පිළිකා නසන පෝෂණ අතිරේකයක්
- නිශාන්ති ධර්මප්‍රිය
කොළඹ විශ්වවිද්‍යාලයේ ඡෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය පිළිකා සඳහා ‘වර්නොලැක්’ (Vernolac) නමින් ආහාරමය පෝෂණ ප්‍රතිකාරයක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා දායක වූ වෛද්‍ය කණ්ඩායමේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මේ පිළිබඳ ව ‘දෙසතියට’ අදහස් දැක්වූයේ මෙලෙසින්)
ජානවල කුමන හෝ විකෘති තත්ත්වයක් ඇතිවීම පිළිකා රෝග තත්ත්වයක් ලෙස ගැනෙනවා. ශරීරයේ ප්‍රෝටීන සැකසෙන්නේ ජානවලින් වුවත් මෙහිදී සිදුවන්නේ ප්‍රෝටීනවල විකෘතිතා ඇතිවීම. ඇතැම් ජාන විකෘති ඇති වූ විට ඒවා ප්‍රකාශයට පත් නොවී කාලයක් ගතවත් ම ප්‍රෝටීන සැකසීම නැවතෙනවා. එහෙත් පිළිකා කාරකවලට හෝ අපගේ ශරීරයේ වෙනසක් සිදුවුවහොත් විකෘති වුණු ජාන ප්‍රකාශයට පත්වීමට පටන් ගන්නවා. එසේ වූ විට ශරීරයේ සෛල මිය යන වේගයට වඩා සැකසෙන වේගය වැඩිවීමෙන් පාලනය කිරීමේ හැකියාව නැති වන නිසා දිය යුතු වන්නේ ඒ සඳහා වෙන ම පෝෂක. රුධිරය යාම නැතිනම් විකෘති වූ සෛල නිසා සාමාන්‍ය ක්‍රියාකාරීත්වයකින් තොර අසාමාන්‍ය සෛල වර්ධනය පිළිකා ලෙස හඳුන්වනවා.
පිළිකා සුව කිරිමට ඖෂධ තිබුණත් ඒ සඳහා එක් ක්‍රමවේදයක් නැහැ. 95%ක් ම තිබෙන්නේ සංයුක්ත ප්‍රතිකාර ක්‍රමයක්. එනම් පිළිකාවක් වර්ධනය වී ගෙඩියක් වූ විට සැත්කමකින් එය ඉවත් කරනවා. ඇතැම් විට සැත්කමට පෙර පිළිකාව ඇති ස්ථානය අනුව එය කුඩා කර ගැනිීමට Chemo වැනි තෙරපිවලින් සෛල විනාශ කරනවා. සාමාන්‍යයෙන් සැත්කමකින් අනතුරුවත් බොහෝ අයට එවැනි තෙරපි කරනවා. එහිදී අතුරු ආබාධ තත්ත්ව ඇති වන්නේ ඒවා විද්‍යාගාරයක සකස් කර නිෂ්පාදන මට්ටමට රැගෙන එන නිසා. එවැනි සින්තටික් ඖෂධවල අතුරු ආබාධ ඇතිවීමේ සම්භාවිතාව පවතින්නේ ඉහළ මට්ටමක නිසා බොහෝ අතුරු ආබාධ ඇති වන්නට පුළුවන්. හිසකෙස් ගැළවී යාම එහි ප්‍රතිඵලයක්. එහෙත් ස්වාභාවික සංයෝගවල ඇති වෙනස්කම නම් බොහෝ විට අතුරු ආබාධ ඉතා අඩු වීම. එලෙස අතුරු ආබාධ ඇති නොවන්නේ සංශ්ලේෂණයේදී අමතර සංයෝග නොසෑදෙන නිසා.
පිළිකා සඳහා ලෝකයේ බොහෝ ඖෂධ සොයාගෙන ඇත්තේ ශාක ආශ්රයෙන් වුවත් එම ඖෂධ සැකසෙන්නේ කෘත්‍රිම ලෙස. ශාක ආශ්රයෙන් ඖෂධ නිපදවීමේදී වගා කිරීමට සිදුවීමෙන් විියදම අධික වන නිසා කෘත්‍රීම ව සැකසීමෙන් අඩු මිලට රෝගියාට ඖෂධ දිය හැකි වීමයි එයට හේතුව. එහෙත් පිළිකා ඖෂධ මිල අධික වෙනවා.
අප කණ්ඩායම පිළිකා රෝගයට එරෙහි ව සොයා ගත් ඖෂධය සකස් කළේ ශාක වර්ග පහක කොටස් අන්තර්ගත කර නිස්සාරිත කිරීමෙන්. එම ශාක වර්ග වෙන් වෙන් වශයෙන් ගෙන ඒවායේ අඩංගු සංයෝග මොනවාද යන්න වසර 12-14ක් පමණ පර්යේෂණ කළා. එහිදී වෙන වෙන ම විවිිධ පිළිකා වර්ග සඳහා විවිධ සතුන් යොදා ගනිමින් පර්යේෂණ කර ඒවා විස සහිත නොවන බවත් හඳුනා ගත්තා. ඊට අමතර ව පාරම්පරික ව භාවිත කරන ලද ඖෂධත් ඊට ඇතුළත්.
ශ්‍රී ලංකාව, චීනය වැනි රටවල සාක්ෂි මත පදනම් වූ ඖෂධ ලෙස එනම් දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමෙන් ප්රත්යක්ෂ වූ ඖෂධ ලෙස ඒවා හඳුන්වනවා. වර්නොලැක්’ (Vernolac) නමින් මේ ආහාරමය පෝෂණය අප හඳුන්වා දුන්නේ එම සංකල්ප යොදා ගනිමින්. පෝෂණ අතිරේකයක් ලෙස ආයුර්වෙිද සභාවෙි අනුමැතියකින් අනතුරුවයි එම ඖෂධය රෝගීන් සඳහා ලබාදීම සුදුසු බවට තීරණය කළේ.
දැනට 1500කට අධික පිළිකා රෝගීන් මේ පෝෂණ ප්‍රතිකාරය ලබා ගන්නවා. ලැබී ඇති සක්ෂි හා තොරතුරු අනුව මෙය සුදුසු බව සනාථ වී තිබෙන්නේ වයස අවුරුදු 18ට වඩා වැඩි රෝගීන්ට. එහෙත් ගැබිණි මව්වරුන්ට මේ ඖෂධය සුදුසු නැහැ. දැනට ඖෂධය ලබා ගත් රෝගීන්ගෙන් තහවුරු වී ඇත්තේ මේ ප්‍රතිකාරය නිසා සෞඛ්‍ය තත්ත්වය යහපත් වන බව. එහි අඩංගු ප්රතිඔක්සයිඩ් (Anti oxide) නිසා පිළිකා කාරකයකින් අක්මාව ආරක්ෂා කරන රසායනික මෙන් ම වකුගඩු හොඳින් ක්‍රීයාකාරී වීම සඳහා අවශ්‍ය රසායනික දාව්‍ය තිබෙනවා. ශරීරයේ තුවාල සුව වීම සඳහා අවශ්‍ය රසායනික ආදියත් තිබෙන නිසයි මෙය පෝෂණ අතිරේකයක් ලෙස හඳුන්වන්නේ.
තනි සෛලයකින් පිළිකා විනාශ කිරීමේදී නැතිනමි සින්තටික් සංයෝගයකින් පිළිකා මිය යාමට සැලැස්වීමේදී වැඩි මාත්‍රාවක් දීමට සිදුවීමෙන් අතුරු ආබාධ ඇති වන්නට පුළුවන්. වර්නොලැක්’ ප්‍රතිකාර ඖෂධය තුළ ස්වභාවික පිළිකා කාරක එරෙහි සංයෝග 15කට අධික ව පවතිනවා. මේ සියල්ලේ ම එකතුව හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති එක් එක් සෛලවල සංඥා මාධ්‍ය ක්‍රියාකිරීමට සැලැස්වීම ඔස්සේ පිළිකා සෛලවලට පහරදීම නැතිනම් එරෙහි ව ක්‍රියා කිරිමට සලස්වනවා. මෙලෙසින් ජාන වෙනස්වීම සිදු වන්නේ කෙසේ ද? ජානවල ප්රකාශනය වෙනස් වන්නේ කෙසේ ද? ආදී වශයෙන් එකිනෙක අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි එහි සාර්ථකභාවය තීරණය කෙරෙන්නේ.
පිළිකාවට එරෙහි ව මේ ප්‍රතිකාර ක්‍රමය සොයා ගැනීමේදී මුහුණදුන් ප්රමුඛ අභියෝගයක් වන්නේ පරීක්ෂණ අවසන් කිරීමට හෝ එය යම් මට්ටමට ගෙන ඒම සඳහා විශාල මුදලක් මෙන් ම කාලයක් වැය වීම. අවශ්‍ය නිෂ්පාදනය කිරීමට ආයතනයක් සොයා ගැනීමත් අභියෝගයක් වුණා.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛද්‍යවරුන් වෙත තම පිළිකා රෝගයේ ස්වභාවය ආදී තොරතුරු ලබා දී මේ පෝෂණ ප්‍රතිකාරය ලබා ගන්නට රෝගීන්ට හැකියාව තිබෙනවා. පිළිකාවක් ඇති වේ යැයි අවදානමක් ඇති අයකුට වුවත් මෙය ආරක්ෂිත ප්‍රතිකාරයක්. සමාජ මාධ්‍ය ඔස්සේ දුරකතන අංක ඇතුළත් කර මේ පිළිබඳ තොරතුරු ලබා දී තිබෙන්නේ නිෂ්පාදනයේ වගකීම පිළිබඳ උපරිමයෙන් ක්‍රියා කළ යුතු බැවින්. පෝෂණ ප්‍රතිකාරය වෙනත් ස්ථානවලින් ලබා ගන්නට බැහැ.
රෝගය සඳහා කරන අනෙකුත් ප්‍රතිකාර අතරතුර මෙය ලබා ගන්නට පුළුවන්. එහෙත් Chemo වැනි තෙරපි කරන විට මෙය ලබා නොගත යුත්තේ වෙනත් අතුරුඵල ඇති වේ යැයි අනුමාන කරන නිසා. එහෙත් පෝෂණ ප්‍රතිකාරය ගත් රෝගීන් කිසිවකුට මේ දක්වා ගැටලුවක් ඇති වී නැහැ. පිළිකා රෝගයේ මුල් අවස්ථාවේ පෝෂණ ප්‍රතිකාරය ලබා ගැනිමයි වඩාත් සුදුසු. ඒ, මුල් ප්රතිකාරවලින් පසුව නැවතත් රෝගය වැළඳේ ද යන බිය ඇතිවීම මේ ප්‍රතිකාරයෙන් ඇති නොවන නිසා. පිළිකා රෝගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටිින අයකුට ශරීරයේ සෞඛ්‍ය මටිටමේ වර්ධනයක් හෝ වෙිදනාකාරී බවෙි අඩුවක් හෝ මේ ප්‍රතිකාරයෙන් ඇති වන බවට තහවුරු වී තිබෙනවා. තවදුරටත් මේ පිළිබඳ පර්යේෂණ සිදු කර පෝෂණ ප්‍රතිකාරය විදේශ වෙළෙඳපොළ වෙත යොමු කිරීමත් ඉදිරි අපේක්ෂාවක්.