#ආර්ථික

අලු‍ත් අහස්යාත්‍රාව

  • කටු

ජාතික ගුවන් සේවයක ඇණියට පුළුල් බඳ සහිත ගුවන් යානා (Widebody Aμrcraft) වැඩිපුර තිබෙන තරමට සාර්ථක, සුවපහසු සහ පුළුල් අන්තර්ජාතික මගී ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම පහසු වනවා. 4R-ALT ලියාපදිංචිය සහිත Air Bus-A330-200 යානය කටුනායක ගුවන්තොටට සේන්දු වුණේ මේ අව්‍යශතාව නිසා.


ප්‍රංශයේ පැරිස් නුවර සිට පැමිණි මේ ගුවන් යානය කොළඹ වෙරළ තීරය දිගේ පියාසර උස අඩි 1,500ක් පමණ වන අඩු උන්නතාංශයක, වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා ද කටුනායක ගුවන්තොටුපොළ ප්‍රදේශය හරහා ද ගොඩබෑමට පෙර ගුවන් පාලමක් නිරූපණය කරමින් (Flyover) ගුවන් සේවා ලෝලීන්ට සහ මහජනතාවට ආස්වාදනීය අවස්ථාවක් උදා කළා. ගුවන් තොටේදී සාම්ප්‍රදායානුකූල ව යානය පිළිගැනුණේ ජල ආචාරයෙන් (Ceremonial Water Salute).


මේ අලු ත් සාමාජිකයා ද සමග ශ්‍රී ලංකන් ගුවන් යානා පවුල යානා 23ක් දක්වා වර්ධනය වනවා. ඒ, පුළුල් බඳ සහිත යානා 10ක් සහ පටු බඳ සහිත යානා 13ක් වශයෙන්. මේ වසර අවසන් වීමට මත්තෙන් තවත් අලු ත් සමාජිකයන් දෙදෙනකුවත් එකතු කර ගැනීමටයි ’ශ්‍රී ලන්කන්’ බලාපොරොත්තුව.


මේ අනුව පෙනී යන්නේ බිම දිගේ ඇදී ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවය තිරසර ලාභදායිතාවකුත් ආරක්ෂිත අනාගතයකුත් කරා ඉහළට පියාසර කරවන්නට රජයට තිබෙන ඕනෑකම. ලොව ආර්ථික සහ අන්තර්ජාතික සබඳතා අතින් සමෘද්ධිමත් රටකට මෙවැනි ගුවන් යානයක් පොඩි දෙයක් වුණාට බංකොලොත් ව තිබී නැංවෙන රටකට එවැන්නක් ලොකු දෙයක්.


(http://www.srilankan.com)