මුල කපා ගස මැරීමේ ඊශ‍්‍රායල උපාය
- මොහාන් සමරනායක
වසරක පමණ කාලයක සිට බටහිර ආසියාවේ (මැදපෙරදිග) ඇවිළ යමින් තිබෙන විනාශකාරී යුද්ධයේ තවත් උච්ච අවස්ථාවක් සලකුණු කරමින්, ඊශ‍්‍රායලය පසුගිය ඔක්තෝබර් 26 සෙනසුරාදා අලූයමේ ඉරානයට මහා පරිමාණ ප‍්‍රහාරයක් එල්ල කළා. ප‍්‍රහාරයේ ඉලක්ක ලෙස තෝරාගෙන තිබුණේ ඉරානය සතු මිලිටරි පහසුකම් සහ න්‍යෂ්ටික පහසුකම්. ඊශ‍්‍රායල් ප‍්‍රහාරය සිදු කළේ ඔක්තෝබර් 01 දින. ඒ, ඉරානය ඊශ‍්‍රායලයට කළ බැලිස්ටික් මිසයිල 180කට වැඩියෙන් උපයෝගි කරගනිමින් කළ ප‍්‍රහාරයට පිළිතුරු ලෙස. ඊශ‍්‍රායලය කියා සිටියා දිගින් දිගට ම ඉරානය කරන පසමිතුරුකම්, සතුරුකම්වලට පිළිතුරු දීමත් ප‍්‍රහාරයේ අරමුණක් බව. බොහෝ දෙනාගේ සැලකිල්ල යොමු වී තිබෙන්නේ ඉරානය නැවත වරක් ඊශ‍්‍රායලයට පිළිතුරු ප‍්‍රහාරයක් දෙනු ඇත්ද යන්න ගැන. එය සිදු විය හැකියි. මන්ද පහර නොදී සිටියහොත් එය ඉරානයේ අභිමානයට කැළලක් සහ තමන්ගේ මිත‍්‍ර පාර්ශ්ව පවා ඉරානය දුබල රටක් ලෙස සැලකීමට ඉඩ ඇති නිසා.
මැදපෙරදිග අර්බුදය 1948දී උපත ලබන්නේ පලස්තීන දේශයේ ඊශ‍්‍රායලය නමින් රාජ්‍යයක් ස්ථාපනය කිරීමත් සමග. එය වරින් වර උත්සන්න වෙමින් නැවත යටපත් වෙමින් ඉදිරියට යමින් තිබෙනවා. මේ ගැටුමේ සෘජු පාර්ශ්ව කිහිපයක් එළිපිට දකින්න පිළිවන්. නිසැක ව ම ඊශ‍්‍රායලය, පලස්තීනය, පලස්තීනයේ ගාසා තීරයේ සිට ක‍්‍රියාත්මක වන හමාස් සටන්කාමී සංවිධානය, ලෙබනනය මූලස්ථානය කොටගත් හිස්බුල්ලා සටන් සංවිධානය, යේමනයේ හූති සටන්කරුවන්, ඉරාකයේ සිට ක‍්‍රියාත්මක වන ඉස්ලාමීය සටන් කණ්ඩායම් ප‍්‍රධාන පාර්ශ්ව අතර දකින්න පිළිවන්. ඒ සමග ම මේ පාර්ශ්ව සඳහා විශේෂයෙන් ම හූති, හිස්බුල්ලා, හමාස් සටන්කරුවන්ට අරමුදල් හා ආයුධ සැපයීම, අවි පුහුණුව, තාක්ෂණය, බුද්ධි තොරුතුරු සැපයීම සම්බන්ධයෙන් ඉරානයයි චෝදනා ලැබ තිබෙන්නේ. එය සනාථ කිරීමට සාක්ෂි තිබෙනවා. ඔවුන් ඉරානයේ සහය ලබන කණ්ඩායම්. ඒ නිසා ඉරානයත් නිසැක ව ම මේ ගැටුමේ පාර්ශ්වකරුවෙක්. මේ දීර්ඝකාලීන ගැටුමේ අලූත් අවස්ථාවක් උදා වනවා 2023 ඔක්තෝබර් 07 දින උදේ කාලයේ ගාසා තීරයේ සිට ක‍්‍රියාත්මක වූ, හමාස් සටන්කරුවන් රොකට් 1000කට වැඩි සංඛ්‍යාවක් උපයෝගි කරගනිමින් දේශසීමාව හරහා ඊශ‍්‍රායලයට එල්ල කළ, බටහිර මාධ්‍ය හඳුන්වන විදිහට අනපේක්ෂිත, මවිතකර ප‍්‍රහාරය සමග. මේ ප‍්‍රහාරයේදී දහස් සංඛ්‍යාත පිරිසක් මිය ගියා. 200කට ආසන්න ඊශ‍්‍රායල් වැසියන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට ගෙන ගියා. ඒ සමග ම ඊශ‍්‍රායලයේ ඉතා බියකරු දැවැන්ත ප‍්‍රතිප‍්‍රහාරය ආරම්භ වුණා. එය නතර වීමක් නැති ව ඉදිරියට යමින් තිබෙනවා තව තවත් පාර්ශ්ව ගැටුමට ඈදා ගනිමින්.
‘හමාස්’ යන්න ඉංග‍්‍රීසි භාෂාවෙන් හඳුන්වනවා ‘Islamic Resistance Movement’ ලෙස. එනම් ‘ඉස්ලාමීය විරෝධතා ව්‍යාපාරය’. ‘හමාස්’ යන වචනය අරාබි භාෂාවෙන් අර්ථවත් වන්නේ ‘අප‍්‍රතිහත ධෛර්යය’ යන අදහසින්. හමාස් සංවිධානය උපත ලබන 1987දී පලස්තීනයේ ජනයා අතරින් පැනනගිනවා ඊශ‍්‍රායල් ආධිපත්‍යයට එරෙහි ව්‍යාපාරයක්. එය හැඳින්වෙන්නේ ‘ඉන්ටිෆාඩා’ නමින්. මේ ව්‍යාපාරයේ අවස්ථා දෙකක් තිබෙනවා. එ්, ඉන්ටිෆාඩා 1 සහ ඉන්ටිෆාඩා 2 යනුවෙන්. ඉන්ටිෆාඩා 1ට මද කලකට පසුවයි හමාස් සංවිධානය උපත ලබන්නේ. එය බිහි කිරීමට නායකත්වය ගත්තේ ශේක් අහමඞ් යාසීන්. ඔහු බිහි කළ හමාස් සටන් ව්‍යාපාරය අද මැදපෙරදිග කලාපයේ මිලිටරි සහ දේශපාලන බලයක් බවට පත් ව තිබෙනවා. ශේක් අහමඞ් යාසීන් මේ වසරේ මාර්තු 22 දින ඝාතනයට ලක්වුණා. ඔහු ආරම්භ කළ හමාස් ව්‍යාපාරයේ ප‍්‍රධාන අරමුණ වන්නේ පලස්තීන ජනයා සඳහා මැදපෙරදිග කලාපයේ මධ්‍යධරණී මුහුදේ සිට ඊශ‍්‍රායලයත් ඇතුළු භූමි භාගයක ස්වාධීන රාජ්‍යයක් ස්ථාපනය කිරීම. හමාස්වරු ඊශ‍්‍රායලයේ පැවැත්ම පිළිගන්නේ නැහැ. ඔවුන්ගේ එක් අධිෂ්ඨානයක් වන්නේ ඊශ‍්‍රායලය විනාශ කිරීම. මෙය කොයිතරම් ප‍්‍රායෝගික ද යන්න බලවත් ගැටලූවක්. මැදපෙරදිග ගැටුමේ ඇතැම් පාර්ශ්වකරුවන් කලක් ඉතා බලවත් තැනක සිටි ප‍්‍රධානම සටන් කණ්ඩායමක් වන පලස්තීන විමුක්ති සංවිධානය මුලදී ‘ඊශ‍්‍රායලය විනාශ කළ යුතු ය’ යන ස්ථාවරයේ සිටියත් පසුව එය වෙනස් කළා විශේෂයෙන් 1993දී ඔස්ලෝ සාම සම්මුතිය අත්සන් තැබීමෙන් පසු. නමුත් තවමත් හමාස්වරු ඊශ‍්‍රායලයේ පැවැත්ම පිළිගන්නේ නැහැ. ඔවුන් 1987දී බිහිවීමෙන් අනතුරු ව කෙමෙන් ඉරානයේ සහය ඇති ව බලවත් දේශපාලන සහ මිලිටරි බලයක් ලෙස වර්ධනය වන්නට පටන් ගත්තා. ඔවුන්ට වෙන ම මිලිටරි අංශයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ඉස් අල් ඞීන් අල් කොසම්’ නමින්. මේ සටන් බලකායේ 25000ක් 30000ක් පමණ සිටින බවයි බටහිර මාධ්‍ය වාර්තාවලින් කියැවෙන්නේ. 2023 ඔක්තෝබර් 07 දින ඊශ‍්‍රායලයට කළ ඒ දැවැන්ත අනපේක්ෂිත බියකරු ප‍්‍රහාරය සැලසුම් කළේ හමාස් සංවිධානය. හමාස්වරු කෙමෙන් බලවත් ව 2006දී පලස්තීනයේ පැවැති මැතිවරණයට තරග කර, ගාසා තීරයේදී වැඩි ඡුන්ද සංඛ්‍යාවක් හිමි කරගෙන, ඉන්පසු අවුරුද්දේ එනම් 2007දී ගාසා තීරයේ පාලනය ෆාටා සංවිධානය සමග ගැටුමකින් පසු තමන් අතට ගන්නවා. එදා සිට අද දක්වා ගාසා තීරය පාලනය කරන්නේ හමාස් කණ්ඩායම. ගාසා තීරය පලස්තීනයට අයත් කුඩා බිම්කඩක්. එහි පළල කිලෝමීටර් 10යි, දිග කිලෝමීටර් 41යි. මේ කුඩා බිම්කඬේ මිලියන 22ක ජනගහනයක් සිරවී සිටිනවා. එය ලෝකයේ වැඩි ම ජන ඝනත්වයක් සහිත ප‍්‍රදේශයක්. එහි සිටයි හමාස්වරු ඊශ‍්‍රායලයට වරින් වර ප‍්‍රහාර එල්ල කරන්නේ. ඝාතන සිදු කරන්නේ. ඊශ‍්‍රායලය තුන් වරක් පමණ හමාස්වරුන් සමග බියකරු යුද්ධයක යෙදුණා හමාස් සංවිධානය මුළුමනින් ම විනාශ කිරීමේ පරමාර්ථය ඇති ව. නමුත් එය තව ම සාර්ථක වී නැහැ. හමාස්වරු 2023 ඔක්තෝබර් 07 දින කළ ප‍්‍රහාරයෙන් පසුව ඊශ‍්‍රායලය ආරම්භ කළ ප‍්‍රතිප‍්‍රහාරයේදී සැලකිය යුතු පසුබෑමකට ලක්වී තිබෙනවා. ඔවුන්ගේ සටන් බලය දුබල වී තිබෙනවා. මෑත කාලයේදී ඔවුන්ගේ මුල් පෙළේ නායකයන් සහ මිතුරන් ගණනාවක් මරණයට පත්වී තිබෙනවා. එම ප‍්‍රධාන පෙළේ නායකයන් අතර කැපී පෙනෙනවා 2024 සැප්තැම්බර් 28 දින ඝාතනයට ලක්වුණු හමාස් සංවිධානයේ නායක හසන් නස්රල්ලා, ඔක්තෝබර් 17 දින ඝාතනයට ලක්වුණු හමාස් හිතවාදී හිස්බුල්ලා සංවිධානයේ මෙහෙයුම් මණ්ඩලයේ සභාපති යහියා සින්වාර්. ඊට පෙර 2024 ජූලි 31 දින හමාස් ව්‍යාපාරයේ මෙහෙයුම් මණ්ඩලයේ සභාපතිවරයා ඉස්මායිල් හානියේ ඉරානයේ ටෙහෙරාන් නුවර ගොඩනැගිල්ලක ආගන්තුක නිවාසයක සිටියදී ඊශ‍්‍රායල ප‍්‍රහාරයකට ලක් ව මරණයට පත්වෙනවා. මෙය ඉරානය බලවත් සේ කෝපයට පත් කළ කාරණයක්. මන්ද ඉරානයේ හදවතට ම පැමිණ තමන්ගේ සගයකු ඝාතනය කිරීම හේතුවෙන්.
මේ ඝාතන නිසා ඊශ‍්‍රායලය විශ්වාස කරනවා හමාස් සංවිධානයට ඉක්මනින් නැගී සිටින්නට නොහැකි වනු ඇතැයි කියා. ඊශ‍්‍රායලය මේ සටන ආරම්භ කළේ හමාස් ව්‍යාපාරය සමූල ඝාතනය කිරීමේ අරමුණෙන්. ආරම්භ කළ එම යුද මෙහෙයුමේදී මේ දක්වා ගාසා තීරයේ සිදු ව ඇති මරණ සංඛ්‍යාව පමණක් 44000ක්. එයින් අඩක් ම ස්ත‍්‍රීන් සහ ළමයින්. ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කරනවා හමාස් ව්‍යාපාරයට අයිති සටන්කරුන් 17000ක් පමණ ඝාතනය කළ බව. නමුත් බටහිර මාධ්‍යවල ගණන් බැලීම අනුව නම් සටන්කරුවන් මියගොස් ඇත්තේ 8000ක් පමණ. ඊශ‍්‍රායල් ප‍්‍රහාර හමුවේ හමාස් ශක්තිය දුබල වී ඇතත් ධෛර්යය බොහෝ සෙයින් අඩාල වී ඇතත් හමාස් සංවිධානය මුළුමනින් අතුගා දමන්නට ඊශ‍්‍රායලයට තව ම හැකිවී නැහැ. එය කරන්නට හැකිවේ දැයි කියන්නටත් බැහැ, මින් පෙර ගත් එවැනි උත්සාහ අසාර්ථක වී තිබෙන නිසා.
දෙවැනි ලෝක යුද සමයේදී හිට්ලර්ගේ විසඳුමක් තිබුණා යුදෙව්වන් විනාශ කිරීමට. ඔහුගේ උපායමාර්ගික උපදේශකවරු එය හැඳින්වූයේ ‘අවසන් විසඳුම‘ (The final Solution) ලෙස. ඒ තමයි සියලූ යුදෙව්වන් ඝාතනය කිරීම. එවැනි පිළිවෙතක් තමයි දැන් ඊශ‍්‍රායලය අනුගමනය කරමින් සිටින්නේ, හමාස් සංවිධානය අරභයා. මේ සටන ඊශ‍්‍රායලය අපේක්ෂා කරන මට්ටමෙන් සාර්ථක වේද? යන්න අද බරපතළ සැකයක් වී තිබෙනවා. ඊශ‍්‍රායලයට සහය දක්වන බටහිර කඳවුරේ රාජ්‍ය පවා මේ සැකය එළිපිට ප‍්‍රකාශ කරන්නට පටන් අරන්. බටහිර රටවල් හමාස් සංවිධානය නම් කර තිබෙනවා, ‘ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක්’ ලෙස. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, කැනඩාව, ජපානය කවදත් ඊශ‍්‍රායලයට හිතවත් ඊශ‍්‍රායලයට
ආධාර, අරමුදල්, ආයුධ සපයන රාජ්‍ය.
මැදපෙරදිග ගැටලූව සතුටුදායක ලෙස අවසාන සමථයකට පත්කිරීමට නම් ගැටලූවේ මුල තිබෙන ප‍්‍රශ්නය (න්‍යෂ්ටිය) ඉවත් කළ යුතුයි. එම ප‍්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතුයි. ඒ තමයි පලස්තීන ජනයාට ඔවුන්ගේ අහිමි වූ රාජ්‍යය ලබාදීම. එසේ නොකරන තාක්කල් මේ ගැටලූව නැවත නැවත උඩ යමින් යට යමින් දිගට ඇදෙන බවයි නිගමනය කළ යුත්තේ.
කාංචනා සිරිවර්ධන