාපන

රාජ්‍ය සේවා තරග විභාග අත්වැල

නාලක දිසානායක
ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (පාර්ලිමේන්තු කටයුතු)
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.
අධ්‍යක්ෂ (පාලන) වැ.බ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

දෙසතිය පුවත් සඟරාවේ මෙවර කලාපයේ සිට තරග විභාග අත්වැල ඔස්සේ අප ඔබ වෙත ගෙන එන්නේ සාමාන්‍ය පරිපාලනයට අදාළ රාජ්‍ය නිලධාරින් සහ සෙසු පාඨකයන් සඳහා වැදගත් වන විවිධ විවිධාන ඇතුළත් ලිපි පෙළකි. රාජ්‍ය නිලධාරින් සඳහා නිවාඩු ලබාදීම හා සම්බන්ධයෙන් වන ආයතන විධිවිධාන සහිත ව ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් එය ඉදිරිපත් කිරීමට අදහස් කෙරේ.

1. රජයේ නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධ ව පවතින පොදු

විධිවිධාන මොනවාද?

  • නිවාඩු යනු අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයකි.
  • නිවාඩු අනුමත කරනු ලබන්නේ සේවයේ හදිසි වුමනාවලට යටත් ව වන අතර අනුමත කර ඇති නිවාඩු කාලය අඩු කිරීමට හෝ අවලංගු කිරීමට නිවාඩු අනුමත කරන බලධරයාට ඕනෑ ම විටෙක පුළුවනි.
  • මෙරට නිවාඩු පොදු 125 (අ) දරන ආකෘතියෙන් හා පිටරට නිවාඩු පොදු 126 දරන ආකෘතියෙන් ඉල්ලු ම් කළ යුතු ය.
  • මෙරට නිවාඩුවක් නිවාඩුව ආරම්භවීමට යටත් පිරිසෙයින් දින 07කට පෙරත් පිටරට නිවාඩුවක් නිවාඩුව ආරම්භවීමට මාස 03කට පෙරත් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු ය. අනුමත කරන ලද නිවාඩු පිළිබඳ රෙජිස්ටරයක් පොදු 190 ආකෘතියෙන් පවත්වාගෙන යා යුතු ය.
  • අනියම් නිවාඩු ගණන් බැලීමේදී සෙනසුරාදා, ඉරිදා හා ප්‍රසිද්ධ නිවාඩු දින අත්හළ යුතු ය.
  • විවේක නිවාඩු කාලය මෙරටින් බැහැර ව ගත කරන විට එම නිවාඩු කාලයට ගැනෙන සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දින ඊට ඇතුළත් වේ.
  • අඩ වැටුප් නිවාඩු හෝ වැටුප් රහිත නිවාඩු කාලයට ගැනෙන සෙනසුරාදාවක්, ඉරිදාවක් හෝ රජයේ නිවාඩු

දිනයක් පිළිවෙළින් අඩ වැටුප් හෝ වැටුප් රහිත නිවාඩු දින ලෙස ගණන් ගත යුතු ය.

  • ඉහත විධිවිධානවලට අමතර ව රා.ප.ච.-8/2022හි විධිවිධාන කෙරෙහි අවධානය යොමු කිරීම ද විශේෂයෙන් වැදගත්වේ.

2. නිලධරයකු ස්ථාන මාරු වී ගිය විටෙක පූර්ව සේවා ස්ථානයේ නව සේවා ස්ථානයට යැවෙන නිවාඩු වාර්තාවක ඇතුළත් විය යුතු දෑ මොනවාද?

  • නිලධරයා තම පළමු පත්වීමේ සිට එක් එක් අවුරුද්දේ ලබාගෙන ඇති මුළු විවේක/ අසනීප නිවාඩු ගණන, අඩ වැටුප් නිවාඩු ගණන හා වැටුප් රහිත නිවාඩු ගණන ස්ථාන මාරු වූ අදාළ අවුරුද්දේ ලබාගෙන ඇති සියලු ම අනියම් නිවාඩු ගණන

3. පහත එක් එක් නිවාඩුව කෙටියෙන් විස්තර කරන්න.

විවේක නිවාඩු ලබාදීමේදී අවශ්‍ය වන පරිදි එම වර්ෂයෙහි අනියම් නිවාඩුවලට හිමිකම් ලබා ගැනීම සඳහා අලු තින් රාජ්‍ය සේවයට පත් කළ නිලධරයකුට අවම කාලයක් සේවය කිරීම අවශ්‍ය නොවේ. 

අනියම් නිවාඩු

  • මෙරටේදී ගත කිරීම සඳහා එක් වරකට දවස් 06කට වැඩි නොවන පරිදි අවුරුද්දේ උපරිම වශයෙන් දින 21ක් අනියම් නිවාඩු අනුමත කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට හැකිය.
  • මේ නිවාඩුව ලබා දෙන්නේ හුදෙක් අනියම් කරුණු මත කෙටි කාලයකට සේවයට පැමිධෑමට නොහැකි විටදී ඒසඳහා ඉඩ දීම පිණිස ය.