ස්ත්‍රීවාදයේ උත්කර්ෂය ගැහැනු ළමයි

- කථිකාචාර්ය – මනිෂ දුක්ගන්නාරාළ
ආචාර්ය සුමිත්‍රා පීරිස් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය පසුගියදා කෑන්ස් සිනමා උලෙළේදී තිරගත වුණා. ලාංකේය සිනමාව පිළිබඳ ලෝක අවධානය යොමු වූ මේ චිත්‍රපට ප්‍රදර්ශනය මං විවර කළේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය පිළිබඳ නැවත සමාජ කතිකාවකට.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සුප්පා දේවිය ද නෝර්වේජියානු ජාතික නාට්‍යකරුවකු වූ හෙන්රික් ඉබ්සන්ගේ නෝරා ද සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ කුසුමා ද අන්ත තුනක සිට එහෙත් එකට කියවීම වැදගත්. විශේෂයෙන් ලාංකෙය් සිනමාවේ ස්ත්‍රී වාදය උතක් ර්ෂයට නැංවූ සිනමා අධ්‍යක්ෂවරිය ලෙස සුමිත්‍රා පීරිස් යම් සමාජ කතිකාවක් ඇති කළා. ස්ත්‍රීවාදය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී එම විෂය පථෙයහි ද යම් ප්‍රභේද හඳුනා ගන්නට පුළුවන්.
මාක්ස්වාදී ස්ත්‍රීවාදය පිළිබඳ අදහස උත්කර්ෂයට නැංවූ රචකයන් අතර සිටින Frigga Haug මාක්ස්වාදී ස්ත්‍රීවාදයේ ඉදිරි දැක්ම, එහි අඩුපාඩු හා දුර්වලතා පිළිබඳ රචනා කරමින් මෙසේ පවසා තිබෙනවා. “මාක්ස්වාදී ස්ත්‍රීවාදය අරමුණු කරන්නේ
සමාජවාදී පරිවර්තනයේ කොටසක් ලෙස පීතෘමූලික ස්ත්‍රී පුරුෂ සබඳතා මුලිනුපුටා දැමීමට උත්සාහ කරමින් ස්ත්‍රීවාදී විප්ලවය
මාක්ස්වාදයට සමපාත කිරීම ය. එය එක්තරා ආකාරයකට පුරුෂෝත්තම සමාජය ප්‍රශ්න කිරීමත් පුරුෂාධිපත්‍යය යටත් කරමින්
දිනෙන් දින නැගෙන ස්ත්‍රීවාදී සංකල්පය උත්කර්ෂයකට නැංවීමත් වැනි ය.” ගැහැනු ළමයි චිත්‍රපටයේ කුසුමාගේ චරිතය ඔස්සේ එක්තරා ආකාරයකට ගම්‍ය වන්නේ යට කී ස්ත්‍රීවාදයේ අධිපතිවාදී තත්ත්වය.
නිමල් ගොඩනගා ගැනීමට උත්සාහ කරන ප්‍රේමනීය ලෝකය මනෝරාජ්‍යයක් බවට පත් කරමින් කුසුම් විසින් ගොඩනඟන
ප්‍රතිතර්ක පීතෘමූලික ස්ත්‍රී පුරුෂ සබඳතා මුලිනුපුටා දැමීමක්. “අපි යමුද ඇවිදින්න” යැයි නිමල් අසන ප්‍රශ්නයට උත්තර දෙමින් “මට ඔයා ව සැකයි. මට අවිශ්වාසයි. මම ඔයාට බයයි.” යැයි පවසන කුසුමාගේ වචනවල ගම්‍යාර්ථය කුමක් ද? තම ඥාති සහෝදරයා වූ නිමල් එක් පසෙකින් ලේ ඥාතිත්වයත් අනෙක් පසින් ඇයගේ ප්‍රේමවන්තයා වීමෙන් ඇතිවන සම්බන්ධයත් යන දෙක ම ප්‍රශ්න කිරීම අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ටිවාදය තේරුම් ගැනීමට උපකාරී වන්නක්. පුරුෂාධිපත්‍යය ඓතිහාසික
පන්ති සබඳතාවල ප්‍රාථමික ම අවස්ථාව බවට කාල් මාක්ස් සහ එංගල්ස් තර්ක කරනවා.
ඒ පිළිබඳ ව දීර්ඝ වශ්‍යයෙන් 1970 ගණන්වල ස්ත්‍රීවාදී සහ මාක්ස්වාදී අධ්‍යයන කවවල ඇති වූ මේ සාකච්ඡාව වර්ධනය වුණේ යම් මත විමර්ශනාත්මක අධ්‍යයන ක්‍රියාවලියක් ඔස්සේ. මාක්ස්වාදී ස්ත්‍රීවාදය යන්න පුළුල් ව විග්‍රහ කර බැලීමේදී අවබෝධ කර ගත හැක්කේ සම්ප්‍රදායික මාක්ස්වාදයෙන් වෙන්වීම සහ කාන්තා පීඩනයට මාක්ස්වාදී ප්‍රවේශය යෙදීම පිළිබඳ අරගල සහ පර්යේෂණ ක්‍රම නැවත අර්ථ දැක්වීම.
එක්තරා රාත්‍රියක නිමල් කුසුමා සොයා පැමිණෙනවා. එහිදී “කරුණාකරලා මෙතැනින් යන්න. වටපිටාවේ කවුරුවත් දැක්කොත් හොඳ නෑ. මම ගැනියක්නේ.” යන ප්‍රකාශය එක්තරා ආකාරයකට ස්ත්‍රී චින්තනය ප්‍රශ්න කිරීමක්. එම ප්‍රකාශය
ස්ත්‍රීවාදී තීක්ෂණ බුද්ධිය, මාක්ස්වාදය නව්‍යකරණයට ලක් කිරීමෙන් ඉදිරියට ගෙන යෑමට මැදිහත්වීමක් ඔස්සේ
නොඑසේනම් විමර්ශනාත්මක ස්ත්‍රීවාදී කටයුතු නැවත සංකල්පනය කරන මැදිහත්වීම් ඔස්සේ ඉදිරියට යනවා.
ග්‍රාම්‍ය දුප්පත් පවුලක ඉපදුණ ද කුසුමා තම නැගණියට වඩා විමර්ශනාත්මක දෘෂ්ටියකින් ප්‍රේමයත් සමාජ සම්බන්ධතාත්
ඥාතිත්වයත් දෙස බැලීම පිරිමියකුගේ බසකට රැවටී ගැබ් ගන්නා සිය නැගණියගේ පසුගාමී ස්ත්‍රී චින්තනය දැඩි ව ප්‍රශ්න
කිරීමක්.