රාජ්‍ය සේවා තරග විභාග අත්වැල


නාලක දිසානායක
ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (පාර්ලිමේන්තු කටයුතු)
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.
අධ්‍යක්ෂ (පාලන) වැ.බ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
වසර 47ක් තිස්සේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැනුමින් හා නව්‍යතාවෙන් යුත් තොරතුරුවලින් යාවත්කාලීන කිරීමේ සමාජ සද්කාර්යයක යෙදෙන ‘දෙසතිය’ සඟරාවේ මෙවර කලාපයේ සිට රාජ්‍ය සේවා තරග විභාග සඳහා ම සුවිශේෂ වන අත්වැලක් ආරම්භ කරන බව අප පසුගිය කලාපයෙන් ඔබ ව දැනුවත් කළා.
ඉදිරියේදී රාජ්‍ය සේවයට අතින් බඳවා ගැනෙන සුවිශේෂ තනතුරුවලට පැවැත්වෙන තරග විභාග සඳහා අත්වැලක් අංග සම්පූර්ණ ව ඔබ වෙත ලබා දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියා කරනවා. ඒ අනුව මෙවර කලාපයේ පළ වන්නේ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා පවත්වන තරග විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක් වන ‘ආයතන සංග්‍රහය හා කාර්යාල ක්‍රම’ වෙනුවෙන් ආදර්ශ ප්‍රශ්නෝත්තර මාලාවක්.
විශේෂයෙන් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදී එම විෂයට අදාළ පසුගිය ප්‍රශ්නපත්‍ර අධ්‍යයනයේදී පෙනී ගිය පැහැදිලි කරුණක්ති බෙනවා. ඒ, දැනට රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ සපයන ප්‍රධාන මෙහෙයුම් අත්පොත වන ‘ආයතන සංග්‍රහය’ පළමු කාණ්ඩයේ හා දෙවැනි කාණ්ඩයේ සෑම පරිච්ඡේදයක් කෙරෙහි ම අවධානය
යොමු කිරීමත් කා©ාලවල භාවිත වන ලිපිගොනුකරණය, ආකෘතිපත්‍ර භාවිතය, මෙහෙයුම් අත්පොත්භා විතය, තැපෑල කළමනාකරණය ආදී විවිධ කා©ාල ක්‍රම හා කාර්යාල කළමනාකරණයට අදාළ විෂය කොටස්පි ළිබඳ ව ඉතා සියුම් තැන් සිට ම අවධානයෙන් යුතු ව අධ්‍යයනය කිරීමත් වැදගත් බව.