පාරිසරික භාරකාරත්වයේ උරුමය සහතික කළ යුත්තක්
දේශගුණික විපර්යාසවල බලපෑම නිසා ගෝලීය උණුසුම ඉහළ යාම, කාලගුණ රටා වෙනස් වීම, පරිසර පද්ධතිවලට සහ කෘෂිකර්මාන්තයට වන බලපෑම, අයිස් දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම වැනි කාරණා ප්රමුඛ වනවා. දශක ගණනාවක් ඇන්ටාක්ටික් මුහුදු පතුලේ තැන්පත් ව තිබූ ලොව විශාලතම අයිස් කුට්ටිය (බි්රතාන්යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා වැඩි විශාලත්වයක්) චලනය වීම ආරම්භ වී ඇති බව නොබෝදා වාර්තා වුණා. ්23් ලෙස නම් කර ඇති මේ අයිස් කුට්ටිය ඝන මීටර් 400 (අඩි 1,312)ක් පමණ වන අතර එය වර්ග කිලෝමීටර් 4,000 (වර්ග සැතපුම් 1,544)ක් පමණ වනවා.
උෂ්ණත්ව, වර්ෂාපතන සහ සුළං රටාවේ වෙනස්වීම් කෘෂිකර්මාන්තයට සෘජු සහ වක්‍ර සෘණාත්මක බලපෑම් රාශියක් එල්ල කර ඇති අතර එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ආහාර නිෂ්පාදනය සහ ආහාර සැපයීම ලෝකය මුහුණදෙන ප්‍රධානතම අභියෝගයක් බවට පත් වීම. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපා තිබෙනවා. මේ දිනවල නකල්ස් ප්‍රදේශය ආශ්රිත ව පර්යේෂණයක නියැළෙන අප පර්යේෂණ කණ්ඩායමට දැක ගත හැකි වුණේ එම ප්‍රදේශ ආශ්රිත ව කෘෂිකාර්මික කටයුතුවල නියැළෙන ගොවියන් මුහුණදෙන ගැටලු රාශියක්. ඒ අතර යල, මහා කන්නවල වගා කෙරෙන නිශ්චිත කාල සීමා දේශගුණික වෙනස්කම් හමුවේ වෙනස් වෙමින් පවතිනවා. බොහෝ සාම්ප්‍රදායික ගොවියන් පුරුදු පුහුණු වී සිටි ආකාරයට අනාගත දේශගුණික සංසිද්ධි අනුමාන කොට සූදානම් කෙරෙන වගා කටයුතු වර්තමානය වන විට අඩාල වී ඇත්තේ ද දේශගුණික විපර්යාසවල අනිටු ප්‍රතිඵලයක් ලෙස. අප කළ පර්යේෂණ අනුව බෙන්තොට ප්‍රදේශය ආශ්රිත ව වී වගාවේ යෙදෙන ගොවියන් මුහුණදෙන එක් ප්‍රධානතම ගැටලුවක් වී ඇත්තේ ඉඩම්වලට එකතුවන ලවණ මිශ්‍රිත ජල ප්‍රමාණය ඉහළ යාම. මේ නිසා ජල සම්පත කළමනාකරණය කිරීම අද වන විට අභියෝගයක්. ඇතැම් කලාපවල ජල හිඟය සහ අනෙක් ප්‍රදේශවල ගංවතුර අවදානම යන දෙකටම මුහුණ දීමේ ද්විත්ව අභියෝගය අප ඉදිරියේ තිබෙනවා.
දේශගුණික විපර්යාස ආර්ථිකයට ඇති කරන අයහපත් ප්‍රතිවිපාක අතර ස්වාභාවික විපත් සහ ඒවායේ තීව්‍රතාව වැඩි කිරීම කැපී පෙනෙනවා. සුළි කුණාටු, ගංවතුර, ලැව්ගිනි සහ නියඟය යටිතල පහසුකම් සඳහා එල්ල කරන බලපෑම් හමුවේ රජයේ අයවැය සහ රක්ෂණ පද්ධතිවලට බාධා ඇති කිරීම නොවැළැක්විය හැකි කරුණක්. එවිට නැවත ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණ සඳහා සැලකිය යුතු මූල්‍ය ආයෝජනයන් අවශ්‍ය වීම රටක ආර්ථිකයට කෙරෙන අනපේක්ෂිත බලපෑමක්.
උෂ්ණත්ව සහ වර්ෂාපතන රටාවේ වෙනස්වීම්වල අනිටු ප්‍රතිඵල ලෙස, අස්වැන්න අඩුවීම සහ කෘෂිකාර්මික ඵලදායිතාව ගිළිහී යාම ආහාර හිඟය, ආහාර මිල ඉහළ යාම සහ ගොවියන් සහ ඒ ආශ්රිත කර්මාන්තවල නියුතු පුද්ගලයන් සඳහා ආර්ථික අභියෝග රැසක් නිර්මාණය කරනවා. මේ නිසා ගෝලීය ආහාර සුරක්ෂිතතාව මේ වන විට විශාල අවදානමකයි පවතින්නේ.
කෘෂිකාර්මික, කර්මාන්ත සහ බලශක්ති නිෂ්පාදන ඇතුළු ජල සම්පත් මත යැපෙන කර්මාන්තවලට බලපාන ජල හිඟය තීරණාත්මක ගැටලුවක්. වර්ෂාපතන රටාවේ වෙනස්වීම් ජලය සඳහා තරගකාරිත්වය තීව්ර කරන අතර ජල සම්පත් හිඟය තිරසර සංවර්ධනයට අභියෝග එල්ල කරනවා පමණක් නොව පවතින ආර්ථික අපහසුතා තවත් උග්‍ර කරනවා.
මුහුදු මට්ටම ඉහළ යාම වෙරළබඩ ප්‍රදේශවලට සහ පහත් දූපත්වලට සෘජු තර්ජනයක්. ජනගහනය අවතැන් වීම, දේපල අහිමි වීම සහ යටිතල පහසුකම්වලට හානි කිරීම පවතින්නේ වැඩි අවදානමක. මෙවැනි පසුබිමක ප්‍රජාව නැවත ස්ථානගත කිරීම සහ වෙරළබඩ ප්‍රදේශ නැවත ගොඩනැගීම සම්බන්ධ ආර්ථික පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ යාම වළක්වන්නට බැහැ.
දේශගුණික විපර්යාස මිනිස් සෞඛ්‍යයට ද සෘජු බලපෑම් ඇති කරන නිසා සෞඛ්‍ය සේවා පිරිවැය වැඩිවීම, සේවක ඵලදායිතාව අඩුවීම සහ සංචාරක ව්‍යාපාරය වැනි ප්‍රධාන අංශවලට ඇති විය හැකි බාධා ආර්ථික ප්‍රතිවිපාක බවට පත් වනවා. බලශක්ති ක්ෂේත්රය දේශගුණය සම්බන්ධ අභියෝගවලින් නිදහස් වන්නේ නැහැ. දේශගුණික විපර්යාස බලාගාරවල කාර්යක්ෂමතාව අඩාල කරන අතර එය බලශක්ති නිෂ්පාදනය අඩාල වී පිරිවැය වැඩි වීමට හේතුවක්. මේ නිසා දේශගුණික විපර්යාසවල බලපෑම්වලට අනුගත වෙමින් වර්ධනය වන බලශක්ති ඉල්ලුම සපුරාලීමේ ද්විත්ව අභියෝගය සමග බලශක්ති කර්මාන්තය පොරබැදිය යුතු වනවා.
දේශගුණය ආශ්රිත සිදුවීම් සහ ඒවායේ තීව්ර බව රක්ෂණ පිරිවැය ඉහළ නංවන අතර දේශගුණික විපර්යාස සමග සම්බන්ධිත අවදානම් තක්සේරු කිරීමේ සහ මිලකරණයේ සංකීර්ණතා ඔස්සේ බරපතළ ආර්ථික අවපාතයට ඇඳ දමන්නේ රක්ෂණකරුවන් සහ ව්‍යාපාර. අවදානම් කළමනාකරණය සහ නව ආර්ථික අනුවර්තන සඳහා නව්‍ය ප්‍රවේශ අවශ්‍ය බව අද වන විට පසක් වී අවසන්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා අත්‍යාවශ්‍ය සැපයුම් දාම දේශගුණය සම්බන්ධ බාධාවලට ගොදුරු වී තිබෙනවා. කුණාටු, ගංවතුර, ලැව්ගිනි සහ අනෙකුත් ස්වාභාවික සංසිද්ධි ඒවාට බාධා ඇති කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර සඳහා පිරිවැය ඉහළ යාම සහ ආර්ථික පසුබෑම් ඇති වීම පෙන්වා දෙන්නට පුළුවන්. සැපයුම් දාමවලට ඔරොත්තු දීමේ හැකියාව ලොව කර්මාන්ත සඳහා තීරණාත්මක අභියෝගයක්. දේශගුණික වෙනස්කම් සහ ඒ ආශ්රිත විපත් නිසා ඇතිවන සංක්‍රමණ සහ අවතැන් වීම් ආර්ථිකයට අභියෝග එල්ල කරනවා. මේ නිසා ජනගහන සංක්‍රමණ සමග ඇති වන සමාජීය හා ආර්ථික කඩාවැටීම්වල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන සංකීර්ණ ගැටලු විසඳීමට ගෝලීය, කලාපීය, සහ ජාතික මට්ටමේ සහයෝගිත් ව වැඩපිළිවෙළ අවශ්‍ය වනවා. එනම් වැදගත් වන්නේ ගෝලීය ආර්ථික පද්ධතිවල අන්තර් සම්බන්ධතාව සහ දේශගුණය ආශ්රිත මානව බලපෑම් කළමනාකරණය සඳහා පුළුල් උපාය මාර්ග.
දේශගුණික විපර්යාස සම්බන්ධ ව ජාත්‍යන්තර මට්ටමෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එළැඹ ඇති ගිවිසුම් මෙහිදී ඉතා වැදගත්. පැරිස් ගිවිසුමට අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීම ප්‍රධානතම අරමුණක් නිසා ගිවිසුමේ පාර්ශ්වකරුවන් වන රටවල් ඔවුන්ගේ දේශගුණික ක්‍රියාකාරී සැලසුම් සහ විමෝචනය අඩු කිරීමේ ඉලක්ක ගෙනහැර දක්වා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (ඹබසඑැා භ්එසදබි ත්ර්පැඅදරන ක්‍දබඩැබඑසදබ දබ ක්කසප්එැ ක්‍ය්බටැ – ඹභත්ක්ක්ක්* ‘සහ පාර්ශ්වකාර රටවල ඣඡ (ක්දබfැරුබජැ දf ඡ්රඑසැි-) දේශගුණ විපර්යාස සමුළුව (Сකසප්එැ Сය්බටැ Сදබfැරුබජැ) තවත් ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක්. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ විධායක ලේකම් සයිමන් ස්ටීල් ඣඡ 28 සමුළුව සමාරම්භක දේශනයේදී වෙනස්වන දේශගුණයේ ප්‍රතිඵල තීව්ර බව පෙන්වා දෙමින් පවසා සිටියේ “අප දන්නා පරිදි මේ පොසිල ඉන්ධන යුගයේ පරිහානිය අප නිසි ලෙස සන්නිවේදනය නොකරන්නේ නම්, අපගේ ම පරිහානිය අපි සාදරයෙන් පිළිගනිමු. අපි මිනිසුන්ගේ ජීවිතවලින් ගෙවීමට තීරණය කරමු” යනුවෙන්. හරිත දේශගුණික අරමුදල (ඨරුැබ Сකසප්එැ ත්මබා ) දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යාපෘති, වැඩසටහන්, ප්‍රතිපත්ති සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා සහාය වනවා. අඩු විමෝචනය සහ දේශගුණයට ඔරොත්තු දෙන සංවර්ධනය සඳහා වන ඔවුන්ගේ උත්සාහය සඳහා මේ රටවලට සහාය වීමයි එහි අරමුණ.
ශ්‍රී ලංකාව වැනි රටක දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම ආර්ථික, ප්‍රතිපත්තිමය සහ සමාජීය ක්‍රියාමාර්ගවල එකතුවක්. පුනර්ජනනීය බලශක්ති ආයෝජනය, කෘෂි වන වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජාතික දේශගුණික ක්‍රියාකාරී සැලසුම් සැකසීම, නාගරික සැලසුම්කරණය, ප්‍රජා-පාදක අනුවර්තනය යටතේ තිරසර කෘෂිකාර්මික පිළිවෙත්, ජල කළමනාකරණ ව්‍යාපෘති සහ ප්‍රජා පාදක ආපදා අවදානම් අවම කිරීම, අධ්‍යාපනය සහ දැනුවත් කිරීම ඊට අයත්. දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම සඳහා සම්පත් සහ ප්‍රවීණත්වය එක්රැස් කිරීම සඳහා පළාත් පාලන ආයතන බොහෝ විට රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාපාර සහ ප්‍රජා කණ්ඩායම් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත්.
මේ නිසා සාමුහික වගකීම පිළිබඳ සාමුහික විඥානය පෝෂණය කිරීමෙන්, ඉදිරි පරම්පරාව සඳහා පාරිසරික භාරකාරත්වයේ උරුමය සහතික කිරීමට එක් ව ක්‍රියා කළ යුතු කාලයයි දැන් එළඹ තිබෙන්නේ.